ජීවිතේ සාර්ථකත්වය දකින්න කැමති අය මේ පාරෙන් යන්න

February 27, 2018
10,257
Go on this road to see the success in life
 
ජිවිතේ දවසෙන් දවස ඉදිරියට අරගෙන යන්න, මේ ජිවිතයට සාර්ථකත්වය, ජයග්‍රහණය ළං කර ගන්න තමයි ඔබත් මමත් පුළුවන් වුනු දවසේ ඉඳලා වෙහෙසෙන්නේ, මේ නොසෑහෙන්න දුක් විඳින්නේ ඒකට. යන්තම් දරුවට අවුරුදු 5ක් 6ක් වෙද්දී නිසි අධ්‍යාපනය ලබා දීම ආරම්භ කරලා, හොඳ රැකියාවක් කරන්න තරම් අවශ්‍ය සුදුසුකම් දරුවන්ට හදලා දෙන්න හැම අම්මෙක් තාත්තෙක්ම මහන්සි ගන්නෙත් දරුවන්ගේ ජීවිතය සාර්ථක කරන්න. මොකද ඒ සාර්ථකත්වය කරා යන ගමනට මුලිකම අඩිතාලම වැටෙන්නේ අධ්‍යාපනයත් එක්ක නිසා.

අන්න ඒ වගේ තමයි අපිත් අපිට පුළුවන් වුන දවසේ ඉඳලා ඉගෙන ගන්නේ, ඊට පස්සේ හොඳ රැකියාවක් හොයන්නේ, වෘත්තීය ජිවිතයට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කර ගන්න උත්සාහ කරන්නේ, තව අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අපි උත්සාහ කරන්නේ ජිවිතේ ගොඩ යන්න.

පිරිමි පාර්ශවයට සාපේක්ෂව බැලුවහම මේ සාර්ථකත්වය කියන තැනට ළං වෙන්න කාන්තාවට තරමක් අපහසුයි. එතනට යන්න ඔබට මට තියෙන්න තරමක් කටුක පාරක්. හැමදාම කියනවා වගේ කාන්තාව කියන්නේ ඉපදුනු දවසේ ඉඳලා ජ්විතයේ අවසානය තෙක්ම විවිධ අභියෝග, හැල හප්ප්පිම් වලට මුහුණ දෙන චරිතයක්. කාන්තාව කියන්නේ දුර්වල කෙනෙක්, ඇගේ මොළය හැඳි මිටේ දිග කියමින්, ඔබේ කකුලෙන් ඇදලා පහළට දාන්න බොහෝ දෙනෙක් බලන් හිටියට ඔබට මුළු ලෝකයම වුනත් දිනන්න පුළුවන් කියලා ඔබව ධෛර්යමත් කරන්න ඉන්න පිරිස ඉතාමත් අඩුයි. මෙන්න මේ දේවල් නිසා ඔබටත් මටත් ජීවිතය දිනන වැඩේ ටිකක් අමාරුයි.

ඒත් ඔබ කවදාවත් ඔබ දුර්වලයි කියලා ඔබේ හීන බොඳ කර ගන්නේ නැහැ.හැම ශක්තිමත් කාන්තාවක්ම තමන්ගේ අරමුණු, ඉලක්ක හඹා ගිහින් ජීවිතය දිනනවා. ඒක අනිවාර්යයි.

ජිවිතේ සාර්ථකත්වය දකින්න නම් මානසික ශක්තිය, ධෛර්ය තමයි ඔබ තුල මුලින්ම වර්ධනය කර ගත යුත්තේ. ඔබ දුර්වලයෙක් වුනොත්, මට ඒක කරන්න බැහැ කියල හිතුවොත් අපි මොන තරම් ලොකු තල්ලුවක් දුන්නත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. හැමදාම කියනවා වගේ අපි හිතන පතන විදිය, අපේ ආකල්ප, අපි ජීවිතය දකින විදිය අපේ ජිවිත ගමන තීරණය කරනවා. ඒ නිසා ආත්ම විශ්වාසය ඇති කර ගන්න.

ඊළඟට කරන්න ඕන ඔබේ හැකියාවන්, දක්ෂතාවයන් වැඩි දියුණු කර ගන්න එක. සාර්ථක වෙන්න ස්ථිර රැකියාවක් කරන්නම ඕන නැහැ. ඔබත් තමන් ගැන හිතන එක පැත්තකට දාලා පවුලේ යහපත වෙනුවෙන් ඔබේ ජිවිතය දියකරලා හැරපු කෙනෙක් නම් දැන්වත් ඒ රාමුවෙන් පිටතට එන්න. ඔබේම කියලා ස්වයං රැකියාවක් ආරම්භ කරන්න. දවසින් දවස එය සාර්ථක කර ගන්න මහන්සි වෙන්න. සාර්ථකත්වය තියෙන්නේ ඔබේ උත්සාහය, ධෛර්ය සහ කැප කිරීම මත.

දැනටමත් ස්ථිර රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔබේ වෘත්තීය සුදුසුකම් තව තවත් වර්ධනය කර ගන්න. හැමදාම එකම පුටුවේ වාඩි වෙලා ඉන්න හිතන්නේ නැතිව වෘත්තියමය ජීවිතයේ ඉදිරි පියවරක් තබන්න උත්සාහ කරන්න.

මේ කියන්න යන්නේ සාර්ථකත්වය ගැන කතා කරද්දී වැදගත්ම වෙන කාරණාව ගැන. ඒ තමයි අරපිරිමැස්ම සහ ඉතිරිය. ජීවිතය සාර්ථක වෙද්දී අනිවාර්යෙන් ඔබේ ආර්ථිකයත් ශක්තිමත් විය යුතුයි. සාර්ථකත්වය කියන්නේ, පවුල,රැකියාව, සමාජීය ජීවිතය, ආර්ථිකය කියන හැම දෙයකම ශක්තිමත්බාවයට. කාන්තාවක් වුනහම අරපිරිමැස්ම කියන්නේ අනිවාර්යෙන් ප්‍රගුණ කල යුතු දෙයක්. ඔබේ වියදම්, දරුවන්ගේ සහ ගෙදර දොරේ වියදම් මනාව පාලනය කර ගන්න. අනවශ්‍ය වියදම් කපා හරින්න. මේකත් මතක තියා ගන්න. අරපිරිමැස්ම කියන්නේ ලෝබ කමට නෙවෙයි.

ආර්ථිකය ශක්තිමත් කර ගන්න කිව්වම ඔබ කියයි ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි කියලා. ඔව්, ඒක පිළි ගන්නවා. ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි. එත් අපිට ජීවිතය ගැටලුවලින් තොරව ගෙවන්න නම් සල්ලිත් ඕන කරනවා. අපි ළඟ නිසි මූල්‍ය කළමනාකරණයක් නොතිබුනොත්, ඉතුරුවක් කියලා දෙයක් කරලා නොතිබුනොත් ප්‍රශ්න කෝටියකට විතර මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔබට ඒ ගැන අත්දැකීම් ඇති. ඒ නිසා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරනවා වගේම ඉතුරුවකුත් කරන්න ඕනමයි.

විශේෂයෙන් අපේ ජිවිත වලට කරදර එන්නේ කලින් කියලා නෙවෙයි. ඒ වගේ තත්ත්වයකදී ඒවාට මුහුණ දෙන්න පෙර සුදානමක් අවශ්‍යයි. ඕනෑම කෙනෙක්ගේ ජිවිතයට අමාරු කාල වරින් වර එනවා.ඒ වගේ අමාරු කාලයකදී ප්‍රයෝජනයට ගන්න නම් ඔබ සතුව ඉතුරුවක් තිබිය යුතුයි. ඒ නිසා ඉතුරු කරන පුරුද්ද හරි වටිනවා.

ඔබේ සමාජ තත්ත්වය, වෘත්තීය මට්ටම මොන තරම් ඉහල මට්ටමක තිබුනත් ඔබේ ආර්ථිකය පිරිහුනොත් පෙර කිව්ව හැම දෙකම පිරිහීම සිදු වෙන්න පුළුවන්. දන්නා කියන හැම කෙනාටම ණයකාරයෙක් වුණොත්, දවස ගානේ ණය ඉල්ලගෙන මිනිස්සු පස්සෙන් එන්න ගත්තොත් සාර්ථකත්වය කියන දේ ඔබෙන් ගොඩක් ඈතට යන්න පුළුවන්. ඒ නිසා සාර්ථකත්වය දකින්න නම් මේ කිව්ව හැම දෙයක් එක්කම ඔබේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න. අපේ සාර්ථකත්වය හා පැවැත්ම තීරණය කරන්න අපි උපයන මුදල් පරිහරණය කරන විදියත් අනිවාර්යෙන් බලපානවා. ඒ නිසා ඉතුරු කරන්න අදම පටන් ගන්න. මුදලේ ප්‍රමාණය නෙවෙයි වැදගත්, ඒ පුරුද්දයි වැදගත්...

ඔබගේ ඒ වටිනා පුරුද්දට තවත් වටිනාකමක් දෙන්න දැන් තවත් කෙනෙක් ඉන්නවා. දිරිය කාන්තාවන්ට හැමදාමත් අත්වැලක් වුණු, කාන්තාවන්ගේ සාර්ථකත්වය පිටුපස සිටි NDB "අරලිය" කාන්තා ඉතුරුම් ගිණුම තව දුරටත් ඔබ පිටුපස හුස්ම සේ සිටින්නට සූදානම්. හුදෙක් ඉතුරුම් ගිණුමක් පමණක් නොවන එය කාන්තා ඔබගේ කුසලතා, සෞඛ්‍ය හා ජිවන ගමන දිනන්නට ඔබගේ ශක්තිය, ආරක්ෂාව හා විශ්වාසනීය සෙවණැල්ල ලෙස ඔබ පසුපසම සිටිමින් ඔබේ ගමන් මඟ සාක්ෂාත් කරන්නට සුදානම්.

මහන්සියෙන් උපයන හැම සතයකටම නිසි වැදගත්කමක් හා වටිනාකමක් ලබා දෙන දශක තුනක විශිෂ්ට අත්දැකීම් හා විශ්වාසය දිනා ගත් බැංකුවක් වන NDB බැංකුව සමඟ කාන්තා ඔබගේ ජීවිතය දිනන්න. එන්න, "අරලිය" සෙවණ යටට.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 677 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:23 AM
Script:/article/677/go-on-this-road-to-see-the-success-in-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:24 AM
Script:/article/677/go-on-this-road-to-see-the-success-in-life.html