ප්‍රශ්නයක ද ඉන්නේ? ඔබේ මනස සැහැල්ලු කරගන්න මේ කියන කාරණා ටික සිතේ තබා ගන්න

October 13, 2020
8,321
Are you in a problem? here are some solutions
රැකියාව හා පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීමේ අභියෝගය කාන්තාවන් අතර දීර්ඝ කාලයක් තිස්සේ දකින්න තියෙන ගැටළුවක්. මේ දෙක සමතුලිත කරන්න කාන්තාවන් දීර්ඝ කාලයක් තිස්සේ මානසිකව අරගල කරනවා. අනෙක් අතට, රැකියාවක් නොකරන හෝ නිවසේ සිට රැකියා කටයුතු කරන කාන්තාවන්ටත් තමන් ඉන්න විදිහ වරප්‍රසාදයක් වගේම දුකක් වෙන්නත් පුලුවන්. මේ ගැටලු නිසාම කාන්තා ඔබ මානසික ආතතිය, කලකිරීම, කාංසාව සහ මානසික අවපීඩනය ආදී තත්ත්වයන්ට වුණත් පත් වෙන්න පුලුවන්.

සෞඛ්‍ය සම්පන්න පවුල් පද්ධතියක ජීවත් වන කාන්තාවන්ට ඔවුන්ගේ පවුල හා දරුවන් සමඟ හොඳින් කාලය ගත කරන්න අවස්ථාව තියෙනවා. නමුත් මානසික, ශාරීරික හෝ ලිංගික අපයෝජන පවතින සෞඛ්‍ය සම්පන්න නොවන, අක්‍රිය පවුල් පද්ධතියක කොටසක් වන කාන්තාවන්ට මානසික ආතතිය ඇති වෙනවා කියන්නේ භයානක තත්ත්වයක්. මොකද ඔවුන්ට එයින් ගැලවීමට ඇති නොහැකියාව නිසා...

තමන්ගේ දරුවන් සහ මුණුබුරන් තමන්ව හමු වෙන්නට නොපැමිණෙන වැඩිහිටි කාන්තාවන්ට සාමාන්‍යයෙන් එම දුරස්ථභාවය නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම නිසා තනිකම වැඩි වෙන්න පුලුවන්. දිනපතාම තමන්ගේ දරුවන් මත යැපෙන වැඩිහිටි කාන්තාවන් බොහෝ දෙනෙකුට කාලය ගෙවාගන්න කියලා ඔවුන්ට පුරුදු නැති ඩිජිටල් ලෝකය සමඟ ගනුදෙනු කරද්දී වුණත් අසරණ බවක් හෝ අධික දුකක් දැනෙන්නට පුළුවන්.

ඒ සඳහා මනෝවිද්‍යාඥයින් මානස හා බුද්ධිය සම්බන්ධ ප්‍රතිකාරයක් වන “Rational Emotive Cognitive Behaviour therapy” කියන ප්‍රතිකාර ක්‍රමය යොදා ගන්නවා. තේරෙන සිංහලෙන් කියනවා නම්, සිතීම, හැඟීම සහ ක්‍රියාව එකිනෙකට බැඳිලයි තියෙන්නේ. "මම හොඳ මදි", "හැමදේම කරන්න ඕනේ මම", "මම තනිවෙලා", "මට කවුරුත් නෑ" වගේ සිතුවිලි, ඔබේ සිතේ කේන්තිය, වේදනාව, නිෂ්ඵල බව, අසරණ බව ඇති කරනවා.

ඉතින් කාන්තා ඔබේ හිතට වේදනාව ගෙන එන වේලාවන් වල මේ කියන කාරණා ටික සිතේ තබා ගන්න:

1. ඔබට මේ දැනෙන හැඟීම, ඔබව හෝ ඔබේ වෘත්තිය ගැන නිර්වචනය කෙරෙන්නේ නෑ
2. අනවශ්‍ය සිතුවිලි ඔබේ හිතට එන්නේ නැති වෙන්න, ඔබේ සිතට සීමාවන් පනවන්න
3. ඔබට පාලනය කරන්න බැරි දේවල් අත්හරින්න
4. ඔබේ පෞද්ගලික අවශ්‍යතාවන්ට මුල් තැන දෙන්න
5. ඔබේ සංවේදි බව හඳුනාගත් පුද්ගලයින් සහ ඔබට විවෘතවම සහයෝගයක් ලබා දෙන අය සමඟ සම්බන්ධ වෙන්න
6. ඔබ ඉන්න මානසික තත්ත්වය හසුරුවා ගන්නට අපහසු නම් වෘත්තීය උපදේශකයෙකුගේ සහාය පතන්න. ඒකෙන් ඔබව දුර්වල කෙනෙක් විදිහට පෙනෙන්නේ නැ; ඒ හරහා ඔබට ඔබේ ප්‍රශ්න වලට ඔරොත්තු දීමේ, සහ මුහුණ දීමේ හැකියාව වර්ධනය වෙනවා
7. ඔබේ මානසික යහපැවැත්ම වැඩි කිරීමට උපකාරී වෙන ක්‍රියාකාරකම් කරන්න. නිදසුනක් විදිහට, පත්තරයේ ඇති හරස්පද ප්‍රෙහෙලිකාවන්, ගෙවතු වගාව හෝ මැටි වලින් සරල නිර්මාණ සෑදීම, චිත්‍ර ඇඳීම වගේ සතුටු හිතෙන දේවල් එදිනෙදා ජීවිතයට එකතු කරගන්න.
8. හැකි තරම් හොඳ පොත් තෝරගෙන කියවන්න

විශේෂයෙන්ම වඩා හොඳ සහ සෞඛ්‍ය සම්පන්න මානසික සෞඛ්‍යයක් ළඟා කර ගැනීම සඳහා පැහැදිලි හා ධනාත්මක සිතුවිලි දීර්ඝ කාලීන වශයෙන් ඔබට උපකාරී වෙනවා. හැරියට් ලර්නර් (Harriet Lerner) විසින් රචනා කරපු Dance Of Anger හා ජෝන් බ්‍රැඩ්ෂෝ (John Bradshaw) විසින් රචනා කරපු Healing The Shame That Binds You කියන පොත් හැකි නම් කියවා බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1872 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:34 AM
Script:/article/1872/are-you-in-a-problem-here-are-some-solutions.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:34 AM
Script:/article/1872/are-you-in-a-problem-here-are-some-solutions.html