මැක්සි ස්කර්ට් එකක් ස්ටයිල් එකට අඳින්නේ කොහොමද?

August 30, 2020
12,440
How to wear a maxi skirt stylish
දිග කඩා හැලෙන සායක් කියන්නේ යල් පනිනේ නැති විලාසිතාවක්. ලාලිත්‍යය, පහසුව මෙන්ම වැඩි පරිශ්‍රමයකින් තොරව ස්ටයිලිශ් පෙනුමක් දෙන්න දිග සායකට පුලුවන්. සාමාන්‍ය ගමනකට හෝ විශේෂ උත්සවයකට දිග සායක් හරියට ඇන්දොත් ඔබට කාගෙත් සිත්ගන්නා ලෙස කැපීපෙනෙන්න පුලුවන්. ඇත්තෙන්ම දිග සායක් ඔබේ ඇඳුම් අල්මාරියේ දිබිය යුතුමයි. බලමු මැක්සි සායක් ලස්සනට කැපීපෙනෙන්න අඳින්න පුලුවන් කොහොමද කියලා.

බොත්තම් සහිත ෂර්ට් එකක් එක්ක..

ඇත්තෙන්ම දිග සායක් එක්ක ෂර්ට් එකක් අඳින එක ටිකක් අමුතුයි වගේ දැනුනට මේ එකතුව ඔබට ඔපයක් ගෙනදෙනවා. රහස කුමක්ද දන්නවාද? ඔබේ දිග සායේ ඉන ඔබේ ඉනට නිසි ලෙස පෑහෙන්න ඕනේ. ෂිර්ට් එක යට කරන්න. හෝ ඉනට කර ගැටයක් ගසන්න. අත් නවන්න.














කෙටි, ඕෆ් ෂෝල්ඩර් (Off-Shoulder), කඩා හැලෙන ටොප්..

උඩ සිට පහලටම කඩා හැලෙන කිව්වම ටිකක් ගැල්පෙන්නේ නෑ වගේ දැනුනට, මේ සංයෝගය හොඳ පෙනුමක් ගෙන දෙනවා.
















සරල ටී ෂර්ට් එකක් අඳින්න

ඔබ සාමාන්‍ය ගමනක් යනවා නම් මේ විලාසිතාව හොඳින් ගැලපෙනවා. ඔබ පාටි එකකට යනවා නම් ඔබට ෆැන්සි ටී ෂර්ට් එකක් අඳින්න පුලුවන්. එකම සාය ටොප් එක සහ ආභරණ වෙනස් කිරීමෙන් ගමන් දෙකටම අඳින්න පුලුවන්. සෑම විටම ටී ෂර්ට් එක යට කර හෝ ඉනට කර ගැටයක් ගසන්න.












පටි සහිත ටොප්...

දිග සායක් එක්ක හොඳින් ගැලපෙන් විලසිතාවක් තමයි පටි සතිත ටොප්.



>









ලෙයර් කරන්න..

ඔබ අඳින දිග සායට ජැකට් එකක්, කාඩිගන් එකක් අඳින්නත් පුලුවන්. ඔබ ඇතුලට අඳින ටොප් එක සෑම විටම යට කරන්න. උසින් වැඩි ජැකට් හෝ දිග කාඩිගන් අඳින්න එපා.










පාවහන්..

වලලුකරට ටිකක් ඉහලට වෙන්න ඇති සායකට පටි සහිත සැන්ඩ්ල්ස් හෝ පටි හීල්ස් ඇන්දම ලස්සනට ගැලපෙනවා.








ඔබ ස්නීකර්ස් අඳින්න කැමති අයෙක් නම් එයටත් කිසි තහනමක් නෑ. හැකි නම් ස්නීකර්ස් සමඟ ස්ලිට් එකක් සහිත සායක් අඳින්න.












ෆ්ලැට් බැලරීනාස් සහ අන්ක්ල් බූට්ස් අඳින්නත් පුලුවන්.








බෙල්ට් එකක් පළඳින්න..

හැකි සෑම විටම ගැලපෙන බෙල්ට් එකක් පැලඳින්න. එයින් ඔබේ ඉන ලස්සනට පෙන්වනවා.

ආභරණ..

අවස්ථාව, ඇඳුමේ වර්ණය අනුව ආභරණ ඔබට වෙනස් කරන්න පුලුවන්. ඒත් සරල ආභරණ මැක්සි සායක් සහිත ඇඳුම් කට්ටලයකට කිසි දිනක වරදින්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1808 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:23:45 AM
Script:/article/1808/how-to-wear-a-maxi-skirt-stylish.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:23:45 AM
Script:/article/1808/how-to-wear-a-maxi-skirt-stylish.html