ඔබ නිතරම ඔහුගේ අත අල්ලගෙනම සිටිය යුත්තේ මේ නිසයි

June 25, 2017
15,079
Here is why you should hold hands more with your partner
ආදරවන්තයින් දෙදෙනෙක් පාරේ යනකොට එනකොට කතාබහ කරනවිට නිතරම සිටින්නේ එකිනෙකාගේ දෑත් වලින් අල්ලාගෙන. මේ වැඩේ බොහෝ විට සිදුවෙන්නේ නිරායාසයෙන්මයි. මොකද අපි හිතල අත් අල්ල ගන්නවට වඩා බොහෝ අවස්ථාවලදී කරන්නේ පුරුද්දක් විදිහට ඉබේටම අත් අල්ලා ගන්න එකයි. මේ නිසා ඔවුන් දෙදෙනා අතර කායිකව වගේම මානසිකවත් බැදීමක් ඇතිවෙනවා. ඒ වගේම තමයි ඔබ දෙදෙනාටම අත් අල්ලාගෙන සිටීමෙන් කායිකව වගේම මානසිකවත් ලැබෙන ඉතා හොද ප්‍රතිපල.

1. ඔබට ආරක්ෂාවක් දැනෙනවා

අපි පුංචි කාලේ උනත් මොකක් හරි දෙයකට බය උනොත් ඉක්මනට ගිහින් අම්මගේ හරි තාත්තගේ අතින් අල්ල ගන්නවා. මේ නිසා අපේ හිතට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක්. මේ පුරුද්ද අපි වැඩිහිටියන් උනා කියලා වෙනස් වෙන්නේ නැහැ. අපේ පෙම්වතාගේ හරි සැමියාගේ හරි අතින් අල්ලාගෙන ඉන්න කොටත් අපේ හිතට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක්.

2. ඔබ දෙදෙනා අතර ශක්තිමත් සබදතාවයක් පවතින බව අගවනවා

ඔබ දෙදෙනා අත් අල්ලාගෙන ප්‍රසිද්ධ තැන වල ගැවසෙන විට ඔබ දෙදෙනාව දකින අයට ඒ මගින් යම් පණිවිඩයක් ලබා දෙනවා ඔබ දෙදෙනා අතර ශක්තිමත් සබදතාවයක් පවතින බවට. ඒ වගේම එය ඔබ දෙදෙනාව තව තවත් ලං කරනවා.

3. ඔබ දෙදෙනාගේ සබදතාවයේ සමානාත්මතාවය පෙන්නුම් කරනවා

දෑත් අල්ලාගෙන ඔබ දෙදෙනා ඇවිදගෙන යන විට එයින් පෙන්නුම් කරන තවත් දෙයක් තමයි ඔබ දෙදෙනා අතර පවතින සමානාත්මතාවය. මෙයින් පෙන්නුම් කරනවා ඔබ දෙදෙනාගෙන් කිසිම කෙනෙක් එකිනෙකාව පාලනය කිරීමට උත්සහ නොකරන බව. ඒ වගේම ප්‍රශ්න වලට ඔබ දෙදෙනාම එක්ව මුහුණ දෙන බව.

4. ආතතිය අඩු කරනවා

එක් අයෙක් ආතතියට පත්ව සිටින අවස්ථාවක අනෙකා ආදරයෙන් ඔහුගේ හෝ ඇයගේ දෑත් අල්ලාගෙන සිටියි නම් එය ආතතියට පත් පුද්ගලයට විශාල සහනයක් ගෙන දෙනවා ආතතිමය තත්වයෙන් මිදීමට. මොකද මේ අවස්ථාවේදී ඔවුන්ගේ මොළයට දැනුම්දෙනු ලබනවා ඔවුන් එම අවස්ථාවේ තනිවී නොමැති බවත් ඔවුන්ට උදවු කිරීමට අයෙක් සිටින බවටත්.

5. වේදනාවන් අඩු කරනවා

ඔබ යම් වේදනාවකින් සිටින විට එය අඩු කර ගැනීමට මේ මගින් හැකියාවක් ලැබෙනවා. මේ අවස්ථාවේ ඔබේ සිරුරේ නිපදවෙන සිරුරට හිතකර හෝර්මෝන නිසා ඔබේ වේදනාවන් ඉක්මනින් අඩුවී යනවා.

6. රැධිර පීඩනය යහපත් මට්ටමක පවත්වාගෙන යන්න උපකාරී වෙනවා

මේ සදහාත් බලපානු ලබන්නේ ඔබ දෙදෙනා අත් අල්ලාගෙන සිටින විට සිරුරෙන් නිපදවෙන හිතකර හොර්මොනයි. ඒ වගේම මේ අවස්ථා වලදී ආතතිය ඇතිවීම සදහා බලපාන ආතතිමය හෝර්මෝන ඔබේ සිරුරේ නිපදවෙන්නේ නැහැ.

7. ඔබ දෙදෙනාගේ සබදතාවය ස්ථිර කරනවා

ඔක්සි ටෝක්සින් නමැති ආදර හෝර්මෝනය මේ අවස්ථාවේ නිපදවෙන නිසා එය ඔබ දෙදෙනාගේම ආදරය තව තවත් වැඩිවීමට හේතුවක් වෙනවා. මේ නිසා ඔබ දෙදෙනාටත් නොදැනීම ඔබ දෙදෙනාගේ සබදතාවය ශක්තිමත් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 327 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:14 AM
Script:/article/327/here-is-why-you-should-hold-hands-more-with-your-partner.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:15 AM
Script:/article/327/here-is-why-you-should-hold-hands-more-with-your-partner.html