කටු අනෝදා කෑවොත් ගොඩම තමයි

July 21, 2020
6,793
Soursop a solution for so many diseases
වත්තේ පිටියේ වැඩි සාත්තු සප්පායමක් නැතුව හැදෙන කටු අනෝදා ගැන අපේ හැඩකාරියෝ දන්නේ මොනවාද..?

පිලිකා නාශක ගුණයක් මේ පළතුරේ තිබෙන බව ඇහුනොත් ඔබත් කට පුරාම අනේ වාසනාවන් කියාවි.. ඉතින් ඒ ඇත්ත.කටු අනෝදා නිතරම ආහාරයට ගත්තොත් පිලිකා සෛල වර්ධනය වීමේ හැකියාව අඩු කිරීමට පුලුවන් බැව් දැන් අනාවරනය වී තිබෙනවා. මෙක්සිකෝවේ කටු අනෝදා හැදෙන ප්‍රදේශවල ජනතාවට පිලිකා රෝගය පැතිරීම වගේම වැළදීමත් අඩු බැව් දැන් බටහිර පර්යේෂණ මගින් හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් මේ බව කියන්නේ නිකමම් නොවෙයි. acetogenins, quinolones වැනි ස්වභාවික පිලිකා සෛල නාශක හැකියාවක් කටු අනෝදා පළතුරට තිබෙනවා. ඒ නිසාම පිලිකාව වැළඳෙන මුල් කාලයේදී වුනත් කටු අනෝදා ආහාරයට ගත්තොත් ගොඩම තමයි.

අද බටහිර ජාතිකයන් කටු අනෝදා ආශ්‍රිතව පර්යේෂන ගණනාවක් සිදු කර තිබෙනවා. මේ කොළ වියලා ගෙන පාප්යක් වගේ සකස් කර ගෙන පාවිච්චි කිරීමට තරම්ම ඔවුන් මෙහි ගුණ හදුනා ගෙන අවසානයි. එක්සිමා (ECZEMA ) වැනි ආසාත්මිකතාවයන්හිදී කටු අනෝදා පත්‍ර ඇල්දියෙන් අඹරා ගෙන ආලේප කරනවා.

කටුඅනෝදා විටමින් C බහුල පළතුරක් නිසා සිරුරේ විෂ හරණයට, ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ හැකියාවෙන් යුක්තයි. ලවණ ගතියෙන් යුක්ත නිසා වමනය, පාචනය වැනි අවස්ථාවලදී ඇති වෙන විජලනයට ගුණයි. එවැනි අවස්ථාවන්හිදී සිරුරේ (Electrolyte Balance) සමතුලිතාවය ඇති කරනවා.

අද හැම තැනම ඇහෙන ගැස්ට්රයිටිස් රෝගයට බොහොම ගුණයි. ඒ වගේම බඩවැල් පිරිසිදු කිරීමේ ගුනයෙන් යුක්තයි. ඒ නිසාම මලබද්ධය වලක්වනවා.

වකුගඩු ගල් ඇති වීම වගේම මුත්‍රා ගල් ඉවත් කිරීමේ හැකියාව කටු අනෝදාවලට තිබෙන බැව් බොහෝ රෝගීන් ඔවුන්ගේ අත්දැකීම්වලින් කියනවා. මුත්‍රා ගල් කුඩු කිරීමට දින නියම වුන බොහෝ රෝගීන් කටු අනෝදා ආහාරයට ගැනීමෙන් පසුව ඔවුන්ගේ මුත්‍රා ගල් පිටවූ බැව් චිකිත්සාගාරයේදී පවසා සිටිනවා.

ඒ විතරක් නොවෙයි, රුධිරගත සීනි සහ අධිරුධිර පීඩන තත්වයත් පාලනය කර ගැනීමට පුලුවනි.

කටු අනෝදා බීමක් විදිහටත් පිළියෙල කර ගන්න පුලුවනි. මේ වෙනුවෙන් ඉතින් “ජූස් බාර්” වෙතට යන්න කලබල වෙන්න එපා. ඔබට නිවසේදීම මේ පානය ඉතා පහසුවෙන් සකස් කර ගන්න පුලුවනි.

ඇට ඉවත් කර ගත් කටු අනෝදා ගෙඩියකින් කොටසක් සීනි සමග මිශ්‍ර කරලා වතුර කෝප්ප කාලක් පමණ එකතු කරලා බ්ලෙන්ඩර් කරන්න. සීනි නැතුවත්
පුලුවනි.

කටු අනෝදා ගෙඩිය ඉදෙන්න පෙරාතුව පොතු ඉවත් කරලා ලුනු, මිරිස් ආදිය පදමට දාලා වයංජනයක් විදිහට හදා ගන්නත් පුලුවනි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1715 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:19:09 AM
Script:/article/1715/soursop-a-solution-for-so-many-diseases.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:19:09 AM
Script:/article/1715/soursop-a-solution-for-so-many-diseases.html