ගේ පේන්ට් කරද්දී වන නාස්තියත් වියදමත් අවම කරගන්න නම් මේ විදිහට තීන්ත තෝරාගෙන ගාන්​න

December 14, 2019
16,429
This is how you save money when you paint your house
දෙසැම්බර් සීතලත් දෝතින් අරගෙන නත්තලත්, නව අවුරුදු උදාවත් ළඟ ළඟම පැමිණෙනවා. වසරේ මේ සුවිශේෂී ඍතුව උදා වෙනවා කියන්නේ අපේ ජීවිතත් අලුත් වෙන්න සූදානම් කියන එකයි. ඒ නිසාම හැමෝම තමන්ගේ ගෙවල් දොරවල් පවා අලුත් කරගන්න ලහි ලහියේ සූදානම් වෙනවා. අපි හැමදාටම ජීවත් වෙන නිවස අවුරුද්දකට සැරයක් වත් අලුත් කරනවා, ලස්සන කරනවා කියන්නේ අපිටත් අලුතෙන් ජීවත් වෙන්න හොඳ හුස්මක් ලැබෙනවා වගේ තමයි. ඒ නිසා ගෙදරට ආලේප කරන තීන්ත ගැන අපි බොහොම බුද්ධිමත්ව හිතන්න අවශ්‍යයි. මේ ලිපියෙන් ඔබට සිහිපත් කරන්නේ තීන්ත ආලේපනයක් කරන්න කලින් සිහියේ තබා ගන්න අවශ්‍ය කාරණා කීපයක් ගැනයි. මේ කාරණා නිසි පරිදි හිතට ගත්තොත් වියදම සහ නාස්තිය අවම කරගෙන නිවසේ පින්තාරු වැඩ නිම කරගන්න ඔබට හැකියාව ලැබේවි!

1. අවශ්‍ය ප්‍රමාණයට තීන්ත මිලදීගන්න



හිතේ මිම්මට තීන්ත මිලදීගන්න යෑමෙන් සමහරවිට නැවත නැවතත් තීන්ත මිලදීගන්නට හෝ මිලදී ගන්නා තීන්ත ඉතිරිවන්නට ඉඩ තිබෙනවා. එවැනි ප්‍රශ්න මගහරවා ගැනීම​ට ඔබ ගත යුතු හොඳම පියවර වන්නේ තීන්ත ආලේප කරන බිත්ති ප්‍රමාණය ගැන නිවැරදි ඇස්තමේන්තුවක් ඇතිව තීන්ත මිලදී ගැනීමයි. මේ සඳහා පළපුරුදු පින්තාරුකරුවෙකුගේ උදවුවක් ඔබට ලබා ගත හැකියි. එසේ නොමැතිනම් ඔබට තනිවම මේ ඇස්තමේන්තුව ලබා ගත හැකියි. ඒ සඳහා ඔබට උදවු වෙන වෙබ් පිටුවක් තමයි අපි පහතින් සඳහන් කොට තිබෙන්නේ.
 (https://www.dulux.com.au/paint-calculator)



2. විශ්වාසවන්ත නිෂ්පාදනයක් තෝරාගන්​න



ඔබට අවශ්‍ය තීන්ත වර්ගය මත පදනම්ව හොඳම තීන්ත සන්නාමයක් තෝරගන්න. ගෘහස්ථ පින්තාරු ක්ෂේත්‍රය කියන්නේ තරඟකාරී කර්මාන්තයක්. එබැවින් ගුණාත්මක තීන්ත නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා තීන්ත වෙළෙන්දන් කියන්නේ තීරණාත්මක කොටසක්. එනිසා තීන්ත මිල දී ගැනීමට පෙර උසස් ප්‍රමිති​යේ වෙළඳ සන්නාමයක් තෝරා ගැනීමට ඔබ ඥානාන්විත වන්න.

3. වැඩි ආවරණ කළාපයක් සහිත තීන්ත තෝරාගන්​න



ජලය මත පදනම් වූ ඉමල්ෂන් තීන්ත ගෙදර බිත්ති සහ සිවිලිම සඳහා වඩාත් සුදුසුයි. තෙල් මත පදනම් වූ එනමල් තීන්ත ලී සහ යකඩ සඳහා වඩාත් සුදුසු වෙනවා. වැඩි බිත්ති ප්‍රමාණයක් ආවරණය වන සේ ආලේප කළ හැකි තීන්ත වර්ගයකට යොමු වෙන්න. මේ නිසා ඉක්මනින් සහ අඩු තීන්ත ප්‍රමාණෙකින් බිත්ති වැඩි ප්‍රමාණයක් පින්තාරු කරගන්න පුළුවන්. වියදමත් අඩුයි. උසස් නිමාවකුත් ලැබෙනවා.

4. පූර්ව සකසාගැනීම් මග හැර ගන්න එපා



තීන්ත ගෑමට පෙර ඔබ විසින් කළ යුතු පූර්ව සකස්කිරීම් සිදු කරන්න මතකේ තබා ගන්න. බිත්ති වල මකුළුදැල් කඩලා, දුහුවිලි පිස දාලා, තද පැල්ලම් මකලාම තීන්ත ගෑම පටන් ගන්න. නැත්නම් දුහුවිලි මිශ්‍රවීම සහ පැල්ලම් මැකීමට වැඩි තීන්ත ප්‍රමාණ ආලේප කරන්න සිදුවීම නිසා ඔබට නොදැනීම වැඩිපුර තීන්ත වැය වෙන්න පුළුවන්. එමෙන්ම ඔබේ බිත්ති කාන්දු වීම්, ඉරිතැලීම්, අසමාන මතුපිටවල්, සිදුරු හා බුබුලු වලින් තොරව සකසාගන්න. 


5. තත්ත්වයෙන් උසස් පින්තාරු උපකර​ණ



තත්ත්වයෙන් ඉහළ, ප්‍රමිතිගත පින්සල් උපකරණ පමණක් භාවිතා කරන්න. බාල ප්‍රමිතියෙන් බාල පින්සල් වල කෙඳි ඉක්මනින් සවුත්තුවීම් වලට ලක් වෙලා, ගැලවිලා, ඇද වෙනවා. ඒ මගින් තීන්ත නාස්ති වීමකුත් වෙනවා. බිත්ති මත අසමාන රේඛා ද ඇති වන නිසා එය අසම්පූර්ණත්වයේ සලකුණක් වෙනවා.

6. නඩත්තු හා වියදම් අවම නිෂ්පාදනයක්



කල් පැවැත්ම අතින් හොඳ සහ නඩත්තුව පහසු තීන්ත වර්ගයක් මිලදී ගැනීමත් වැදගත්. ඉක්මනින් දුර්වර්ණ වෙන බාල තීන්ත නිසා නැවත නැවත ඉක්මනින්ම තීන්ත ගාන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඉක්මනින් පැල්ලම් හිටින, පැල්ලම් යවන්න අමාරු තීන්ත නිසාත් නිවසේ පෙනුම බාල වෙනවා. නැවත තීන්ත ගාන්න සිද්ධ වී වියදම් ඉහළ යනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1486 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:38:35 PM
Script:/article/1486/this-is-how-you-save-money-when-you-paint-your-house.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:38:35 PM
Script:/article/1486/this-is-how-you-save-money-when-you-paint-your-house.html