ඔයා හැමදාම පීඩා විදින හිසරදය මොකක්ද කියලා හරියටම දැන ගමුද?

July 30, 2018
13,995
Lets know about headaches
අද ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි හිසරදය කියන්නේ. ඔලුවේ කැක්කුම නිසා අද පීඩා නොවිදින කෙනෙක් හොයා ගන්නවා කියන්නේ හරියට කලුනික හොයා ගන්නවටත් වඩා අමරු දෙයක්. වයස් භේදයක් නැතුව ගොඩක් දෙනෙක් හිසරදය පීඩා විඳිනවා. ඔයා හිසරදය නිසා කොච්චර පීඩා විඳිනවද කියලා කියනවා නම් කිසිම වැඩක් හරියට කරන්න වෙන්නේ නෑ. ඔයාගේ දෛනික හැම වැඩ කටයුත්තක්ම අඩාල කරන්න මේ හිසරදයට පුළුවන්. ඉතිං ඔයාට තියෙන හිසරදයට ඔයා නිසි ප්‍රතිකාර නොකොළොත් ඔයාගේ දෛනික හැම වැඩ කටයුත්තක්ම අඩාල විය හැකියි. ඒ නිසා ඔයාට තියෙන හිසරදය හරියටම දැනගෙන ප්‍රතිකාර කළොත් ඔයාට කිසිම වේදනාවක් හෝ පීඩාවක් නැතුව හැම වැඩක්ම කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාට නිතර නිතර හැදෙන හිසරද වර්ග ගැන Hadakari.com වෙතින් කතා කරන්න අපි තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ. එතකොට ඔයාටම තේරුම් ගන්න පුළුවන් ඔයාට තියෙන හිසරදය කොයි වර්ගයේ හිසරදයක්ද කියලා සහ මොකද මේකට කරන්න පුළුවන් කියලා බලමු.

ආතතිය හා පීඩනය නිසා ඇති වෙන හිසරදය

ඔයාට ගෘහය තුළ හෝ කාර්යාලය තුළ අධික වැඩ කටයුතු හා කාර්යබහුල පරිසරය අනුවද මෙවැනි ආතතිය හා පීඩනමය තත්ත්වයක් ඇති විය හැකියි. මේ ආකාරයේ හිසරදයක් පවතින විට හිසේ පිටුපස සහ බෙල්ලේ මාංශවල වේදනාවක් හට ගැනීම සමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. ඔයාට මේ ආකාරයේ හිසරදයක් තියෙනවා නම් තාවකාලීක වේදනා නාශක පෙති භාවිත නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත්.

ඔලුවේ පැත්තකින් දැනෙන වේදනාව

ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි ඔලුවේ පැත්තක් විතරක් රිදෙනවා කියන එක. මේ ආකාරයේ හිසරදයකදි ඔයාට අධික වේදනාවක් දැනෙන අතර කඳුලු ගැලීම සහ නාසය බර වීම වගේ ලක්ෂණ හදුනාගන්න පුළුවන්. නිශ්චිත හේතුවක් මෙවැනි ඔලුවේ කැක්කුමකට හදුනාගත නොහැකි වුණත් ජානමය හේතු සාධකද මේ සදහා බලපාන්න පුළුවන්. මෙවැනි හිසරදයක ලක්ෂණ හදුනාගත් මුල් අවධියේදීම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ඉතා වැදගත්.

සයිනස් නිසා ඇතිවන ඔලුවේ කැක්කුම

ගොඩක් දෙනෙක්ට තියෙන තවත් හිසරදයක් තමයි මේ ඔලුවේ කැක්කුම. ඔයාගේ මුහුණේ අස්ථීවලින් හැදෙන වාතය පිරුණු සිදුරු එහෙමත් නැත්තම් සයිනස් බැක්ටීරියා ප්‍රදාහයට ලක් වුණාම හිසේ කැක්කුම හැදෙනවා. එවැනි තත්ත්වයක් ගොඩක් වේලාවට ඇති වෙන්නේ හෙම්බිරිස්සාව හා උණ එක්ක. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළින් යම් සුවයක් ලබා ගැනීමේ හැකියාව තිඛෙනවා.

නිතර නිතර හැදෙන ඔලූවේ කැක්කුම

ඔයාට මෙවැනි වර්ගයේ ඔලුවේ කැක්කුමක්ද හැදෙන්න පුළුවන්. බොහෝ විට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ වේදනානාශක පෙති අධිකව බොන්න ඇබ්බැහි වුණාම. ඒ නිසා පොඩි හිසේ වේදනාවටත් වේදනාශක පෙති බොන්න කලින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න.

ඉරුවාරදය

අද ගොඩක් දෙනෙක් පවතින ඔලුවේ කැක්කුමක් තමයි ඉරුවාරදය කියලා කියන්නේ. අපි මිග්ග්‍රේන් කියල හඳුන්වන්නේ මේ හිසරදයම තමයි. හිරුවාරදය පාරම්පරිකව එන රෝගයක් වෙන්නත් පුළුවන්. මේ හිසරදය හැදුණම එක දිගට බොහෝ වේලාවක් පැවතීම විශේෂ ලක්ෂණයක්. දරාගත නොහැකි ආකාරයේ වේදනාවක් දැනෙන අතර ඉරුවාරදය වැඩි වුණාම වමනය වැනි තත්ත්වයන්ද ඇති වෙනවා. මෙවැනි රෝගී තත්ත්වයකින් ඔබ පීඩා විදිනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 985 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:29:36 AM
Script:/article/985/lets-know-about-headaches.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:29:37 AM
Script:/article/985/lets-know-about-headaches.html