ඩිමෙන්ශියා අවධානම අඩකින් පහත දමන විශ්මිත පානය

November 19, 2021
8,430
phenomenal drink that reduce dementia risk
වයස්ගත වීම පාලනය කල නොහැකි තත්ත්වයක් වන අතර එක් එක් පුද්ගලයන් වයස්ගතවන විට ඇතිවිය හැකි විවිධ රෝග තත්ත්වයන් පිළිබඳ පොදු බියකින් පසුවනවා.. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවන්ට අනුව ලොව පුරා මිලියන 55 ක පමණ ජනතාවක් ඩිමෙන්ශියා (dementia) රෝගයෙන් පීඩා විදිනවා. වසර 2030 වන විට එම සංඛ්‍යාව මිලියන 78 දක්වා සහ 2050 වන විට මිලියන 139 දක්වා ඉහළ යනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. හෘදය ආශ්‍රිත රෝගයන් වළක්වා ගන්නා ආකාරය පිළිබඳව බොහෝ දෙනා දැනුවත් වුවත් මොළය ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග තත්ත්වයන් පිළිබඳව එතරම් අවධානයක් සහ දැනුවත් වීමක් බොහො දෙනා තුල නැහැ.

නමුත් මෑතකදී කරන ලද අධ්‍යනයකට අනුව තේ පානය කිරීමෙන් ඩිමෙන්ශියාව ඇතිවීමේ අවදානම අඩකින් අඩු කළ හැකි බවට සොයාගෙන තිබෙනවා.

තේ පානය මගින් ඩිමෙන්ශියාව ඇතිවීමේ අවධානම අඩකින් අඩුකල හැකියි



සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් දිනපතා තේ පානය කරන පුද්ගලයන් තුල ඩිමෙන්ශියා රෝගය ඇතිවිමේ අවධානම කෙරෙහි බලපෑමක් එල්ලකල හැකිදැයි පර්‍යේශනයක් සිදුකර තිබෙනවා.. මේ අනුව ඔවුන් වයස අවුරුදු 55 හෝ ඊට වැඩි පුද්ගලයන් 957 දෙනෙකු ඇසුරින් කරන ලද පර්‍යේශනයේ ප්‍රථිඵල ලෙස පහත කරුණු අනාවරණය වී තිබෙනවා.

- සෑම දිනකම තේ පානය කරන පුද්ගලයන් තුල ඩිමෙන්ශියාව වර්ධනය වීමේ අවධානම 50%කින් පමණ අඩුව තිබෙනවා.

- ඇල්සයිමර් රෝගය වර්ධනය වීමේ වැඩි ඉඩක් සහිත APOE e4 ජාන සහිත පුද්ගලයන්ගෙන් ජානමය පරිහානියට ලක්වීමේ අවධානම 86%කින් අඩුවි ඇති බව සොයාගෙන තිබෙනවා.


තේ යනු ඩිමෙන්ශියා අවදානම අවම කිරීම සඳහා ඇති පහසු මිල අඩු ක්‍රමයක්



පර්‍යේශකයන් පවසන ආකාරයට දිනපතා තේ පානය කිරීම ඩිමෙන්ශියා වැනි කරදරකාරි රෝගයක් ආරම්භයට එරෙහිව සටන් කිරීමට යොදාගත හැකි පහසු සහ ලාභදායි ක්‍රමයකි. තේ යනු ලෝකයේ බහුලවම පරිභෝජනය කරන පාන වර්ගයක් වන අතර සරල ජීවන රටාවක් සමග මෙන්ම සංකීර්ණ ජීවන රටාවක් සමග වුවද පහසුවෙන් ගලපා ගත හැකිය.

නැවුම්ව සකසා ගන්නා ලද ඕනෑම තේ වර්ගයකින් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙයි



එක් තේ වර්ගයක් නොව ඕනෑම තේ වර්ගයක් පානය මගින් මෙම සුවිශේෂ ප්‍රතිලාභය ලැබෙන බව සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ ප්‍රකාශයකු පවසනවා. උදාහරන ලෙස තේ ශාකය ඇසුරින් සකස් කරන හරිත තේ, කලු තේ සහ ඕලෝන්ග් යන ඕනෑම වර්ගයක් පානය කරන පුද්ගලටන් හට ඩ්මෙන්ශියා ඇතිවීමේ අවධානම පහත දමා ගත හැකියි. තේ පත්‍රයේ අන්තර්ගත catechins, theaflavins, thearubigins සහ L-theanine වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග හේතුවෙන් මෙය සිදුවන බවත් එමගින් ප්‍රති-ගිනිනාශක (anti-inflammatory) සහ ප්‍රතිඔක්සිකාරකවල (antioxidant ) ක්‍රියාකාරිත්වයෙන් ස්නායු විකෘතිතාවන්ගෙන් මොළයට ආරක්ෂාව ලබාදීමත් සිදුවනවා.

කැෆේන් අඩංගු කෝපි පානයද මොළයේ සෞඛ්‍යය ඉහළ නංවනවා



වෙනත් පර්‍යේශණ මගින් තේ වලට අමතරව කෝපි පානය මගින් ඇල්සයිමර් රෝගය ඇතිවීමේ අවධානම අඩුකරන බව සොයාගෙන තිබෙනවා. එම පර්‍යේශනයට අනුව විශේෂයෙන් dark roast coffee මගින් ස්නායු රෝග මගින් වැඩි ආරක්ෂාවක් සපයනු ලබනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed