පිරිමින්ගේ මේ දේවල් වලට තමා කාන්තාවන් වැඩිපුරම කැමති

April 7, 2017
47,192
Qualities Women Want in Their Men
කාන්තාවන් බහුතරයක් ආවට ගියාට පිරිමින්ට කැමතිවෙන අය නොවෙයි. මේ අයත් සහකරුවෙක් සොයාගන්න කලින් ගොඩක් දේවල් ගැන හොයල බලනවා. මෙහෙම හොයල බලන එකේ කිසිම විදිහක වැරද්දක් නෑ. මොකද කාන්තාවක් තෝරාගන්න සහකරුවා මත තමයි ඇයගේ අනාගතයම තීරණය වෙන්නේ. මේ තමයි කාන්තාවන් වැඩිපුරම කැමති පිරිමි ගතිගුණ.

1. සැහැල්ලු බව

කාන්තාවන් කැමති නැහැ තමන්ගේ මුළු ජිවිත කාලයම බොහොම සංකීර්ණ විදිහට හිතන කෙනෙක් එක්ක කාලය ගත කරන්න. ඔවුන් කැමති ජීවිතය ගැන වගකීමෙන් හිතන නමුත් සැහැල්ලුවෙන් ජීවිතය ගතකර පිරිමි අයට.

2. යහපත් ආර්ථික මට්ටම

කාන්තාවක් ස්භාවයෙන්ම ආර්ථික අතින් ආරක්ෂාවක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙනවා. මේ නිසා කාන්තාවන් කැමති යහපත් ආර්ථික මට්ටමක් තියන පිරිමියෙක්ට. නමුත් ඉතින් කොයි කවුරුත් කියනවා වගේ හැම කාන්තාවම පොහොසත් පිරිමියෙක් හොයන්නේ නැහැ තමන්ගේ සහකරුවා කරගන්න. කාන්තාවන්ට අවශ්‍ය ආර්ථික අතින් ශක්තිමත් සහ ඒ පිලිබදව උත්සහයක් ඇති අයෙක්.

3. ආදරණිය බව

මේ දේ තමයි කාන්තාවකට පිරිමියෙක් ගෙන් වැඩිපුරම අවශ්‍ය කරන්නේ. මොකද ආදරණිය සහකරුවෙක් කාන්තාවකට හිමිවෙනවා කියන්නේ ඇයගේ ජීවිතය සුන්දර එකක් වෙනවා කියන එකයි.

4. යහපත් සෞක්‍ය තත්වය

කාන්තාවක් පිරිමියෙකුගේ නිරෝගීකම පිලිබදවත් සැළකිල්ලක් දක්වනවා. මොකද පවුල ගොඩනගන ඔහු යහපත් සෞඛ්‍ය තත්වයක් තිබෙන අයෙක් නම් ගැටළුවක් නැතුව ඔවුන්ගේ පවුල් ජීවිතය ඉදිරියට ගෙනයා හැකියි. මේ නිසා කාන්තාවක් සහකරුවෙක් තෝරාගන්න කලින් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන හොදින් සොයා බලනවා.

5. බලාපොරොත්තු

කාන්තාවක් සැලකිලිමත් වෙන තවත් දෙයක් තමයි පිරිමියෙකුගේ තිබෙන අනාගත බලාපොරොත්තු. ඔහු අනාගත පිළිබදව සැලසුම් ගොඩ නොනගන බලාපොරොත්තු රහිත අයෙක් නම් කාන්තාවක් කැමති වෙන්නේ නැහැ ඔහුත් සමග තම ජීවිතය ආරම්භ කරන්න.

6.විවෘත්ත භාවය

කාන්තාවක් අකමැතියි කිසිම දෙයක් පිළිබදව අදහස් හුවමාරු කර නොගන්නා සියල්ල තනිවම කිරීමට කැමති පිරිමියෙකුගේ සහකාරියක් වෙන්න. පිරිමියා බොහොම විවෘත්ත ලෙස කතාබහ කරන කටයුතු කරන අයෙක් නම් කාන්තාවන් කැමතියි ඔවුන් සමග කටයුතු කරන්න.

7. උත්සහවන්න බව

ජිවිතයේ හොදින් ගලාගෙන යන තැන වලට වඩා වැටෙන්න තියන අවස්ථා වැඩියි. මේ තැන් වලදී නැවතත් යථා තත්වයට පත් වෙන්න පුළුවන් උත්සහවන්ත පිරිමියෙක් ලබන්න තමයි කාන්තාවන් කැමති. මේ නිසා අලස පිරිමින්ට වඩා උත්සහවන්ත පිරිමින්ට කාන්තාවන් කැමතියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 190 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:07:40 AM
Script:/article/190/qualities-women-want-in-their-men.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:07:40 AM
Script:/article/190/qualities-women-want-in-their-men.html