කොලෙස්ටෙරෝල් හා අධි රුධිර පීඩනය අවම කරමින් ඔබේ හදවත සුරකින පොල්කිරි

May 10, 2018
14,515
Coconut milk to control high blood pressure and cholesterol
පොල් කියන්නේ අද වෙද්දී මසුරන් වගේ ගණන් ගිහින් තියෙන දෙයක්. ඒත් ඉතින් කුස්සියට නැතිවම බැරි වුනු දෙයක්නේ පොල්. පොල් කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ එය අපේ ආහාර රසවත් කරගන්න භාවිතා කරනවා කියලා විතරයි. පොල් කිරි, පොල් තෙල්, පොල් වතුර මේ හැම දෙයක්ම අපේ ශරීර සෞඛ්‍යට වගේම අපේ සුන්දරත්වය වර්ධනය කර ගන්නත් උදවු වෙනවා.

අද කියන්නේ මේ දේවල් වලින් එකක් ගැන විතරයි. ඒ පොල් කිරි ගැන. පොල් කිරි පෝෂණයෙන් ඉතා ඉහලයි. ඒ විතරක් නෙවෙයි ශරීරයේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කර ගැනීම ඇතුළු රෝග ගණනාවක්ම වළක්වා ගැනීමට හැකියාව ලැබීම නිසා පොල් කිරි ලොව සෞඛ්‍ය සම්පන්නම ආහාර අතරින් එකක් ලෙස පිලිගන්නවා. දන්නා කාලේ ඉඳලම ආහාර පිසීමට එකතු කර ගත් පොල් කිරි වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනත් දැනගෙනම අද ඉදන් කෑම හදමු.

පොල් කිරි කෝප්ප එකක අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් මෙන්න මේ විදියට දක්වන්න පුළුවන්

කැලරි 138 ක්
ප්‍රෝටීන් 1.5 g ක්
සීනි 2 g ක්
මේදය 14 g ක්
මැංගනීස් 55 mg ක්
තඹ 1500 mg ක්
පොස්ෆරස් 60 mg ක්
මැග්නීසියම් 22 mg ක්
පොටෑසියම් 157 mg ක් සහ යකඩ බහුලව අඩංගු වෙනවා.

කොලෙස්ටෙරෝල් හා අධි රුධිර පීඩනය අවම කරමින් ඔබේ හදවත සුරකින්න පොල් කිරි වලට පුළුවන්. පොල් lauric ඇසිඩ් බහුල ආහාරයක්. පොල් වල 50%ක පමණ ප්‍රතිශතයක් මේ lauric ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. මෙහි ඇති ප්‍රතිබැක්ටිරියා ඔබව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා. ඒ වගේම lauric ඇසිඩ් කියන්නේ ආරක්‍ෂිත මේද අම්ලයක් නිසා ඔබේ හදවත ලෙඩ වෙන්න තියෙන අවදානම අවම කරනවා.

ඒ වගේම පොල් කිරි වල අඩංගු මිනරල් හා අනෙකුත් පෝෂ්‍ය කොටස් රුධිර ගමනාගමනය ක්‍රමවත්ව පවත්වාගෙන යන්න උදවු කරන නිසා අධි රුධිර පීඩනය වැනි භයානක රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා.

මාංශ පේශි වර්ධනය කරන්න පොල් කිරි උදවු වෙනවා. ඒ වගේම කායික කායික ක්‍රියාකාරකම් වර්ධනය කර ගන්න ඔබට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. විශේෂයෙන් පොල් කිරි වල අඩංගු මැග්නීසියම් හා පොටෑසියම් හානි වුණු මාංශ පේශි හා පටක නැවත වර්ධනය කරනවා. ඒ වගේම ශක්තිමත් කරනවා.

ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු පවතින අයට පොල් කිරි හොඳ විසඳුමක්. ආහාර ජීර්ණය කිරීමේ අපහසුතා නිසා ඇති වන මලබද්ධය කියන්නේ ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් කරවන්නක්. පොල් කිරි යෙදු ආහාර පරිභෝජනයෙන් මේ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම දැනටමත් මේ රෝගී තත්ත්වයන්ට මුහුණ දීලා ඉන්න අයට රෝගය අවම කර ගන්න පුළුවන්.

සිනි මට්ටම පාලනය කරමින් ඔබට දියවැඩියාව වැළඳීමට ඇති ඉඩ කඩ අවම කරන්න පොල්කිරි වලට හැකියාව තියෙනවා. ඒ වගේම අධික බර නිසා සිත් තැවුලෙන් ඉන්න අයටත් පොල්කිරි හොඳම විසඳුමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,888
   61

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
10 symptoms shows you are pregnant
   55,656
   49

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to manage your money
   8,047
   41

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
How to reduce under arm sweating
   26,050
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,093
   25

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න

Latest Articles

Most Viwed