සමේ ස්වාභාවික අලංකාරය සඳහා ඔබ අනිවාර්යයෙන් ගත යුතු විටමින් 3 ක්

July 3, 2020
19,375
Essential 3 vitamins for glowing skin
ඇතුළාන්තයේ ඉඳන්ම සෞඛ්‍ය සම්පන්න වුණු දීප්තිමත් සමක් ඔබට අවශ්‍ය නම් ඔබ කරන්න ඕනේ පළවෙනි දේ තමයි නිවැරදි ආහාර රටාවක් අනුගමනය ක‍රන එක. සමබ​ල ආහාර වේලක් පවත්වා ගැනීම හරහා ඔබේ සමට වඩා හොඳ ප්‍රතිඵල රැසක් ලබා දෙනවා. නමුත් ඔබට සමේ සෞඛ්‍ය සම්පන්න බවත් ඉහ​ළ නංවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ගන්න අත්‍යාවශ්‍ය විටමින් වර්ග 3ක් ගැන අපි ඔබට කියන්නම්. ටික කාලෙකින් ඒවා ඔබේ සමේ මැජික් එකක් වගේ වැඩ කරන ආකාරය ඊට පස්සේ ඔබම දකින්න...

විටමින් C

එය සමට හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන අතර පිළිකා මර්දන ගුණාංග ද ලබා දෙනවා. ඔබේ සම​ට ශක්තිය හා නම්‍යතාවය ලබා දෙන කොලජන් නම් ප්‍රෝටීනය නිපදවීමේදී එය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා විටමින් සී මඟින් ඔබේ සමේ වයසට යාමේ ස​ළකුණු වළක්වමින් ඔබේ සම තදින් හා සුනම්‍ය ආකාරයෙන් තබා ගනියි.

විටමින් C ලබා ගැනීම සඳහා ගන්න ඕනේ ආහාර :

- දොඩම්, මිදි, නාරං වගේ ඇඹුල් පලතුරු
- ස්ට්රෝබෙරි, කිවි, පැපොල් වගේ ප​ළතුරු
- තක්කාලි
- බ්රොකොලි, වට්ටක්කා වගේ එළවළු
- ලෙමන් සහ දෙහි

විටමින් B කම්ප්ලෙක්ස් (Vitamin B complex)

නිරෝගී දිලිසෙන සමක් සඳහා නයසින් (Niacin) හෝ විටමින් B3 ඔබේ ආහාර වේල තුළ තිබීම අත්‍යවශ්‍යයි. සමේ සිහින් රේඛා සහ රැළි සුමට කිරීම සහ මෘදු කිරීම මගින් ඔබේ සමේ පෙනුම වැඩි දියුණු කිරීමට අමතරව, සමේ ආරක්ෂිත ස්ථරයක් සෑදීමට උපකාරී වන සෙරමිඩ් සහ මේද අම්ල නිපදවීමේදී විටමින් බී 3 වැදගත් වෙනවා. තවදුරටත් මේ විටමින හරහා ඔබේ සමට තෙතමනය රඳවා ගැනීමට සහ මෘදු හා සුනම්‍ය ආකාරයෙන් පවත්වාගන්​න උපකාරී වෙනවා.

සෛල නිෂ්පාදනය හා පටක වර්ධනය සඳහා ෆෝලික් අම්ලය හෝ විටමින් බී 9 වැදගත් වෙනවා. නිරෝගී සෛල වැඩි දියුණු කරවන එක සම පැහැපත් කිරීමේ පළමු පියවරයි. මෙම Vitamin B හැරුණු විට, B complex සමස්තයක් වශයෙන් ඔබේ සමේ නීරෝගී සෛල වර්ධනයට සහ සම අලුත්වැඩියා කිරීමට විවිධ ආකාරවලින් ක්‍රියා කරනවා.

විටමින් බී සඳහා ගන්න ඕනේ ආහාර:

- රතු සහල් සහ මෙනේරි, බාර්ලි වැනි ධාන්‍ය වර්ග
- බිත්තර සහ කිරි නිෂ්පාදන
- රනිල කුලයට අයත් බීජ, ඇට වර්ග
-තද කොල පැහැති එළවළු සහ කොල වර්ග

විටමින් E

විටමින් E හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. විටමින් E මගින් ඔක්සිකාරකයන් නිසා ඔබේ සමට වන හානිය අඩු කරවනවා. මෙම විටමින් වල  සම සුවපත් කිරී​මේ ගුණ ඇති අතර එමඟින් සමේ ඇතිවෙන දැවිල්ල සමනය කිරීමට උපකාරී වෙනවා. වැදගත්ම දෙය තමයි Vitamin E සමට දැඩි සජලනතාවයක් ලබා දීම. ඒ හරහා සම මෘදු හා සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න පුළුවන් වෙනවා.

විටමින් E සඳහා ගන්න ඕනේ ආහාර:

- නිවිති සහ බ්රොකොලි වගේ හරිත එළවළු
- රටකජු, ආමන්ඩ් සහ හේසල්නට්ස්
- සුරියකාන්ත ඇට
- අඹ, අලිගැටපේර, කිවි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1677 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:09 PM
Script:/article/1677/essential-3-vitamins-for-glowing-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:42:09 PM
Script:/article/1677/essential-3-vitamins-for-glowing-skin.html