අපගේ දිව නිතැතින්ම යොමුවන්නේ රසවත් ආහාරවල රස බලන්නයි. පැණි රසයෙන් යුක්ත විවිධ වර්ගයේ බිස්කට්වල රස බලන්න කුඩා, තරුණ, මහළු කවුරුත් කැමතියි. පැණි රස, ක්‍රීම් රස, චොක්ලට් රස, ක්‍රිස්ප්‍රි යන රසාකාර වලින් අනුන වු විවිධ වර්ගයේ රසකාරක යොදා ගනිමින් නිෂ්පාදනය කරන බ්ස්කට් වර්ග අද වෙළද පොලේ දක්නට ලැබේ.
මේ ඇතැම් බිස්කට් වල ඖෂධීය බව සඳහන් කළද බිස්කට් කර කර ගා හැපෙද්දි නම් දිවට දැනෙන්නේ රස කාරකවල මිහිරි රසය පමණයි.
සිරුරේ බර අඩුකර ගැනීමට
අපි සියළු දෙනා කෑමට ආශාවක් දක්වන බිස්කට් වලින් සිරුරට කිසිදු හානියක් සිදු නොවන බව ඛෙහෝ දෙනාගේ විශ්වාසයයි.
ඇතැම් අය සිරුරේ බර අඩු කරගත හැකි හොඳම ක්‍රමය බත් ආහාරයට නොගෙන බිස්කට් කෑම යයි සිතයි. ඇතමුන් බත් වේල මග හරවා ගැනීම සඳහා බිස්කට් පැකට් එකක්ම ආහාරයට ගනී. සත්තකින්ම මෙම ක්‍රමයෙන් ශරීරයේ බර අඩුවේවිද?
මේ පිළිබඳව දැණුවත් වන්න
අප සිතන තරම් බිස්කට් වර්ග අපගේ සිරුරට එතරම්ම යෝග්‍ය බව අප නොදන්නා විය හැකියි. බිස්කට් සාදන්නේ පිටි හැකිතාක් දුරට වියළි බවට පත් කිරීමෙනි.
කැකර් බිස්කට් එකක සාමාන්‍ය පාන් පෙත්තක තිඛෙන පිෂ්ඨය ප්‍රමාණයට වඩා පිෂ්ඨය අඩංගුවේ. යම් කෙනෙක් බිස්කට් 4ක් හෝ 5ක් වරකට කෑවෝත් එයින් ශරීරයට පාන් පෙති හතරක් පමණ ආහාරයට ගන්න කැලරි ප්‍රමාණයක් ලැබේ. එනම් කිලෝ කැලරි 275ක් පමණ සිරුරට එකතු වේ. එයින් උදරය අගල් 1.5ක් පමණ වැඩිවේ.
අප නොසිතුවාට මෙම කැලරි ප්‍රමාණය දහනය කර ගැනීමට හොඳින් දහඩිය දමනසේ අප ඇවිදිය යුතුයි.
රාත්‍රි ආහාර වේලට පාන් පෙති 1ක් හෝ 2ක් තම්බා ගත් එළවළු සහ මාළු සමග ආහාරයට ගන්නා විට එයින් පෝෂණ ගුණයක් ශක්තියක් අපට ලැබුණද සිරුරේ බර අඩු කර ගැනීමට විකල්පයක් ලෙස ගන්නා බිස්කට්වලින් අපේ බර දෙගුණ තෙගුණ වේ. එයින් පෝෂණ ගුණයක්ද නොලැබේ.
සිනී සහිත බිස්කට් වර්ග ආහාරයට ගැනීමේදී මේ තත්ත්වය තවත් බරපතල වේ. තමාට දියවැඩියාව හැදේවී යන බියට සිනී කෑමෙන් වැළකුණද බිස්කට් කෑමෙන් සිනී ශරීරයට එකතු වන බව හොඳින් මතක තබා ගත යුතුය.
එබැවින් ඇඟ කෙට්ටු වේ යැයි සිතා බිස්කට් ආහාරයට ගන්නා අය තමන් විසින් තමාටම අයහපතක් සිදුකර ගනී.
දරුවන් වැඩි ප්‍රියකමක් දක්වයි
දරුවන් බිස්කට් කෑමට ඉතා ප්‍රිය කරන බව අපි හොඳින් දන්නා කරුණකි. නමුත් එසේ සැමදාම දරුවන්ට බිස්කට් කෑමට දීම සුදුසු නොවේ. දරුවා කෑමට කැමති වුවත් බිස්කට් පැකට්වුවක්ම කන්නට දීම එතරම් යෝග්‍ය නොවේ.
නමුත් නිතර දෙවෙලේ සෙල්ලම් කරන දුව-පැන ඇවිදින කාර්යක්ෂම දරුවන්ට නම් බිස්කට් 4-5 ක් දීම වරදක් නැත. එම දරුවන් බිස්කට් වලින් ලබා ගන්නා සිනී ප්‍රමාණය හෝ කැලරි ප්‍රමාණය දුව-පැන ඇවිදින විට දහනය වන බැවිනි.
නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. පාසලට උදේට පිටවන දරුවා නිවසට පැමිණි පසු දවල් ආහාර ගෙන එක තැන වාඩි වී විවිධ රූපවාහිනි නාලිකා ඔස්සේ ප්‍රචාරය වන කාටුන් නරඹති. කිසිම ක්‍රිඩාවක හෝ සෙල්ලමකට සහභාගි නොවී ඇතැම් දරුවන් විඩියෝ ක්‍රිඩා නරඹති. දරුවන් අතිරේක පන්තිවලට සහභාගි වෙයි. රාත්‍රියට පාසල් පොත්වල වැඩ කර නින්දට යයි. මෙවැනි දරුවන් පැණි රස මෙන්ම බිස්කට් වර්ග ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ සිරුරේ මේදය තැන්පත් වෙයි.
දරුවෙකුට දිනකට කිලෝ කැලරි 2500 ක ශක්තියක් අවශ්‍ය වේ. වැඩිහිටියෙකුට කිලේ කැලරි 1500ක් අවශ්‍යය. නමුත් වර්තමානය අපේ ජීවිත රටාව කෙරෙහි සැකසී ඇති අන්දම අනුව බලන විට දරුවන් මෙන්ම වැඩිහටියන්ද මේ ප්‍රමාණය ඉක්මවා සිටියි.
අප ගන්නා ආහාර ශරීරයේ ක්‍රමවත්ව දහනය විය යුතුය
අප ආහාර ගෙන එකතැන වාඩිවී සිටියොත් හෝ කම්මැලි කමට නිදාගෙන සිටියොත් ක්‍රමවත් ලෙස දහනය වන්නේ නැත.
ආහාර, ශරිරයේ දහනය කරවීමට නම් වැඩිපුර ශක්තිය යොදා සෙල්ලම් කිරීම, දිවීම, ව්‍යායාම කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
එසේ නොමැති නම් ගෙදර දොරේ කටයුතු වන පිටි කෙටී, මිදුල් අතුගෑම, කුඹුරු වැඩ, වතුපිටිවල වැඩ වැනි කය වෙහෙසවන වැඩ වල යෙදිය යුතුය.
එවිට අප ගන්නා ආහාර දහනය වී අනවශ්‍ය ප්‍රමාණයක් සිරුරේ තැන්පත් නොවේ. මේ අනවශ්‍ය කාබෝහයිඩ් ප්‍රමාණය මේදය බවට පත්ව ශරීරයේ තැන්පත් වේ.
දිගින් දිගටම බහුල වශයෙන් ආහාර ගැනීමෙන් මේදය නිසා ස්ථුලතාවය ඇතිවේ. ස්ථුල තාවය බෝ නොවන රෝග වන දියවැඩියාව, හෘදරෝග, පිළිකා, අධි රුධිර පීඩනය, සීරෝසීස් වැනි රෝගවලට මාර්ගය පාදයි.
එබැවින් සිරුරේ බර හැමවිටම අඩු කරගන්නට යයි කියමින් බත් නොකා බිස්කට් වැඩිපුර ආහාරයට ගැනීම නම් අනුවන කමකි.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දේශනයක් ඇසුරිනි.
සටහන - අනුරාධා දිලිනි ඉලන්කෝන්