සුදු මූණේ කළු ලපද? ඉවත් කර ගන්න බැරි වුණු අයට සාර්ථකම tips ටික අපෙන්

July 9, 2018
15,167
Tips to get rid of dark spots
ලප කැළැල් කියන්නේ ඕනම කෙනෙක්ගේ මුහුණේ සුන්දරත්වයට බාධා කරන දෙයක්. විශේෂයෙන්ම ගෑණු ළමයිගේ. එහෙමයි කියලා කොල්ලොත් නිකන් ඉන්නේ නෑ. මොනවම හරි කරලා මුහුණේ ලප කැළැල් ටික මකා ගන්න කෙල්ලෝ වගේම කොල්ලොත් මාරම try එකක් දෙන්නේ. කුරුලෑ, තුවාල, අව් රශ්මිය හා විවිධ හේතු නිසා මුහුණේ ඇති වන ලප කැළැල් ඉවත් කර ගන්න මොන මොන දේ කරත් වැඩක් වුනේ නැති අයට හරියටම හරියන සත්කාර කිහිපයක් තමයි මේ කියන්න යන්නේ. ටික දවසක් try කලොත් පාඩුවක් නම් වෙන එකක් නැහැ. 

ළූණු ගෙඩියක් පොඩියට කපලා පොඩිකරලා යුෂ වෙන් කරගන්න. ඊට පස්සේ පුළුන් කැබැල්ලක් ඒකෙ පොඟවාලා කළු ලප තියෙන තැන්වල ආලේපකර සමට හොඳින් උරාගත් පසුව සෝදාහරින්න. විනාඩි 15ක් විතර තියෙන්න හැරියම හොඳටම ප්‍රමාණවත්.

මේකත් කලින් එක වගේමයි. පුළුන් කෑල්ලකට, කපු පුළුන් නම් වඩාත් හොඳයි. ලෙමන් යුෂ ස්වල්පයක් දමා කළු ලප ඇති ස්ථානයේ සෙමින් අතුල්ලන්න. ලෙමන් යුෂ සමට උරාගත් පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. 

විටමින් E කරලක තියෙන තෙල් ටික පිටතට අරගෙන කළු ලප ඇති ස්ථාන වල ආලේප කරලා සෙමින් සම්භාහනය කරන්න. සතියට දෙවතාවක් පමණ කිරීම ප්‍රමාණවත්. 

අර්තාපල් අල ගෙඩියකින් සිහින් පෙත්තක් කපාගෙන අඳුරු වී ඇති ස්ථානයේ තබන්න. විනාඩි 15 ක් පමණ තබා පසුව මඳ උණුසුම් වතුටෙන් සෝදා හරින්න. එහෙමත් නැත්තන් අල යුෂ වෙන් කරගෙන එම යුෂ මුහුණේ ආලේප කිරීමත් වඩාත් සුදුසුයි.

කලින් විදියටම පිපිඤ්ඤා පෙති කැළැල් මත තබා සිටීම හෝ පිපිඤ්ඤා යුෂ ආලේප කර සම්බාහනය කිරීමත් කළු ලප වලට හොඳ විසඳුමක්. සතියට දින කිහිපයක් ඉරීමෙන් කළු ලප කැළැල් ඉක්මනින් ඉවත්කර ගන්න පුළුවන්. 

සුදුහඳුන් කුඩු මේස හැඳි 1 කට ග්ලිසරින් සහ රෝස වතුර ලෙමන් යුෂ ස්වල්පයක් එක්කර තලපයක් මෙන් සකස් කර ගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි 15 කින් පමණ මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 929 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:43 AM
Script:/article/929/tips-to-get-rid-of-dark-spots.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:44 AM
Script:/article/929/tips-to-get-rid-of-dark-spots.html