පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

December 9, 2021
29,011
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
පිච්ච මල් සහ කස්තුරි කහ කියන්නේ ශ්‍රී ලාංකික අපි කාලයක් තිස්සේ රූපලාවණ්‍ය කටයුතු වලට පාවිච්චි කරලා හුරු පුරුදු දේශීය අමුද්‍රව්‍ය දෙකක්. පිච්ච සහ කස්තුරි අපේ ශරීරයටත් බොහොමයක් ගුණ ලබාදෙන ස්වභාවික අමුද්‍රව්‍ය හැටියට අපිට හඳුන්වන්න පුළුවන්.

විශේෂයෙන්ම සමේ පෙනුම සහ සමේ සෞඛ්‍යය ගැන හිතන අයට මේ පිච්ච සහ කස්තුරි කහ කියන්නේ දිව්‍යමය ඖෂධ දෙකක්. ඉතින් අද හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි.

පිච්ච මල්වල ගුණ ගැන දැනගමු

පිච්ච මල් කියන්නේ ලාංකික අපි වගේම ආසියාතික රටවල රූපලාවණ්‍ය නිෂ්පාදනවලට බහුලවම භාවිතා වෙන දෙයක්. පිච්ච කියන්නේ හොඳම විෂබීජ නාෂක ගුණයෙන් යුතු මලක්. සමේ ඇතිවන ආසාදන තත්ත්වයන් සමනය කරන්නට පිච්ච මල් වල මේ ගුණයට හැකියාව තිබෙනවා. ඒ වගේම ශරීරයේ දහඩිය දුගඳ පාලනය කර ශරීරය සුවඳවත් කරන්නටත්, සමට මනා සිසිලසක් ලබා දෙන්නත් පිච්ච වලට පුළුවන්.


කස්තුරි කහ වල ගුණ ගැන දැනගමු

කස්තුරි කහ කියන්නේ රූපලාවණ්‍ය කටයුතු වලට බෙහෙවින් ප්‍රයෝජනවත් වන දිව්‍යමය ඔසුවක්. අපේ රටේ විතරක් නෙමෙයි, භාරතයේ පවා ශත වර්ෂ ගණනාවක් තිස්සේ රූප සොභාව වැඩි දියුණු කරගන්න භාවිතා කරන ස්වභාවික අමුද්‍රව්‍යයක් තමයි මේ කස්තුරි කහ කියන්නේ.

කස්තුරි කහ වල කර්කියුමින් (Curcumin) නම් විශ්මිත ගුණ දෙන සංඝටකයක් ඇතුළත්. සම වයසට යාම වැළැක්වීමටත්, සමේ ඇතිවන තුවාල සහ ප්‍රදාහ තත්ත්වයන් සමනය කර සම සුවපත් කරන්නටත් මේ කර්කියුමින්වලට හැකියාව තිබෙනවා.

ඒ වගේම කස්තුරි කහවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා කාලයත් එක්ක සම රැළි වැටීම සහ සමේ අඳුරු ලප ඇතිවීම වැළකෙනවා. ඒ වගේම සමේ ඇතිවන අධික තෙල් ගතිය පාලනය කරන්නටත්, විෂබීජ නැසීමටත්, සමේ තෙතමනය රැක දෙන්නට හා සමට දීප්තියක් ගෙන දෙන්නටත් කස්තුරි කහවලට විශ්මිත හැකියාවක් තිබෙනවා.


ආයුර්වේදීය ගුණයෙන් යුතු දේශීය අමුද්‍රව්‍ය වල අතීත භාවිතාව මෙහෙමයි

පිච්ච වගේම කස්තුරි කහ වලටත් ආයුර්වේදයේ සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ ඉතිහාසයක් තියනවා. පිච්ච මල් ගැන කියනවා නම්, දකුණු ආසියාකරයේ ප්‍රචලිත පැළයක් වෙන මෙය ඉංග්‍රීසියෙන් ජැස්මින් (Jasmin) කියල තමයි හඳුන්වන්නෙ. ඒක යැස්මින් (Yasmin) කියන පර්සියානු වචනයෙන් බිඳී ආවක් කියලා තමයි සැලකෙන්නේ.

“දෙවියන්ගේ ත්‍යාගයක්” යන තේරුම ඇතිව නම් කරලා තියෙන මේ පිච්ච මල් වලින් සිඳගන්නා තෙල් රූපලාවණ්‍ය නිෂ්පාදනවලට විශාල වශයෙන් යොදාගන්නවා. "තෙල් අතර රාජකීය තෛලය" හැටියටත් අතීතයේදී මේ පිච්ච තෙල් හඳුන්වා තිබෙනවා. ඒ තරමට මෙහි ඇති රූපලාවණ්‍ය ප්‍රයෝජන ඉහළයි.

කස්තුරි කහ කියන්නේ අවුරුදු 4000කටත් වඩා ඉතිහාසයක් ඇති, ආයුර්වේදයේ ඉහළින්ම භාවිතා කරන අමුද්‍රව්‍යයක්. පිළිකා නැසීමේ ගුණයේ සිට තවත් සෞඛ්‍යමය සහ රූපලාවණ්‍ය ප්‍රතිලාභ රැසක් අඩංගු අමුද්‍රව්‍යයක් තමයි මේ කස්තුරි කහ කියන්නේ. පුරාණ ඉන්දියාවේ ළඳුන්ගේ සුන්දර ඡවි කළ්‍යාණයේ රහස් ඖෂධයක් හැටියට මේ කස්තුරි කහ පිළිගැනෙනවා.

ඉන්දීය රූමතියන් කිරි සමග කස්තුරි කහ මුසුකර පානය කිරීම සහ සමේ ආලේප කිරීම මගින් සමේ දීප්තිය, සුන්දරත්වය සහ තරුණ පෙනුම රැකගත්තා කියලා පුරාණ පොත්පත් වල සඳහන් වෙනවා.

පිච්ච සහ කස්තුරි කහ මුසුවුණු බේබි ෂෙරමි හර්බල් ලෝෂන් (Pichcha and Kasturi Kaha Baby Cheramy Herbal Lotion)

පිච්ච සහ කස්තුරි කහවල ඇති විශ්මිත ගුණාංගයන් ගැන සහ ඒවායේ ඉතිහාසය ගැන අපි මුලින්ම සඳහන් කළානෙ.

ඉතින් අපි දැන් කියන්න යන්නේ මේ විශ්මිත ගුණ දෙන අමුද්‍රව්‍යවලින් සමන්විත දේශීය ශාකසාර ගුණ මුසු වුණු නිෂ්පාදනයක් ගැන.

ඒ තමයි බේබි ෂෙරමි විසින් නිෂ්පාදිත Pichcha and Kasturi Kaha Baby Cheramy Herbal Lotion...

සමට ඉතාම මෘදු මේ බේබි ෂෙරමි ලෝෂන් එක බිළිඳාට වගේම මවටත්, යොවුන් ඔබේ සමටත් එක සේ සාර්ථක ප්‍රතිඵල ලබාදෙන නිෂ්පාදනයක්. පිච්ච මල්වල සුවඳින් සුවඳවත් වී ඇති මේ ලෝෂන් එක මගින් දිගු කල් පවතින සුවඳක් ඔබේ ශරීරයට ලබා දෙනවා. ඒ වගේම, වෙනත් ආලේපන වලට සාපේක්ෂව මේ ලෝෂන් එක ඔබේ සමට උරාගන්නා ප්‍රතිශතයත් ඉතා ඉහළයි.



ඔබේ සමට අවශ්‍ය තෙතමනය සහ දීප්තිය ලබා දීලා සම රැක දෙන්නත්, සුන්දරත්වයෙන් සම්පූර්ණ කරන්නත් Pichcha and Kasturi Kaha Baby Cheramy Herbal Lotion එක සමත්.

සුමුදු සමට ලැබෙන විශිෂ්ට ප්‍රතිඵල බේබි ෂෙරමි නිෂ්පාදනවල ඇති මෘදු සෞම්‍ය බව නිසා බිළිඳුන්, මවුවරුන් වගේම යෞවනියන් අතරත් මේ නිෂ්පාදන අතිශයින් ප්‍රචලිතයි. ඒ නිසාම බේබි ෂෙරමි විසින් හඳුන්වාදෙන මේ අලුත්ම හර්බල් ලෝෂන් එකත් මෘදු සමක් සහිත බිළිඳුන් වෙනුවෙන් නිෂ්පාදනය කර තිබුනාට, මවුවරුන්ට මෙන්ම යෞවනයන්ගේ සමටත් ගැලපෙන ලෙස විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද්දක්.

අපි මුලින්ම කිව්ව පිච්ච වල සහ කස්තුරි කහ වල සියළුම රූපලාවණ්‍ය ගුණයන් ඔබට ලබා දෙමින්, වැඩි කාලයක් සම සුවඳවත් කරමින්, සමට හොඳින් උරාගනිමින් සහ සමේ තෙතමනය රැක දෙමින් තරුණ ඔබේත්, බිළිඳාගේත් සම රැක දෙන්න බේබි ෂෙරමි පිච්ච සහ කස්තුරි කහ හර්බල් ලෝෂන් (Pichcha and Kasturi Kaha Baby Cheramy Herbal Lotion)එකට පුළුවන්.

අපි හිතනවා පිච්ච සහ කස්තුරි කහවල ගුණාංගයන් ගැනත්, ඒවායේ සංයෝගයෙන් බිළිඳුන් සහ තරුණියන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද Pichcha and Kasturi Kaha Baby Cheramy Herbal Lotion එක මගින් හිමිවන ප්‍රතිලාභ ගැනත් ඔබ මේ ලිපිය මඟින් හොඳින් දැනුවත් වුණාය කියලා. සමට හොඳින් උරාගෙන, මෘදු සමේ තෙතමනය රැකදෙමින් සම සුවඳවත් කරන මේ දේශීය ශාකසාර නිෂ්පාදනය භාවිතා කරලා එහි උපරිම ප්‍රයෝජනය ඔබත් ලබා ගනීවි කියලා හැඩකාරී අපි විශ්වාස කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2106 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:02:42 PM
Script:/article/2106/protect-your-babys-soft-skin-with-jasmine-and-kasthuri-kaha.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:02:42 PM
Script:/article/2106/protect-your-babys-soft-skin-with-jasmine-and-kasthuri-kaha.html