පණු රෝග කියන්නේ පුංචි කාලේ ඉඳලාම වයස් භේදයක් නැතිව අපිට වැළඳෙන රෝගී තත්ත්වයක්. ඒ නිසා තමයි අවම වශයෙන් මාස තුනකට වරක් වත් පණු බෙහෙත් බොන්න කියල කියන්නේ. ඒ වගේම ඉතින් පණු රෝග වලින් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් ඔබ තුළ පිරිසිදුකම කියන දේ අනිවාර්යෙන් ආරක්ෂා කර ගත යුතුයි. ඒ වගේම ඔබ ලබා ගන්නා ආහාර පාන වලත් පිරිසිදු බව ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.
පණු රෝග වලින් ආරක්ෂා වෙන්න නම් ඔබ ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි. ගෙදර හැමෝගෙම ඇඳුම් එකම තැනක එකට දාල තියන්නේ නැතුව තම තමන්ගේ ඇඳුම් වෙන වෙනම පිළිවෙලකට තබා ගන්න. එයින් පණු රෝග වගේම අනෙකුත් බෝ වන රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.
තවත් දෙයක් තමයි නිවැරදි වැසිකිලි භාවිතය. වැසිකිලි කැසිකිලි භාවිතය නිවැරදිව සිදු නොවුනොත් එය ඔබේ සෞඛ්‍යට දැඩි ලෙස අහිතකර බලපෑම් ඇති කරන්න හේතු වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන්ට නිවැරදිව වැසිකිලි භාවිතා කරන ආකාරය පුරුදු කිරීම මඟින් දරුවන්ට පණු රෝග අවදානම ඇති වීමෙන් ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒ වගේම මේ පුරුද්ද වැඩිහිටියන් තුලත් නිවැරදිව පැවතීම ඉතාමත් වැදගත්.
දිනපතා ස්නානය හා ශරීරය පිරිසිදුව තබා ගැනීම, ඇඳුම් පැළඳුම් නැවත භාවිතයට ගනිද්දී ඒවා හොඳින් සෝදා වියලා නැවත භාවිතයට ගැනීම, ඔබ භාවිතයට ගන්නා අනෙකුත් බඩු බාහිරාදිය පිරිසිදුව තබා ගැනීම, නියපොතු කොටට කැපීම වගේ හොඳ පුරුදු ඇති කර ගන්න. විශේෂයෙන් කුඩා දරුවන්ට පණු රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතිනවා. ඒ නිසා මේ පුරුදු දරුවන් තුලත් ඇති කරවන්න වැඩිහිටියන් අමතක නොකළ යුතුයි.
උදරය මහත් වීම, බඩේ කැක්කුම, වමනය, නිතර සෙම්ප්‍රතිශ්‍යාව, කෑම අරුචිය වගේම මලබද්ධය ද ඇතිවිය හැකියි. ඇතැම් විටක පාචනය වැනි තත්ත්වයක් ඇති විය හැකියි. ඒ වගේම තවත් අයෙකුට ස්වසන අපහසුතාද ඇති වීමට පුළුවන්. සිරුර කැසිම, බිබිලි ඇති වීම, සිරුරේ ලප ඇති වීම, නිතර කේන්ති යාම, දැඩි වෙහෙසකර බව හා කෙට්ටු වීම යන ලක්ෂණ පණු රෝගය නිසා ඇති වෙන්න පුළුවන්.
මේ ලක්ෂණයන් ඔබ තුළ හෝ ඔබේ දරුවා තුල හෝ පවුලේ අයෙක් තුල දැකිය හැකිනම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්න ප්‍රමාද වෙන්න එපා. ඒ වගේම පණු බෙහෙත් බොද්දි එක එක අය එක එක දවස් වලට බොන්නේ නැතුව ගෙදර හැමෝම එකම දවසක පණු බෙහෙත් බොන්න. එහෙම නැති වුනොත් බොන එකෙනුත් වැඩක් නැහැ.