මේ පාර අලුත් අවුරුදු කෑම මේසයේ කවුරුත් නොකළ වෙනසක් කරමුද?

April 9, 2018
12,454
Lets do a change in New Year table
අලුත් අවුරුදු කාලෙට කෑම මේසයේ නම් ඉතින් කෑම බීම වලින් අඩුවක් නැහැ. එක එක විදියට හදපු කැවිලි වර්ග වලින් හැම ගෙදරකම කෑම මේසය පිරිලා ගිහින්. තෙල් කෑම, පැණි රස කෑම වලින් අඩුවක් නැහැ. ඇත්තම කතාව මේ දවස් වලදී මේ කෑම බීම කාල බීලම ඇති වෙනවා. දවසක් දෙකක් යද්දී කන්න කොච්චර ආස කෑමක් තිබුනත් කන්න හිතෙන්නේ නැහැ. යන යන හැම තැනම තියෙන්නේ එකම කැවිලි වර්ග ටික. මේ දවස් වලට අවුරුදු මෙසේ තියෙන කෑම වර්ග කාල කාල එපා වෙලා ඉන්න අයට ඔයාගේ අලුත් අවුරුදු මේසයේ වෙනසක් කරන්න පුළුවන් නම් එක සැබෑම වෙනසක් විදියට අවුරුද්දට ගෙදරට එන නෑදෑයින්ට, හිතවතුන්ට දැනෙයි.

කැවුම්, කොකිස්, කෙසෙල් ගෙඩි නැතිව අවුරුදු මේසයක් සම්පුර්ණ නෑ වගේ නේද? ඒ කැවිලි වර්ග අවුරුදු මේසයට එක් කරන ගමන්ම මේ දවස් වලට නිතර දකින්න ලැබෙන්නේ නැති ආහාර වර්ග ටිකක් එකතු කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මේ දවස් වලට හැම ගෙදරකම අවුරුදු මේසයේ තියෙන්නේ පැණි රස කෑම වර්ග. කැවුම්, අතිරස, දොදොල්, වැලිතලප වගේ කැවිලි වර්ග වරදින්නෙම නැහැ.

හැම ගෙරකින්ම මේ දේවල් කාල එන අයට ඔයාගේ අවුරුදු මේසයේ වෙනසක් කරන්න. කැවුම් කොකිස් අතරට කට ගැස්මට උණු උණුවට වඩේ ටිකක් එහම බැදලා තියන්න තිබුන නම් කොහොමද? ඒ වගේම තමයි ඉතින් කට්ලට් ටිකක්, පැටිස් ටිකක් එහෙමත් තිබුන නම් මේ දවස් වල කැවිලි කාල එපා වෙලා ඉන්න අය බෑ නොකියා කනවා. ඒ නිසා පැණි රස කෑම වෙනුවට කටට සැරට කන්න පුළුවන් කෑම ටිකක් හදලා අවුරුදු මේසයට තියන්න.

කාල බොන්නත් හැම තැනින්ම දෙන ටී එකයි ශීත කරපු බිම වර්ගයි දෙන්නේ නැතිව එකෙත් පොඩි වෙනසක් කරන්න. උණු උණු වඩේ කන ගමන් ඒ එක්ක බොන්න ඉඟුරු දාපු ප්ලේන්ටියක් කදිමට ගැලපෙනවා. අනික මේ දවස් වල ගොඩක් තැන වලින් ඒ වගේ දේවල් කන්න බොන්න ලැබෙන්නෙත් නැහැනේ. ඒ වගේම දවල් වෙලාවේ එන අමුත්තන්ට තැඹිලි වතුර, කුරුම්බා වතුර ටිකක් දෙන එක රසකාරක දාපු බිම වර්ග පිලිගන්වනවාට වඩා මොන තරම් නම් හොඳයිද?

ඒ වගේම තමයි බත් වලට විවිධ ව්‍යංජන පිළියෙළ කරද්දී කඩෙන් මිලදී ගන්න තුනපහ වර්ග වලට වඩා ගෙදරදීම ඔයාට පුළුවන් විදියට තුනපහ වර්ග ටික හදා ගන්න. එහෙම කෑම ටික වඩාත් රසවත්ව තියෙයි. ඒ විදියට රසකාරක නැතිව රහට උයන්න පොඩි පොඩි tips ටිකක් අපි කලින් ලිපියකින් ඔයාට කිව්වා. ඒ දේවල් මේ දවස් වල ප්‍රයෝජනයට ගන්න.

ඒ වගේම චිකන්, පරිප්පු , බටු මොජු වගේ හැම ගෙදරකටම පොදු වුණු ආහාර වලට වඩා වෙනස් විදියේ ව්‍යංජන ටිකක් පිළියෙළ කර ගන්න. සැරට හදපු කරවල බැදුමක්, පොළොස් ඇඹුලක්, සුදුළූනු ව්‍යාංජනයක් එහෙම මේ දවස් වල තියෙන අනිත් අවුරුදු මේස වලින් ඔයාගේ මේසය වෙනස්ම කරලා පෙන්වයි. මේ දවස් වල තෙල් කෑමම කාල ඉන්න අයට සුදුළූනු ව්‍යාංජනයක් එහෙම තියෙනවා නම ශරීර සෞඛ්‍යටත් වඩාත් හොඳයි.

අලුත් අවුරුද්දේ කෑම මේසය විතරක් වෙනස් වෙලා වැඩක් නැහැ. ඔයාගේ සිතුම් පැතුම්, අදහස් වලත් වෙනසක් ඇති කර ගන්න. ඔබට සුභ අලුත් අවුරුද්දක්!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 759 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:17:04 AM
Script:/article/759/lets-do-a-change-in-new-year-table.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:17:05 AM
Script:/article/759/lets-do-a-change-in-new-year-table.html