ඔයා නිරෝගිද කියලා හරියටම දැන ගන්න අත් දෙකෙන් සාත්තරයක් බලමුද?

July 26, 2018
12,534
What to say by looking at your hand
ඔයාගේ අත් දෙක පෙන්නලා ඔයා සාත්තර නම් අනන්තවත් අහලා ඇති. අතේ තියෙන හස්ත රේකා වලින් ඔයාගේ ජීවිතයට සමහරට විට කියපු අනාවැකි එහෙමත් නැතිනම් සාත්තර සමහර විට හරි ගිහිල්ලත් ඇති. ඒත් අද අපි ඔයාට කියන්නේ අත බලලා ඔයා මැරෙන දවස වත්, ඔයාගේ යානවාහන, ගේ දොර ඉඩකඩම්, දරුවෝ ගැනවත් නම් නෙමෙයි. ඔබ දන්නවාද? මේ හැමදේටම වඩා වැදගත් අනාවැකි රැසක් ඔයාගේ අත් දෙක බලලා කියන්න පුළුවන්. ඔයාට යහපත් ජීවිතයක් පවත්වාගෙන යන්න කායික වගේම මානසික සෞඛ්‍යය තත්ත්වයද ඉතාමත් වැදගත් කියලා ඔයා දන්නවානේ. ඉතිං ඔයා මේ ලිපිය කියෙව්වම ඔයාටම පුළුවන් ඔයාගේ සෞඛ්‍යය තත්ත්වය තියෙන්නේ මොන මටිටමේද කියලා හරියටම දැන ගන්න. අද hadakari.com වෙතින් ඔයාට ඉදිරිපත් කරන මේ ලිපය පොඩ්ඩක් කියවලම බලන්නකෝ.

අත්ලට දහඩිය දැමීම

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලූකාරී තත්ත්වයක් තමයි අත්ලට ඉක්මනින් දහඩිය දැමීම. මේක සමාන්‍ය තත්ත්වයක් කියලා ඔයා හිතුවත් ඇත්තටම මෙමගින් පෙන්නුම් කරන්නේ රෝගී තත්ත්වයක්. විශේෂයෙන්ම ඔයා අධික වෙහෙස මහන්සියට පත්ව වැඩ කටයුතු කරනවා නම් එවැනි අවස්ථාවක ඔයාගේ අත්ලට දහඩිය දැමීම සමාන්‍යයයි. ඒ වගේම ඔයා ශාරීරික ව්‍යයාමවල නිරත වෙන විටත් ඔයාගේ අත්වලට දහඩිය දමන්න පුළුවන්. මානසික ආතතිය වැඩි වුණාමත් ඔයාගේ ශරීරයට අධික ලෙස දහඩිය දැමීම සිදු වෙනවා. ඉතිං මෙවැනි ගැටලූකාරී තත්්ත්වයක් ඔයාටත් තියෙනවා නම් මානසික ආතතිය අඩු කර ගන්න එක ඉතාමත් වැදගත්. ඒකට ඔයාට පුළුවන් භාවනා ක්‍රම හා යෝග අභ්‍යාසවල නිරත වෙලා ආතතිය ටිකක් අඩු කර ගන්න.

ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථීයේ ඇති වන ගැටළුවක් නිසාත් මේ විදිහට ඔයාගේ අත් දෙකට වැඩිපුර දහඩිය වහනය වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වී සිටින කෙනෙක් නම් මත්ද්‍රව්‍ය නැවැත් වීම වඩාත් සුදුසුයි. හොදම දේ තමයි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.

අත්ල රුතු පැහැ ගැනීම

වෛද්‍ය වාර්තා වලට අනුව නම් ඔයාගේ අත්ල රතු පාට වෙන්නේ අක්මාවේ තියෙන ගැටලූවක් නිසා විය හැකියි. ඔයාගේ අත්ල රතු පාට වෙනවා නම්, ඒ වගේම වයස අවුරුදු 50 ට වඩා වැඩි නම් ඔයා වඩාත් සැළකිලිමත් විය යුතුයි. සමාන්‍යයෙන් ඔයාගේ අත්ලේ යට පෙදෙස රතු වීම සමාන්‍යය ලක්ෂණයක් වන අතර හෝමෝනවල අසමතුලිතතාවයක් ඇති වු විට ලේ නහර පළල් වීමක් සිදු විය හැකියි. මේ වගේ තත්ත්වයකදි වෛද්‍යවරයෙකු වෙත යොමු වී උපදෙස් ලබා ගැනීම වැදගත් වෙන අතර සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට හුරුවීම වගේම මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම ඉතාමත් වැදගත්.

අත් දෙක හිරි වැටීම

ගොඩක් දෙනෙක්ට මේ ගැටලූව තියෙනවා. ඔයාගේ ශරීරයේ කොහේ හෝ ස්ථානයක යම් හිරි වැටීමක් ඇති වෙනවා නම් ඒක සාමාන්‍යයි. ඒත් ඔයාගේ අත නිතර නිතර හිරිවැටීම්වලට ලක් වෙනවා නම් ඒ ගැන ටිකක් ඔයාට හිතන්න වෙනවා. දිගු කාලයක් තිස්සේ ඔයාගේ සංවේදී නහරයක් තද වීමකට ලක් වීම නිසාත් ඔයාගේ අත නිතර නිතර හිරි වැටීම් වලට ලක් වෙනවා. ඊට අමතරව මැණික් කටුවේ තියෙන ආබාධයක් නිසා හෝ දියවැඩියාව නිසා ඔයාට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරයෙකු වෙත යොමු වීම ඉතා වැදගත්.

අත්ල වියළීමට ලක් වීම

ඔයාගේ අත් දෙක වියළි ස්වභාවයක් ගැනීම යහපත් සෞඛ්‍යය තත්ත්වයක් නම් නෙමෙයි. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔයාගේ සිරුරෙන් ඊස්ට්‍රජන් හෝමෝනයේ හිඟතාවයක් නිසා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා කාන්තාවක් නම් මාසික ඔස්ප්වීමක් සමග ඔයාගේ අත්වලට දහඩිය දැමීමක් සිදු වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් මගහරවා ගන්න නම් ඔයා ශරීරයට අවශ්‍ය පරිදි වතුර බොන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ආහාරවලට ධාන්‍ය වර්ග හා මාළු එකතු කර ගැනීම වැදගත්. අත්ලේ වියළි බව අවම කර ගැනීමට මොයිස්චරයිස් ක්‍රීම් එක්ක භාවිත කරන්න.

ඔයාගේ අත් වෙව්ලීම

අත් වෙව්ලීම ඇත්තටම බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක්. මෙවැනි තත්ත්වයකින් ඔයා පීඩා විදිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත්. මත්පැන්, කෝපී පානය කිරීමෙන් වළකින්න පුළුවන් නම් ගොඩක් හොදයි. ඔයාට හුදෙකලාවට පත්ව හෝ ඔයා සතුව තියෙන මානසික ආතතිය නිසාද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

නියපොතුවල දුර්වලතා

කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වයටත් තියෙන ප්‍රබල ගැටලූවක් තමයි නියපොතුවල තියෙන ගැටලූකාරී තත්ත්වයන්. නියපොතු බිදී ගොස් පිපිරීම් සිදු වෙන්නේ නම් සින්ක් දුර්වලතාවක් නිසා. ඔයාගේ ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වා ගන්න සින්ක් පෝෂණ සංඝටක අත්‍යාවශ්‍යයි. තුවාල ඉක්මනින් සුව වීමට, ෙසෙලවල ක්‍රීයාකාරීත්වයට වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරෝගී බවට සින්ක් පෝෂකය අත්‍යාවශ්‍යයි. ඔයාගේ ආහාරවේලට ඕට්ස් වැනි ධාන්‍ය වර්ග, මස් වැනි සින්ක් අඩංගු ආහාරය එකතු කර ගන්න. වෛද්‍ය උපදෙස් මත සින්ක් අඩංගු විටමින් පෙති ලබා ගැනීම ඉතාමත් වැදගත්.

ඇඟිලිවල අගිසි මහත් වීම

ඔයාගේ ඇඟිලි සාමාන්‍ය ඇඟිලි වලට වඩා වෙනස් නම් ඒ කියන්නේ ඇතැම් ස්ථාන වල අසාමාන්‍ය ලෙස මහත්ව පෙන්නුම් කරනවා නම් ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔයාගේ සිරුරට ලැඛෙන ඔක්සිජන් ප්‍රමාණය හිග වීම නිසා. හදවත් රෝග, පෙනහලූ පිළිකා වගේ තත්ත්වයකදි වුණත් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙකු වෙත යොමු වී අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම ඉතා වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 975 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:05:44 AM
Script:/article/975/what-to-say-by-looking-at-your-hand.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:05:45 AM
Script:/article/975/what-to-say-by-looking-at-your-hand.html