කොලෙස්ටරෝල් නැති කර ගන්න විසඳුම් ආහාර

November 20, 2018
16,177
Food solutions for cholesterol
කොලෙස්ටරෝල් කියන්නේ තරුණ මහළු කිසි භේදයක් නැතිව ඉතා ඉක්මනින් පැතිරෙන බෝ නොවන රෝගයක්. අවිධිමත් ආහාර රටා සහ ජානමය හේතුන් නිසා කොලෙස්ටරෝල් ඇති වෙනවා.කොලෙස්ටරෝල් නිපදවෙන්නේ ඔයාගේම ශරීරය තුලින්මයි. දිනකට කොලෙස්ටරෝල් 1000ml  අක්මාව තුල නිපදවෙනවා. ශරීරයට හිතකර වගේම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් දෙකක් තියෙනවා. අද හැඩකාරී අපි කියන්න යන්නේ ඔයාට ඔයාගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් නැති කරන්න අපේ ආහරයට එකතු කරගන්න පුලුවන් දේවල් ටිකක් ගැන.

කරපිංචා

කරපිංචා අපි උයන ආහාර වලට එකතු කර ගැනීමෙන් ආහාරයේ රසය වැඩි කර ගන්න පුළුවන් වගේම ආහාර වල විෂබීජ නසන්නටත් යොදා ගන්නවා. කරපිංචා වල ඇති ගුණය නිසා කරපිංචා ඖෂධයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කොලෙස්ටරෝල් සුව කිරීමේ හැකියාව කරපිංචා වලට තියෙනවා. ඒකට අපිට මේ වගේ දේවල් කරන්න පුලුවන්.
කරපිංචා ඉති කිහිපයක් ගෙන මද උණුසුම් වතුර භාජනයකට දමා සුදු ළුණු බික් දෙකක් දමා වසා තබා උදැසන පානය කරන්න. නැතිනම් කරපිංචා දළු සම්බෝලයක් ලෙසත් ලුණුමිරිසක් ලෙසත් කරපිංචා කැද ලෙසත් හදාගන්න පුළුවන්.

සුදු ළූණු 

ශ්‍රී ලාංකික අපි එදිනෙදා උයන පිහන ආහාර වලට සුදුලූණු අනිරන්තරයෙන් එකතු කරනවා. රෝග නැසීමේ ගුණය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ගුණය සුදු ළූණු වල යහමින් තියෙනවා. අධි රුධිර පීඩනය පාලනය කරන්නත්, දියවැඩියාව වගේම කොලෙස්ටරෝල් නැසීමේ ගුණයක් සුදුලූණු සතුයි. සුදු ළූණු තම්බා, පුච්චා හෝ සුදු ළූණු ව්‍යංජනයක් ලෙසත් ආහාරයට ගන්න පුළුවන්.

ධාන්‍ය වර්ග

මුං ඇට, කව්පි, සෝයා වැනි ධාන්‍ය ආහාර වේලට එකතු කර ගැනීමෙන් ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම 5.5% කින් අඩු කරගන්න පුලුවන් වගේම, හිතකර කොලෙස්ටරෝල් මට්ටම 3.2%කින් වැඩි කර ගන්න පුළුවන්. කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගන්න අවශ්‍ය නම් ධාන්‍ය වර්ග ආහාරයට ගන්න.

කජු මද 

කොලෙස්ටරෝල් මර්දනය කර ගැනීම සඳහා විශේෂ ආහාරයක් ලෙස කජු මද හඳුන්වන්න පුළුවන්. ඔමේගා 3 මේදය යහමින් අඩංගු නිසා දිනකට 50g ක් වත් ආහාරයට ගන්නවා නම් ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉතා ඉකමනින් අඩු කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1173 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:34:24 PM
Script:/article/1173/food-solutions-for-cholesterol.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:34:25 PM
Script:/article/1173/food-solutions-for-cholesterol.html