දරුවකුගේ ජීවිතය තුළ ශ්‍රේෂ්ඨ පියෙකු වීමට ඔබ අනුගමනය කලයුතු පියවර

July 12, 2021
17,644
Steps to be a great father
පියෙකු වීම ඔබට දැනෙන්නේ කෙසේද..? එය සෑමවිටම ආශ්චර්යමත් හැගීමක්; පියෙකු වීම පිරිමියෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ‍යක් වන අතර නව පරිච්චේදයක ආරම්භයක් ලෙස හැදින්විය හැකියි. දරුවා මවු කුස තුල සිටිද්දී පොඩි පොඩි අත්පා පහර විදීම, දරුවා පළමුවරට අතටගත් මොහොත, රෑ පුරා අවධියෙන් දරුවාගේ නැපි මාරු කරමින්, අමාරුවෙන් දරු නැළවිලි ගී කියමින් ගතකරන කාලය ආදි සියල්ල ඔබගේ ජීවිතයෙ නොමැකෙන මතක සටහන් වේවි.. නමුත් එසේ කිරීමෙන් ඔබ ශ්‍රේෂ්ඨ පියෙකු වනවාද.. දරුවා ලොකු වනතෙක් නිදිමැරීමෙන්, ඔහු හෝ ඇය රැකබලාගත් පමණින් ඔබට ශ්‍රේෂ්ඨ පියෙකු වීමට හැකිද.. එසේ නම් දරුවකුගේ ජීවිතය තුළ ශ්‍රේෂ්ඨ පියෙකු වීමට ඔබ කුමක් කල යුතුයිද..

පළමු පියවර
කාලය ලබාදෙන්න.. ඇතැම් විට ඔබ ලබාදෙන සියලු භෞතික දෙයට වඩා දරුවන්ට වැදගත් වන්නේ ඔබ ඔවුන් සමග ගතකරනු ලබන කාලයයි.. දරුවන්ට කාලය ලබාදීම තුළින් ඔබත් දරුවාත් අතර බැඳීම් ශක්තිමත් වනවා.. සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු 30ක කාලයක්වත් දරුවන් සමග ගතකිරීම මගින් ඔවුන් තුල සංජානන කුසලතා සහ ශාරිරික සංවරධනය (cognitive and physical development) සිදුවනු ලබනවා.. එමෙන්ම දරුවන් සමග දිනකට යම් කාලසීමාවක් ගත කිරීම පියෙකු ලෙස ඔබටත් ඉතා ප්‍රයෝජනවත් වනවා.. එමගින් දවස පුරා වැඩ කිරීමෙන් ඇතිවන වෙහෙස සහ ආතතිය දුරුවනවා.

දෙවන පියවර
දරුවන්ට ඔබතුල ඇති ආදරය පෙන්වීමට විවිධ ක්‍රම සොයා ගන්න. දරුවන් ස්වභාවයෙන්ම ඇතැම් විට මුරණ්ඩු ගති ස්වභාවයන් පෙන්නුම් කරනවා.. ඉතින් පියවරුන් බොහෝ විට දරුවන් හික්මවා ගැනීම සඳහා දැඩි ගති ස්වභාවයක් පෙන්නුම් කරනවා.. එය පියවරුන්ගේ පෞර්ශත්වයට පොදු ගුණාංගයකි. දරුවන්ට තමා තුල ඇති ආදරය පෙන්වීමට ඔබට විවිධ ක්‍රම අත් හදා බැලීමට පුලුවන්.. දරුවා නින්දට යන්තෙක් ඔහු ප්‍රිය කරන කතා පොතක් කියවීම, ගීතයක් ගායනා කිරීම, දරුවා කැමති ආහාර පිළියෙල කරදීම, ඔවුන්ගෙ අධ්‍යාපන කටයුතු සඳහා සහය වීම, ඔවුන් කැමති ක්‍රීඩාවක යෙදී, දරුවා පාසල් ගෙනයාම/ නැවත පාසලින් ගැනීම ආදී විවිධ දෑ සිදුකල හැකියි. ඔබ සිදුකරන ක්‍රියාව කුඩා වුවත් ඔබ ඔවුන්ට ලබාදෙන ආදරය දරුවාට ඔබ කෙරෙහි මිත්‍රශීලි හැඟීම් ගොඩනැගීමට උපකාරි වනවා.

තුන්වන පියවර
දරුවාගෙ ගුරුවරයා වන්න. දරුවාට ජීවිත කාලය පුරා කෙතරම් ගුරුවරුන් සිටියත් දරුවාගේ ජීවිතයේ පළමු ගුරුවරයා තම පියායි. ඔවුන් බොහෝ විට තම පියා අනුගමනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. විශේෂ‍යෙන් ජීවිතය පිළිබද බොහෝ පාඩම් ඔවුන් ඔබගෙන් ඉගෙන ගන්නා අතර ශ්‍රේෂ්ඨ පියවරුන් සෑම විටම තම දරුවාට අනුගමනය කිරීමට සහ ඉගෙන ගැනීමට හැකි පරිදි ධනාත්මක ආදර්ශයන් සපයනවා. ජීවිතය තුලදී හරි දේ වැරදි දේ තෝරා ගැනීමට, අවංක වීමෙ වටිනාකම, නිවැරදි දේ තෝරාගන්නා ආකාරය සහ වැටුණු විට නැවතත් නැගී සිටින ආකාරය පිළිබද පාඩම් දරුවාට කියාදෙනු ලබනවා. පියා සෑමවිටම දරුවාගේ සහජ කුසලතා බල ගැන්වීමටත්, හැකියාවන් තුළින් නිවැරදි ගමන් මාර්ගයේ ගමන් කරවීමටත් වග බලා ගන්නවා.

හතරවන පියවර
පවුල එකට එකතු කරන්න. ශ්‍රේෂ්ඨ පියවරුන් සෑම විටම තම පවුල සමග එක්ව කටයුතු කරන අතර පවුලේ වේලාවක් වෙන්කර පවුලේ සිටින සියලුම සාමාජික සාමාජිකාවන් එකට එකතු කර එම වේලාව තුල පවුලේ සියලු දෙනාට එය අමතක නොවන අත්දැකීම් ලබාදෙන වේලාවක් බවට පත්කිරීමට කුඩා හෝ දෙයක් සැලසුම් කරනවා. ඊට අදාලව ඔහු ඔහුගේ කාර්‍යබහුල ජීවන රටාව තුල කාලසටහනක් සාදා ගන්නවා.. දරුවන් ප්‍රිය කරන චිත්‍රපටියක් බැලීමට යාම, මුහුදු වෙරළට, ක්‍රීඩා පිටියට, උද්‍යානයට යාම නැතිනම් විනෝද චාරිකාවක් යාම වැනි සුළු හෝ ක්‍රියාවක් කර පවුලේ සියල්ල එකට එක් කරනවා. එතුලින් පියා තම පවුල කොතරම් වැදගත්ද , කොතරම් ආදරේද යන්න පෙන්වීමට සියල්ල සැලසුම් කරනවා.

පස්වන පියවර
දරුවන්ගේ මවට නිසි ගෞරවය ලබාදෙන්න.. හොඳ පියෙක් සෑමවිටම දරුවන්ට හොඳ පියෙක් වනවා පමණක් නොව තම බිරිඳට හොඳ ස්වාමි පුරුෂයකු වනවා.. දරුවන්ගේ මවට විශේෂ සැලකිල්ලක් ලබාදෙමින් ඇයට රැජිනකට සේ සලකනු ලබනවා. තම පියා තම මවට දක්වන ආදරය, ගෞරවය, සැලකිල්ල මත දරුවන් අනෙකුත් කාන්තාවන්ට ගරු කිරීමට සෑමවිටම ඉගෙන ගන්නවා. මවුපියන් එකිනෙකා හා ආදරයෙන් සාමකාමිව සිටීම මගින් සෑමවිටම දරුවන් තුල ආරක්ශාකාරි ගැඟීම් වර්ධනය කරන අතරම ඔවුන්ගේ පෞර්ශත්ව වර්ධනයටද උපකාරි වනවා. එමෙන්ම සම්බන්ධතාවයක ඇති වැදගතමත් එකිනෙකාට ගෞරව කරනා ආකාරයත් ඔවුන් එවිට ඉගෙන ගනු ලබනවා.

ඉතින් ඉහත කරුණු අධ්‍යනය මගින් ඔබටත් ඔබ පිළිබඳව ස්වයං විනිශ්චයක් සිදු කර ගැනීමට හැකි වුනාද.. නැතිනම් ඔබ දැනටමත් ශ්‍රේෂ්ඨ පියෙකුගේ භූමිකාවට අවතීර්ණ වෙලාද යන්න පිලිබඳ වැටහීමක් ඔබට ලැබෙන්නට ඇති.. පියෙකු වීම මෙලොව ඇති සුන්දරම හැඟීමක් වන අතර දරුවාගේ ජීවිතය තුල ශ්‍රේෂ්ඨ පියෙකු වීමම කොතරම් වටින්නේද..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2015 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:37:03 AM
Script:/article/2015/steps-to-be-a-great-father.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:37:04 AM
Script:/article/2015/steps-to-be-a-great-father.html