බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්නේ කොහොමද?

July 14, 2018
5,294
How to rebuild your self confidence
ඔයාට කිසිම වැඩක් කරන්න ප්‍රියතාවක් නැද්ද? හැමදේම එපා වෙලා වගේද? ජීවිතේ ගැන ලොකු කලකිරීමක් දැනෙනවාද? එහෙම නම් දැන් ඔයාට ඔයා ගැන හිතන්න කාලය හරි. ගොඩක් දෙනෙක් විවිධ හේතු සාධක නිසා මානසිකව ඇද වැටෙනවා. ඒ ඒ කෙනාට අනුව තමන්ගේ ආත්ම විශ්වාසය නැති වෙන්න විවිධ හේතු සාධක බලපාන්න පුළුවන්. දැනටමත් ඔයා ඔයාගේ ජීවිතය තුළ කලකිරීමකින් හා පසු තැවීමකින් නම් කටයුතු කරන්නේ, නැවත වරක් නොව දහස්වාරයක් සිතා බලන්න ඕන කියලයි අපි හිතන්නේ. මානසික බිද වැටීම්, පසු තැවීම් හා ජීවිතේ කඩා වැටීම් අපි කා තුළත් තිබිය හැකියි. බිදවැටුණු ආත්ම විශ්වාසය ගොඩ නගාගන්න පුළුවන් තමන්ටම විතරයි. කොහොමද ? නැතිවුණු ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද කියලා www.hadakai.lk  වෙතින් තිළිණ කරන මේ ලිපිය කියවලම බලන්නකෝ.

01. මිතුරන් ගැන අවධියෙන් ඉන්න

ගොඩක් දෙනෙක් තමන් තුළ අභිමානයක් ඇති කර ගන්න තමන් ආශ්‍රය කරනු ලබන පුද්ගලයන්ගේ හැසිරීම වගේම ඔවුන්ගේ මතයත් අඩු වැඩි වශයෙන් බලපානවා. ඔබ නිරන්තරයෙන් ඇසුරු කරන්නෙ අලසකමින් කාලය ගත කරන උදාසීන මිත්‍රයෙක් නම්, කාලයත් එක්ක ඔයත් එයාව අනුකරණය කරන්න යනවා. ඔයා නිතරම ඔයාගේ මිතුරා තුළින් දකින දේවල් අනුකරණය කරනවා. ඒ නිසා හැකි සෑම විටම සෘණාත්මකව හිතන පතන මිතුරන්ගෙන් මදක් ඈත් වී කටයුතු කරන්න. ඔයා ජීවිතයෙන් එක අඩියක් පස්සට යන්න හිතනකොට තවත් ඉදරියටම ඔයාව තල්ලූ කරන මිතුරෙක් ඇසුරු කරන්න. ඔයාට නැතිවුණු ආත්ම විශ්වාසය වගේම ඔයාට ජීවිතය ගැන වටිනාකමක් එතකොට දැනේවී. ජීවත් වෙන්න කැමැත්තක් ඇති වේවී. ධනාත්මකව සිතන මිතුරන් ඇසුරු කිරීමට පුරුද්දක් කරගන්න. එවිට නිරන්තරයෙන් ඔබ තුළ අභිමානයක් ඇති වේවී. ඔබ තුළ යම් විටෙක මානසික පසුබෑමක් දක්නට ලැබුණත් ඔයාගේ මිතුරන් එය මගවරවා ගන්නට උපකාර කරාවී.

02. තවත් කෙනෙක්ව ආදර්ශයක් කර ගන්න

ඔයාගේ ජීවිතේ කවදාවත් ආදර්ශය හා අනුකරණය නම් පටලවා ගන්න එපා. ඔබ ඔබම වෙන්න. යහපත් ජීවන චරියක් දෙස බලා ඒ චරිතය ඔයාගේ ජීවිතයට ආදර්ශයක් කරගෙන ඒ අනුව ජීවිතය හැඩගසා ගන්න ඔයාට පුළුවන්. නමුත් කවදාවත් වෙනත් කෙනෙක් අනුකරණය කරන්න එපා. මෙකද අනුකරණය තුළින් කවදාවත් ඔයාට ස්වයං අභිමානයක් හදා ගන්න ලැබෙන්නේ නෑ. ඔයාගේ ජීවිතයේ ගමන් මගට කවුරුන් හෝ පුද්ගලයෙක් මග පෙන්වන්නෙකු ලෙස සිටිය හැකියි. ඒ සමහර විට ඔයාගේ අම්මා තාත්තා විය හැකියි. එසේත් නොමැති නම් ආදර්ශවත් ගුරු චරිතයක් විය හැකියි. කෙසේ වුණත් ජිවිතේ දිනපු සාර්ථක පුද්ගලයෙක්ව සෑම විටම ඔයාගේ ජීවිතේ නියමුවා කර ගන්න. ජීවිතෙන් පලා යන්න හිතෙන හැම තැනකදිම ඔහුව හෝ ඇයව නිදසුනක් කරගෙන ජීවිතය තුළ ඉදිරියට යන්න. එවිට ඔබට අහිමි වු ආත්ම විස්වාසය හැකි ඉක්මනින් ඔබ තුළ ගොඩ නැගේවී.

03. ආත්ම විශ්වාසය

ආත්ම විශ්වාසය කියන්නේ  ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවිතයට ආභරණයක් හා සමානයි. ආත්ම විශ්වාසය අහිමි වීම තුළ ඔයාට ඔයාවම නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ශ්‍රී‍ ලංකාව වගේ සමාජයක ආත්ම විශ්වාසය කියන්නේ ප්‍රබල ගැටලූවක්. ඔබ දන්නවාද ? දිනෙන් දින සමාජය තුළ සිදු වෙමින් පවතින සියදිවි හානී කර ගැනීම් දිහා බැලූවම අපේ රටේ ජනතාවට ආත්ම විශ්වාසය බින්දුවක් වත් නොමැති බව තේරුම්ගත හැකියි. විශේෂයෙන් කාන්තාවට සමාජයේ විශේෂ වරප්‍රසාදයක් හිමි විය යුතුයි කියලා මතයක් අපේ සමාජය තුළ තියෙනවා. කාන්තාවකට සමාජයේ සෑම කෙනෙකුගේම සහාය අවශ්‍යයි කියලයි හැමෝම හිතන්නේ. ඒ නිසාම අද කාන්තාව තුළ ආත්ම විශ්වාසය දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඔබ පළමුව ඔබ ගැන විශ්වාසය තබා ගන්න. සියල්ල තමාට තනිව සිදුකළ හැකියි යන විශ්වාසය ඔයා ගාව තියා ගන්න. අභියෝගවලට බය වෙලා ජීවිතේ ඉදිරියට තියපු අඩිය පස්සට ගන්න එපා. අභියෝගවලට අභියෝග කරලා ජීවිතය ජයගන්න. එතකොට ඔයාට නැති වුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබේවී.

04. වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න

ඔයාට ජීවිතය ගැන තියෙන්නේ මහත් කලකිරීමක් නම්, ඔයාගේ ජීවිතයේ තියෙන්නේ මහත් පසුබෑමක් නම් නිතරම හදවතින් ඔයා හඩා වැටෙන එකේ කිසිම තේරුමක් වෙන්නේ නෑ. හදවතින් අඩ අඩා ඉන්නවට වඩා වැටණු තැනින් නැගිටින්න ඔයා උත්සාහ කරන්න. ඔබ මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වී අවශ්‍ය සහය ලබා ගන්න. එවිට ඔබ තුළ තිබෙන පසුගාමී මානසික තත්ත්වය මගහරවා ගන්න හැකි වේවී. අද ගොඩක් දෙනෙක් හිතන්නේ මානසික වෛද්‍ය වරයෙක් වෙත යොමු වීම ලැජ්ජා වීමට කරුණක් කියලා. ඔබට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ නම් කවදාවත් වෛද්‍ය වරයෙක් වෙත යොමු වී උපදෙස් ලබා ගන්න දෙවතාවක් හිතන්න එපා.

05. සංසන්දනය කරන්න යන්න එපා.

ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්  තමයි තමන්ව අනිත් කෙනා සමග සංසන්දනය කිරීම. ඇත්තටම ඒ තුළින් සිදු වෙන්නේ ඔබට ඔබ පිළිබදව අවතක්සේරුවක් පමණයි. ඒ නිසා කිසිවිටෙක සෙසු අය සමග ඔබව සංසන්දනය කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔයා ඔයාගේ සුවිශේෂිත්වය හදුනාගන්න. එය වර්දනය කිරිමට කටයතු කරන්න. එවිට ඔබට ඔබ ගැන අභිමානයක් ඇති වනු නිසැකයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   45,346
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   42,067
   29

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
How to reduce under arm sweating
   6,748
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Symptoms to say you are pregnant
   43,698
   23

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   61,663
   23

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed