CC Cream කියන්නේ මොනාද? ලැබෙන ප්‍රතිලාභ මොනාද?

September 24, 2020
11,970
What is CC cream?
මේක් අප් හෝ සම ආරක්ෂණ නිෂ්පාදන ගැන ඔබ බොහෝ තොරතුරු දන්නවා නම්, ඔබ දැනටමත් BB ක්‍රීම් ගැන අහලා හුරුපුරුදු ඇති(BB cream.). පාවිච්චි කරලාත් ඇති. නමුත් ඔබට සීසී ක්‍රීම්(CC cream) ගැනත් ඒ හා සමාන දැනුමක් තියනවාද? BB ක්‍රීම් මෙන්ම CC ක්‍රීම් උමතුව මුලින්ම ආරම්භ වුණේ කොරියාවේ. BB ක්‍රීම් මෙන්ම CC ක්‍රීම් කියන්නෙත් අපේ සමේ අඳුරු පැල්ලම්, කැළැල් වල පෙනුම අවම කිරීම වගේ සමට ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන ආලේපන නිෂ්පාදනයක්. ඒ වගේම CC ක්‍රීම් කියන්නේ බහු කාර්යයන් පෙළක් ඔබට ලබා දෙන රූපලාවන්‍ය නිපැයුමක්. විශේෂයෙන්ම එයින් අපේ සමට හිරු එළියෙන් සම ආරක්ෂා කරන අමුද්‍රව්‍ය සමඟ මොයිස්චරයිසර් ගුණ ලබා දෙනවා සහ සමේ අඩුපාඩු සඟවමින් සම දීප්තිමත් කිරීම වගේ රාජකාරි දෙකක් කරනවා. “CC ක්‍රීම් කියන්නේ මොනවාද?” යන ප්‍රශ්නයට ඔබ තවමත් පිළිතුරක් සොයනවා නම් ඔබේ සම සඳහා නිවැරදි CC ක්‍රීම් තෝරා ගැනීමට, එය ඔබේ මේක් අප් එකට සහ සමේ රැකවරණයට එකතු කිරීම පිළිබඳ උපදෙස් සමඟ වඩාත් විස්තරාත්මක තොරතුරු මෙන්න...

CC ක්‍රීම් කියන්නේ මොනවාද ?
CC ක්‍රීම් කියන්නේ මොනාද කියලා වටහා ගැනීම සඳහා, ඔබ මුලින්ම BB ක්‍රීම් ගැන දැනුමක් ලබා ගන්න ඕනේ. BB ක්‍රීම් (“BB” කියන්නේ beauty balm නැත්නම් blemish balm කියන එකයි) සමේ රැකවරණය සඳහා ප්‍රතිලාභ ලබා දෙන මේක්අප් ආලේපනයක්. එම ප්‍රතිලාභ අතර සමට අවශ්‍ය තෙතමනයේ ඉඳන් දිලිසෙනසුළු බවක්, ආලෝකමත් ආවරණයක් දක්වා ඕනෑම දෙයක් CC ක්‍රීම් හරහා ලබා ගන්න පුලුවන්. BB ක්‍රීම් මෘදු හා සාපේක්ෂව අමිශ්‍ර නිෂ්පාදනයක් වුණත්, CC ක්‍රීම් මුහුණට හොඳ ආවරණයක් ලබා දෙන්න සකසපු ටිකක් ඝණ ක්‍රීම් එකක්. ඒ නිසා CC ක්‍රීම් නමේ තියන “CC” අකුරු වලින් කියන්නේ සාමාන්‍යයෙන් color correcting (වර්ණ නිවැරදි කිරීම) කියන අදහසයි.

ෆවුන්ඩේෂන් හෝ කන්සීලර් වලට වඩා CC ක්‍රීම් වෙනස් වන්නේ කොහොමද ?
ෆවුන්ඩේශන් සහ කන්සීලර් වලින් සමේ කැළැල් සඟවා තබනවා හා සමානවම CC ක්‍රීම් ද ඔබේ සමේ කැලැල්, අඳුරු කව, ලප සඟවනවා. නමුත් ෆවුන්ඩේශන් සහ කන්සීලර් වල වගේ නෙමෙයි, CC ක්‍රීම් ඔබේ සමට, සම රැකදෙන ගුණාංගද සපයනවා.

CC ක්‍රීම් එකක් භාවිතා කරන්න පුලුවන් කාටද?
CC ක්‍රීම් කියන්නේ ගමනක් යද්දී, ඔෆිස් යද්දී මුහුණට හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය වෙන මේක් අප් ආවරණයක්. Make-up කරන ඕනෑම කෙනෙකුට හොඳ තේරීමක්! ඔබට සැඟවීමට අවශ්‍ය මුහුණේ අඳුරු පැල්ලම් තිබෙනවාද? එහෙනම් CC ක්‍රීම් එකක් උත්සාහ කරන්න. ඔබේ මුහුණේ පැහැය වැඩි කර ගැනීමට නිෂ්පාදනයක් සොයනවාද? CC ක්‍රීම් එකක් උත්සාහ කරන්න. ඒ සඳහා ඔබේ සමේ විශේෂිත ගැටළු හෝ අවශ්‍යතා සපුරාලීමට උපකාරී වන CC ක්‍රීම් නිෂ්පාදනයක් ගැන සොයා බලන්න. ඔබට තෙල් සහිත සමක් නම් තියෙන්නේ, තෙල් රහිත CC ක්‍රීම් නිෂ්පාදනයක් භාවිතා කිරීම ගැන සලකා බලන්න. නමුත් ඔබට වියළි සමක් නම් තිබෙන්නේ, වඩාත් තෙතමනයක් සහිත CC ක්‍රීම් නිෂ්පාදනයක් තෝරා ගන්න.

ඔබ CC ක්‍රීම් ආලේප කරන්න ඕනේ කොහොමද?
BB ක්‍රීම්, ටින්ටඩ් මොයිස්චරයිසර් සහ දියරමය ෆවුන්ඩේශන් වගේම CC ක්‍රීම් ආලේප කිරීමටත් පහසුම ක්‍රමය ඔබේ ඇඟිලි වලිනුයි! වටකුරු දාරයක් සහිත ෆවුන්ඩේශන් බ්ලෙන්ඩර් (Foundation Blender) එකක් ද ඒ සඳහා ඔබට භාවිතා කරන්න පුලුවන්. ඔබේ ෆවුන්ඩේශන් බ්ලෙන්ඩර් එකට CC ක්‍රීම් කුඩා ප්‍රමාණයක් යොදන්න (ඔබට අවශ්‍ය ප්‍රමාණයට පමණයි!). ඒකාකාරීව CC ක්‍රීම් ඔබේ මුහුණ මත ආලේප කරන්න. 

CC ක්‍රීම් එක්ක ඔයාගේ මේක් අප් එක…
ඔබේ මුහුණේ පැහැය පරිපූර්ණ කර ගැනීමට CC ක්‍රීම් එකක් භාවිතා කරනකොට ඔබේ ස්වාභාවික සමට ප්‍රමුඛත්වය ලබා දෙන්න. මේක් අප් කරන එක අවම මට්ටමක තබා ගන්න. කැපීපෙණෙන මුහුණක් සඳහා ඇහි පිහාටු වලට ඝනත්වයෙන් වැඩි මස්කාරා එකක් භාවිතා කරන්න. හොඳ කළු පාට අයිලයිනර් එකකින් තුනියට අයි ලයින් එක අඳින්න. වැඩිය ටච් අප් කරන්න ඕනේ නැති මේක් අප් එකක් සඳහා හැකි සෑම විටම මැට් ලිප්ස්ටික් එකක් තොල් වලට යොදන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1843 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:48:41 PM
Script:/article/1843/what-is-cc-cream.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:48:42 PM
Script:/article/1843/what-is-cc-cream.html