කාන්තාවන් බොහොමයකට වැළඳෙන මොකක්ද මේ “බැක්ටීරියල් වැජිනෝසිස්”; මේකට බෙහෙත් තියෙනවද?

July 23, 2019
11,190
What is bacterial vaginosis? is there any medication?
ලිංගික ප්‍රෙද්ශය ගැන අපේ වැඩි අවධානයක් යොමු කළ යුත්තේ හදිසියෙන්වත් මේ ප්‍රදේශයේ රෝග තත්වයක් ඇති වුනොත් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වුනත් යොමු වීම හිතට වධයක්. ඒ වගේම කාටවත් කියන්නවත් පෙන්වන්නවත් බැහැ. නමුත් එහෙම කියලා සඟවා ගෙන ඉන්නත් එපා. මොකද කිව්වොත් නියපොත්තෙන් කඩාගන්න පුලුවන් දේ පොරවෙන් කපන තැනට පත් කරගන්න ඕනැයැ නේද...? එහෙමනම් හැඩකාරියන්ට වැළඳෙන්න ඉඩ තිබෙන මේ ‘‘බැක්ටීරියල් වැජිනෝසිස් “ රෝග තත්වය ගැන ඔබ දැනගෙන හිටියොත් හොඳයි..

මේ රෝගය බොහෝ විට වැලදෙන්නේ ප්‍රජනන වයසේ සිටින හැඩකාරියන් අතරයි. හැබැයි මේ රෝගය ඇත් වෙන්නේ ලිංගික එක්වීමෙන් විතරක් නොවෙයි. කිසිම දිනක ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුයේ නැති කාන්තාවන්ටත් මේ රෝග තත්වය වැලදෙන්න පුලුවනි. ඒ විතරක් නොවෙයි, ගර්භණී කාන්තාවන් අතර වැඩියෙන් දකින්නත් පුලුවනි. සමලිංගික එක් වීම නිසා මේ රෝග තත්වය වැලඳෙන්නේ නැහැ.

එහෙම වෙන්නේ ඇයි...?

හැඩකාරියන්ගේ යෝනි මාර්ගයේ ඇති බැක්ටීරියාවන්ගේ අසමතුලිතතාවයක් ඇති වුනාම ‘‘බැක්ටීරියල් වැජිනෝසිස්” රෝග තත්වය ඇති වෙන්න පුලුවනි. සාමාන්‍යයෙන් හැඩකාරියන්ගේ යෝනි මාර්ගයේ තිබෙන්නේ “ලැක්ටොබැසිලිස්” කියන හිතකර හෝර්මෝනයයි. ඊට අමතරව ඇතරෝසිස් වර්ගයේ නිර්වායු බැක්ටීරියාවන්ගේත් ගහණය තිබෙනවා.

මේ විදිහට තිබෙන බැක්ටීරියාවන්ගේ ගහණය වෙනුවට අහිතකර බැක්ටීරියාවන්ගේ ගහණය වැඩි වුනාම යෝනි තරලය වෙනස් වෙනවා.

ඒ වගේම අලුත් සහකාරයෙක් සමග එක්වීම වගේම සහකරුවන් කීප දෙනෙක් සමග එක්වීම නිසාත් මේ තුලිතතාවය වෙනස් වීමට පුලුවනි. යෝනි මාර්ගය ඇතුලත සේදීම සහ විවිධ සේදුම් වර්ග යොදා ගෙන යෝනි මාර්ගය සේදුවාම හිතකර බැක්ටීරියා ගහනය වෙනස් වීමට පුලුවනි.

දුම්පානය

දුම් පානය කරන කෙනෙකුන් සමග කරන මුඛ ලිංගික සේවනයන්ද “බැක්ටීරියල් වැජිනෝසිස්” රෝග තත්වයට හේතු වෙනවා.

ඉතින් කොහොමද මේ “බැක්ටීරියල් වැජිනෝසිස්” ගැන දැනගන්නේ..?

කලබල වෙන්න එපා...ඔබටම පුලුවනි. ඔබේ යෝනි මාර්ගයෙන් තුනී අලු, කහ හෝ සුදු පැහැති ශ්‍රාවයක් නිකුත්
වෙනවා නම් එය දුගඳ සහිත නම් සමහර විට ලිංගික සංසර්ගයෙන් පසුව මේ දුගඳ තත්වය තවත්
වැඩි වගෙයි නම්... යෝනි මාර්ගයේ හෝ ඒ අවට ප්‍රදේශයේ කැසීම අති වෙනවා නම්… මුත්‍රා කරන විට දනවා නම්… ඔබටම සැකයක් ඇති කර ගන්න පුලුවනි.

ප්‍රතිකාර ගැනීම...

ඔව් ප්‍රතිකාර ගැනීම ක්‍රම දෙකකට සිදු වෙනවා..සමහර විට ප්‍රතිකාර නොලබාම සුවය ලැබෙන අවස්ථාවනුත් තිබෙනවා.

- ප්‍රතිජීවක ඖෂධීය ප්‍රතිකාර

- යෝනි මාර්ගයට ඇතුලත් කරන ජෙල් හෝ ආලේපන

- මේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පැය 48 ක් ගෙවෙන තෙක් මත්පැන්
පාවිච්චියෙන් දුරස්ව සිටිය යුතුයි.

අයියෝ එතකොට කිරි බොන පැටියට නරකක් වුනොත්..?

ඔව් ඒක ඇත්ත ඒ නිසා වෛද්‍යවරුන් කිරි දෙන හැඩකාරියන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට යෝනි මාර්ගයේ ආලේපන ලබා දෙනවා. සමලිංගික කාන්තාවන් නම් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. උපත්පාලන කටයුතුවලට නම් ඖෂධ වලින් කිසිම බලපෑමක් නැහැ.

අවදානම් සාධක තියෙනවාද...?

නැතුවාම නොවෙයි. ගබ්සාවීම්, අඩු බර දරු උපත්, නොමේරූ දරු උපත් ඉතිහාසයක් ඇති අයට ‘‘බැක්ටීරියල් වැජිනෝසිස් “රෝග තත්වය ඇත්තේ නම්….

ප්‍රතිකාර වෙනුවෙන්...
ශ්‍රි ලංකාවේ ප්‍රධාන රෝහල්වල ලිංගික රෝග සායනයන් මගින් ප්‍රතිකාර ලබා ගැනීමට පුලුවනි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1378 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:23:25 PM
Script:/article/1378/what-is-bacterial-vaginosis-is-there-any-medication.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:23:26 PM
Script:/article/1378/what-is-bacterial-vaginosis-is-there-any-medication.html