අලුත උපන් බිළිඳකු වඩා ගැනීමේදී මතක තබා ගත යුතු කරුණු

July 5, 2020
10,632
Things to keep in mind when you hold a baby
අලුත උපන් බිළිඳකු වඩා ගැනීම ඉතා අමාරු කාර්ය​යක්. ඔයා දවසක පළමු වරට මවක් වන්නේ නම් දරුවා ඔයාගේ අත්වල තබාගෙන සිටින මොහොතේදී, නිසැකවම ඔයාගේ දෑත් වෙව්ලන්නට පටන් ගනීවි. ඔයාගේ හදවත වේගයෙන් ගැහෙන බවක් ඔයාට දැනෙන්නට පුළුවන්. කුඩා දරුවා ඔයාගේ අතේ තබාගෙන සිටියදී තුවාල වේ යැයි නිරන්තර බියක් ඇති විය හැක. දරුවා ආරක්ෂිතව සහ සුවපහසු ලෙස ඔයාගේ අත්වල තබා ගන්නේ කොහොමද යන්න පිළිබඳව ඔයාට බොහෝ ප්‍රශ්න ඇති විය හැක. අද හැඩකාරී අපි ඔයාට අලුත උපන් බිළිඳකු ආරක්ෂිතව වඩා ගැනීමේ නිවැරදි ක්‍රමය කියන්නම්.

අත් පිරිසිදු කරන්න
ළදරුවෙකු අල්ලා ගැනීමට පෙර අත් සේදීම නොසලකා හැරිය නොහැකි පියවරක්. අපේ දෑත් විවිධ විෂබීජ හා බැක්ටීරියා වලින් පිරී ඇති අතර එය දරුවාට හානිකර විය හැක. ළදරුවෙකු ඉපදෙන විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුළුමනින්ම වර්ධනය නොවී ඇති අතර දරුවන් අසනීප වීමට වැඩි ඉඩක් ඇත. මෙය සිදුවීමට ඉඩ දෙන්න බැහැ. එබැවින්, ළදරුවෙකු ඇල්ලීමට පෙර තත්පර 30 ක් සබන් සහ වතුර භාවිතයෙන් ඔයාගේ අත් නිසි ලෙස සෝදන්න.

පහසුවෙන් ඉන්​න
ඔයාට සුවපහසුවක් දැනෙන්නේ නැති නම් දරුවා වඩා ගන්න බැහැ. මානසික ආතතිය නැති කර ගන්න. දරුවෙකු වඩා ගැනීම එතරම් අපහසු දෙයක් නෙමෙයි. නමුත් ඔයා නිවැරදි පියවර අනුගමනය කළ යුතුයි. එබැවින්, විශ්වාසය ගොඩ නගා ගන්න.

සහාය ලබා දෙන්න
තොටිල්ලේ සිට හෝ වෙනත් කෙනෙකුගේ දෑතින් දරුවා අතට ගන්නා අතරතුර, ඔයාගේ එක් අතකින් කුඩා දරුවාගේ හිස සහ බෙල්ලට ආධාර කරන්න. ළදරුවෙකුගේ හිස උපතේදී ඔවුන්ගේ ශරීරයේ බරම කොටස වන අතර ඔවුන්ගේ බෙල්ලේ චලනයට අවශ්‍ය මාංශ පේශි වැඩී නොමැති බැවින් මෙම ආධාරක සහාය දරුවාට අවශ්‍යයි.

ස්ථානය තෝරන්න
සහයෝගය ලබා දීමෙන් පසු අනෙක් අත දරුවාගේ ශරීරය යටට තැබිය යුතුයි. ඔයා දරුවා ඔසවා ගත් පසු, ඔයාගේ පපුවේ මට්ටමට ගෙනෙන්න. දරුවාගේ බෙල්ලට අතින් සහාය ලබා දෙමින්ම ඉන්​න. 

ළමයාව අතේ රඳවාගැනීමට සුදුසුම ක්‍රම කීපයක් පහතින් අපි කියා දෙනවා.

1. තොටිලි ඉරියව්​ව
මෙම වඩා ගැනීමේ ඉරියව්ව අලුත උපන් බිළිඳකු තබා ගැනීමට පහසුම ක්‍රමයක්.

උපදෙස්: 
දරුවාගේ හිස සහ බෙල්ලට ආධාර කිරීම සඳහා ඔයාගේ දකුණු අත ඉහළ සිට පහළට තල්ලු කරන්න. දරුවා​ගේ හිස ඔයාගේ වැලමිට පෙදෙසින් තබාගනිමින් දකුණු අත දරුවා​ගේ පසුපසින් පහලට ගෙන යන්න. දැන් ඔයාගේ වම් අත දරුවාගේ උකුල දෙසින් රඳවා දරුවාව ඔයාට පහසු විදිහට සමීප කරගෙ​න තියා ගන්න. 

2. උරහිස් රඳවා තබා ගැනීම
උරහිස් රඳවා තබා ගැනීම දරුවාට නිදා ගැනීමට සුදුසුයි.

උපදෙස්: 
එක් අතක් දරුවාගේ බෙල්ල සහ හිස අතර තබා අනෙක් අත දරුවා​ගේ පසුපස යටින් තබමින් දරුවාව ඔසවා ගන්​න. දරුවාගේ සිරුර ඔයාට සමාන්තරව ගෙන ඔවුන්ගේ හිස ඔබේ උරහිස් මට්ටමට ගන්​න. දරුවාගේ හිස ඔයාගේ උරහිස මත තබාගෙන හිස සහ බෙල්ලට එක් අතකිනුත්, පසුපස ප්‍රදේශය අනිත් අතිනුත් අල්ලා​ගන්න.

3. උකුල මත රඳවා තබා ගැනීම
අලුත උපන් බිළිඳකු රඳවා තබා ගැනීම පහසු ස්ථානයකි. ඔයා පළමු වරට ළදරුවෙකු වඩා ගන්නේ නම්, උකුල මත තබා ගැනීම වඩාත් සුදුසුයි.

උපදෙස්: 
ඔයාගේ පාද බිම තබාගෙන සුව පහසු පුටුවක වාඩි වන්න. දැන් දරුවා ඔයාගේ උකුලේ තබන්න. ඇයගේ / ඔහුගේ හිස උඩුබැලි අත​ට ඔයාගේ දණහිස ගාවට තබාගන්​න. ඔබේ අත් දෙකෙන්ම ඔවුන්ගේ හිසට ආධාර කර ඔයාගේ අත්වල යටි බාහු (Forearms) ඔවුන්ගේ සිරුර යටින් තබන්න. දරුවන්ගේ පාද ඔයාගේ ඉණ හා ගැටී තිබි​ය යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1680 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:48 AM
Script:/article/1680/things-to-keep-in-mind-when-you-hold-a-baby.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:49 AM
Script:/article/1680/things-to-keep-in-mind-when-you-hold-a-baby.html