දරුවන්ගේ නින්ද ප්‍රශ්නයක් උන දෙමාපියන්ට හොඳම විසඳුමක්

January 26, 2019
14,953
For parents who have the problem of making kids sleep
පුංචි දරුවෙක් ඉන්න අම්මලා තාත්තලා බහුතරයකට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවන්ගේ නින්ද. මොකද සමහර දරුවෝ කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට නිදා ගත්තත් සමහර දරුවෝ නම් එහෙම නැහැ. ඒ අයව නිදි කරවන එක වගේම ප්‍රමාණවත් කාලයක් නිදි කරවලා තියෙන එකත් දෙමාපියන්ට ලොකු ප්‍රශ්නයක්. දරුවෙක් හොඳ නින්දක් ලබනවා කියන්නේ දරුවට වගේම දෙමාපියන්ටත් ඒක ගොඩක් වැදගත් දෙයක්. මොකද දරුවෙක්ගේ යහපත් වර්ධනයට වගේම නිරෝගී භාවයට ප්‍රමාණවත් නින්දක් කියන්නේ අවශ්‍යම දෙයක්. මේක දෙමාපියන්ටත් බොහෝ පැති වලින් වැදගත් වෙන දෙයක්. කාර්යබහුල දෙමාපියන් දෙදෙනෙක් නම් ඔවුන්ට රාත්‍රිය පුරාවටම දරුවා නිදි කරවන්න වෙහෙස වෙන්න වෙනවා කියන්නේ පහුවදාට ඔවුගේ කටයුතු හරියට කරගන්න අපහසු වෙනවා. සමහර දරුවෝ හරි නින්දක් ලබාගත්තේ නැති උනහම නිතරම දෙමාපියන්ට කරදර කරනවා ඔවුන් ඉන්නේ හරිම අපහසුවෙන්. මේ නිසා දරුවෙක්ට ප්‍රමාණවත් නින්දක් ලබාගන්න පුරුදු කරන එක වගේම ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන එකත් බොහොම වැදගත් දෙයක්. ඒ නිසා අද අපි ඔබට කියන්නේ දරුවෙක්ට හොඳ නින්දක් ලබාදෙන්න ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන.

01. එකම වෙලාවකට නිදාගන්න වගේම අවදිවෙන්න හුරු කරන්න

පුංචි කලේ ඉඳලම ඔබ දරුවට එකම වෙලාවක නිදාගන්න වගේම ඇහැරෙන්න හුරු කරනවා නම් ටික කාලයක් ගත වෙනකොට දරුවා ඉබේම පුරුද්දක් විදිහට ඒ වෙලාවල් වලට නිදාගන්න හුරු වෙනවා. මේක දෙමාපියන්ට ලොකු පහසුවක්. මොකද එතකොට දරුවාව අමාරුවෙන් නිදි කරවන්න උත්සහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදි වෙලාව ලං වෙනකොට ඉබේම දරුවට නිදිමත එනවා. ඒ වගේම එයා හුරැ වෙලා තියෙන විදිහට ප්‍රමාණවත් නින්දකින් පසු ඇහැරෙනවා.

02. නින්දට කලින් දරුවාගේ මනස සැහැල්ලු කරන්න

හොඳ නින්දක් දරුවෙක්ට ලැබෙන්න නම් දරුවට හොඳ මානසික තත්වයක් තියෙන්නම ඕනේ. අපිට දරුවාගේ මනස සැහැල්ලු කරන්න මනස සැහැල්ලු කරන සංගීත කාණ්ඩයක් දරුවට ඇසෙන්න සලස්වන්න පුළුවන්. ඔබට පුළුවන් දරුවට නින්ද යනකන් ඔහුට කතන්දරයක් කියන්න. ඒ වගේම දරුවගේ හිස සෙමින් අතගාන්න පුළුවන් එතකොට දරුවට ඔබේ ආදරේ දැනෙනවා වගේම දරුවාගේ මනස ඉක්මනින් සැහැල්ලු වෙනවා. ඔහු නින්දට යන්නේ සතුටින්. ඒ නිසා ඔහුට පුළුවන්
හොඳ නින්දක් ලබාගන්න.

03. නින්දට සුදානම් වෙන පුරුදු කිහිපයක් ඇතිකර ගන්න

නින්දට පෙර හැමදාම කරන පුරුදු කිහිපයක් ඇතිකර ගත්තොත් දරුවෝ ඒ ක්‍රමයට අනූව නිතරම නිදාගන්න හුරු වෙනවා. මේක දරුවන්න නිදාගන්න බල කරන්නේ නැතුව දරුවන්ව නිදාගන්න සුදානම් කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. රාත්‍රී ආහාරයෙන් පසු දත් මැදලාල මුහුණ සෝදාගෙනල ඇඳට ගිහින් කතන්දරයක් කියවලා නිදාගන්න දරුවන්ව හුරු කරන්න පුළුවන්. එතකොට මේ දේවල් කරනකොටම දරුවා දන්නවා ඔහුට නිදාගන්න අවශ්‍ය වෙලාව ඇවිත් කියලාග මේ නිසා දෙමාපියන්ට වගේම දරුවටත් පහසුයි.

04. වැඩිහිටි දරුවන් දිවා කාලයේදී ලබාගන්න කෙටි නිදාගැනීම් අඩු කරන්න

අවුරුදු 3 - 5 ත් අතර ඉන්න දරුවෝ නිතරම දහවල් කාලයේදී කෙටි නින්දවල් නිදා ගන්නවා නම් ඒ අයට රාත්‍රියේදී හොඳ නින්දක් ලබාගන්න ටිකක් අපහසුයි. ඇත්තටම මේ දරුවන්ට අවශ්‍ය දහවල් කාලයේදී ලබාගන්න කෙටි නින්දවල් වලට වඩා රාත්‍රී කාලයේදී ලබාගන්න හොඳ දිගු නින්ද. මේ නිසා දරුවන්ව කෙටි නිදගැනීම් අඩු කරලා රාත්‍රියට ප්‍රමාණවත් නින්දක් ලබාගන්න හුරු කරන්න.

05. නින්දට සුදුසු විදිහට කාමරය සකස් කරන්න

ඇත්තටම දරුවන්ට හොඳ නින්දක් ලබාගන්න ඒ අයගේ නිදන කාමරය සකස් වෙලා තියෙන විදිහත් බලපානවා. තරමක් විශාල කාමර වලදී දරුවන්ට ටිකක් නිදාගන්න අපහසුයි. ඒ වගේම දරුවන්ගේ නිදන කාමරයේ ආලෝකය අවශ්‍ය විදිහට පාලනය කරන්නත් ඕනේ. තද ආලෝකයන් දරුවාගේ කාමරයට වැටෙනවා නම් දරුවට හොඳ නින්දක් ලබාගන්න අපහසුයි. ඒ වගේම හැකි තරම් බාහිර ශබ්ධ වලින් දරුවාගේ නින්දට බාධාවක් නොවෙන විදිහට දරුවාගේ නිදන කාමරය සකස් කරන්න ඕනේ.

06. දරුවට රාත්‍රියේදී ආරක්ෂාකාරී හැඟීමක් දැනෙන බවට තහවුරු කරගන්න

සමහර දරුවෝ බයයි රාත්‍රියේදී තනියම නිදාගන්න. මේ වගේ වෙලාවල් වලට ඔබට දරුවාගේ හිතේ තියෙන බය නැති කරන්න වෙනවා. අඳුරට බය දරුවෝ ඉන්නවා නම් ඒ අයගේ කාමර වලට ආලෝකය අඩු විදුලි බල්බයක් දන්නා පුළුවන්. ඒ වගේම දරුවෝ බය හිතෙන එඩ වැඩසටහන්, පරිගණක ක්‍රීඩා වගේ දේවල් බලනවා නම් ඒ දේවල් වලින් දරුවන්ව ඈත් කරන්න. නිතරම දරුවට ආරක්ෂාකාරී හැඟීමකින් නිදාගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න.

07. Caffeine අඩංගු ආහාර පාන සීමා කරන්න

බොහෝ දුරට හොඳ දහවල් කාලයෙන් පසු දරුවන්ට මේ දේවල් නොදී ඉන්නවා නම් තමයි. මොකද caffeine අඩංගු ආහාර පාන දරුවන්ගේ සුව නින්දට බාධා කරනවා.

08. හරි වෙලාවට හරිම ප්‍රමාණයෙන් ආහාර දෙන්න

දරුවන් අනවශ්‍ය ලෙස වැඩිපුර ආහාර ගත්තත් මදි වෙන්න ආහාර ගත්තත් මේ දෙකම දරුවන්ගේ හොඳ නින්දට බලපෑම් කරනවා. නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි වෙලාවට ආහාර ගත්තේ නැත්නම් දරුවෝ නින්දට යන්නේ අපහසුවෙන්. මේ නිසා දරුවන්ට හරි වෙලාවට හරිම ගානට කන්න දෙන්න.

09. නිවැරදි කාලයේදී දරුවන්ව තනියම නිදාගන්න හුරු කරන්න

ගොඩක් දෙමාපියෝ කරන ලොකු වැරද්දක් තමයි දරුවන්ව තනියම නිදාගන්න හුරු නොකරන එක. මේක දරුවන්ට හොඳ නින්දක් ලබාගන්න බාධාවක් වගේම, දරුවන්ගේ පෞර්ෂ වර්ධනයටත් බලපාන දෙයක්. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ඔබට දරුවාව තනියම නිදියන්න හුරු කරවන එක පහසු දෙයක් නොවෙයි. මේ නිසා අඩුම තරමේ දරුවට අවුරුදු 3 ක් විතර වෙනකොට වත් දරුවට තනියම නිදියන්න හුරු කරන්න.

10. දහවල් කාලයේදී වැඩි වශයෙන් දරුවාව ස්භාවික ආලෝකයට හුරු කරන්න
 
විශේෂයෙන් උදේ කාලයේදී දරුවාව ස්භාවික ආලෝකයට හුරු කරන්න. මේක දරුවට දහවල් කාලයේදී අවදියෙන් ඉන්න උදවු කරනවා වගේම රාත්‍රියට හොඳනින්දක් ලබා ගන්නත් උදවු වෙනවා. මේ නිසා දහවල් කාලයේදී පුළුවන් තරම් දරුවන්ට ස්භාවික ආලෝකයත් එක්ක ගැවසෙන්න අවස්ථාව දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1244 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:32 AM
Script:/article/1244/for-parents-who-have-the-problem-of-making-kids-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:33 AM
Script:/article/1244/for-parents-who-have-the-problem-of-making-kids-sleep.html