ඔම්ක්‍රෝන් හි රෝග ලක්ෂණ අඩු නම් ඒ ගැන කරදර විය යුතු නැද්ද?

February 14, 2022
9,535
What are the symptoms of Omicron?
පසුගිය වසර දෙකකටත් වැඩි කාලයක් පුරා ලෝකයම පීඩා කරමින් සිටින සාර්ස් කොරෝනා වෛරසයෙ අලුත්ම ප්‍රහාරකයා ලෙස කරළියට පැමිණ තිබෙන්නේ ඔමික්‍රෝන් නමැති ප්‍රභේදයයි. මේ වන විට ලංකාවත් එහි ගොදුරක් බවට පත්ව තිබෙන අතර දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා වනවා. එමනිසා ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වීම වැදගත් වනවා..

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ රෝග ලක්ෂණ


- හොටු දියර ගැලීම
- හිසරදය
- තෙහෙට්ටුව ( සුළු හෝ තද)
- කිඹිහුම් යාම
- උගුර ආසාදනය

පර්යේශකයන් පවසන ආකාරයට ඔමික්‍රෝන් ප්‍රභේදයේ සහ ඩෙල්ටා ප්‍රභේදයේ සැලකිය යුතු වෙනස් කම් නොමැති අතර ප්‍රභේදයන් දෙකෙහිම උණ, කැස්ස සහ රස හෝ සුවඳ නොදැනීම ප්‍රධාන ලක්ෂණ ලෙස දැකිය හැකි බව පැවසෙනවා. නමුත් රසය හෝ සුවඳ නොදැනීම මේ වන විට ප්‍රධාන රෝග ලක්ෂණ අතර නොවන අතර 2021 වසරේ කොරෝනා ආසාධිත රෝගින් තුළ බහුලව දැකිය හැකි වූ එම රෝග ලක්ෂණය දැන් දැන් ක්‍රමාණුකූලව පහත ගොස් තිබෙනවා. එය රෝගින් 5 දෙනෙකුගෙන් 1 අයකු තුල පමණක් දැකි හැකි බවයි පර්‍යේශනයන්ට අනුව හෙළිව තිබෙන්නේ.


රෝග ලක්ෂණ අඩු නම් ඔමික්‍රෝන් පිළිවඳව කරදර විය යුතු නැද්ද..?

ඔමික්‍රෝන් සාමාන්‍ය සෙම්ප්‍රතික්ශාවක් ලෙස බොහෝ දෙනා සැලකුවත් එ‍ය ඇතැම් පුද්ගලයන්ට මාරාන්තික බලපෑම් එල්ල කරනා බැව්න් කිසිසේත් සුළුකොට තැකිය නොහැකියි. එමෙන්ම එය ඇල්ෆා, ඩෙල්ටා වැනි අනෙකුත් කොරෝනා ප්‍රභේදයන්ට වඩා වැඩි වේගයකින් පැතිර යන බවයි වෛද්‍යවරුන් අනතුරු අගවන්නේ..එමනිසා එක් රෝගියකුගෙන් විශාල පිරිසකට රෝගය ආසාදනය විය හැකි අතර එමනිසා විශාල පිරිසකට නිරෝධායනයට යොමු විමට සිදුවනවා. එමෙන්ම එය සෞඛ්‍යය ක්ශේත්‍රය මෙන්ම අනෙකුත් ක්ශේත්‍රයන් සියල්ලටම අනතූරුදායක වනවා.


ඔමික්‍රෝන් මගින් ඔබත් පවුලේ අන් අයත් ආරක්ෂා කරගැනීමට කළ යුත්තේ කුමක්ද..?

හිසරදය, ඇගපත වේදනාව, සෙම්ප්‍රතික්ශාව සහ තෙහෙට්ටුව යන ඕනෑම රෝග ලක්ෂණයක් කොරෝනා හෝ ඔමික්‍රෝන් ප්‍රභේදය වීමට ඉඩ තිබෙන බැවින් සැලකිලිමත් වීම වැදගත් වනවා. ඔබට ඉහත සඳහන් කුමන හෝ රෝග ලක්ෂණයක් තිබේ නම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමුවීමත් නිශ්චිතව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිදැයි දැන ගැනීමට PCR හෝ Rapid Antigen පරීක්ෂාවක් සඳහා යොමුවීමත් ප්‍රථිපල පැමිණෙන තුරු හුදකලා වීමත් වැදගත් වනවා. විශේෂයෙන් ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ රැකියා ස්ථානයේ ඉහළ රෝගින් පිරිසක් වාර්ථා වනවා නම් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.


ඔබගේ සිරැරේ ප්‍රතිශක්තිය වර්ධනයට ඔබ කළ යුතු දෑ..

- සෞඛ්‍යය සම්පන්න පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම
- පූර්ණ එන්නත්කරණයට යොමුවිම ( ඔබ අවුරුදු 18ට වැඩි නම් එන්නත් 3ම ලබාගැනීම)
- නිවසින් පිටතට යාමේදි නිසි ප්‍රමිතියෙන් යුතු මුව ආවරණ පැළදීම සහ යළි නිවසට පැමිණි පසු ඒවා නිසි පරිදි ඉවත් කිරීම
- සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම

ඔමික්‍රෝන් ප්‍රභේදය යනු තවත් එක් කොරෝනා ප්‍රභේදයක් විය හැකියි.. එමනිසා ඔබ, ඔබගේ සහ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමකින් යුතුව ක්‍රියා කිරීමත් නිසි සෞඛ්‍යය මාර්ගෝපදේශන උපදෙස් පිළිපැදීමත් කළ යුතුයි.. එවිට ඔබටත් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් නිසි ආරක්ෂාව සලසා ගත හැකිවනවා නොඅනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed