බර අඩුකරගන්න ඇවිදින අය අනුගමනය කරන්න ඕන ටිප්ස් 8ක්

February 2, 2022
8,762
8 tips to follow if you are walking for weight loss
වර්ථමානය වන විට බොහෝ දෙනා ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීමට ඇවිදිම, දිවීම වැනි ව්‍යායාම් හි නිරත වීමට හුරු වී තිබෙනවා.. විශේෂයෙන් ඔබගේ සිරැරේ බර අඩුකර ගැනීම සඳහා උත්සාහ කරනවා නම් ඇවිදීම ඒ සඳහා වඩාත් සාර්ථක උපක්‍රමයක්. නමුත් සිරැරේ බර අඩුකර ගැනීම සඳහා ඇවිදිම කරනවා නම් ඔබ දැනුවත් විය යුතු කාරණා කිහිපයක් තිබෙනවා..

මුලින්ම ඇවිදින එකේ වාසි ටිකක් හොයල බලමු..

1. හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරනවා
ලොව බෝ නොවන රෝග වලින් පලමුතැන හිමි වන මාරයා වන්නේ හෘද වාහිනී රෝගයි. දිනපතා ඇවිදීම මගින් හෘද වාහිනී ආශ්‍රිත රෝග ඇතිවීමේ අවධානම පහත දමන අතර නීරෝගි හදවතක් ඔබට හිමිකර දෙනවා.

2. මානසික සෞඛ්‍යය වැඩිදියුණු කරනවා
නීරෝගි දිවියකට ශාරිරික මෙන්ම මානසික සෞඛ්‍යයද එකසේ වැදගත් වනවා. ඇවිදීමෙන් මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝග ලක්ෂණ අඩුකරනු ලබනවා.

3. තරබාරුවෙන් ආරක්ෂා වෙනවා
තරබාරුකම හෘද රෝග, දියවැඩියාව සහ ඇතැම් පිළිකා ඇතුළු නිදන්ගත රෝග ඇති වීමට හේතු වනවා. නමුත් දිනපතා ඇවිදීමෙන් ඔබට සිරැරේ බර අඩුකර ගත හැකියි.

4. කැලරි දහනය ඉහල නංවනවා
ව්‍යායාම කියලා විශේෂයෙන් කරන්නේ නැතිව, ශරීරයේ කැලරි දහනය කරගන්න ඇවිදීම උදවු වෙනවා. එය ගොඩක් වෙලාවට අපේ ශරීරයෙන් තාපය ලෙස පිටවන ශක්තිය නිපදවීමට දහනය වන කැලරි ටික කියලා කියන්න පුලුවන්. ලොකුවට මහන්සි වෙන්නෙ නැතිව සාමාන්‍ය විදිහට ඇවිදලා සතියකට කැලරි 200ක් විතර දහනය කරගන්න පුලුවන්.

බර අඩුකරගන්න ඇවිදින්න හිතන් ඉන්න අයට මෙන්න ටිප්ස් ටිකක්

1. කාලගුණය පරීක්ෂා කරන්න


ඇවිදින මගදී වැස්සක් කඩන් හැලුනොත්.. එපා වෙනවා නේද? ඒ නිසා ඇවිදින්න එළියට බහින්න කලින් පොඩ්ඩක් අහස බලන්න. නැතිනම් අන්තර්ජාලයෙන් එදින කාලගුණ වාර්තා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා යන්න.


2. සිරැර සජලීයව පවත්වාගන්න


ඔබගේ සිරැර විජලනය වීමෙන් වළක්වා ගැනීමට ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතු වනවා.. එමනිසා ඔබේ ඇවිදීමට අවම වශයෙන් විනාඩි 30-60 කට පෙර වතුර කෝප්ප දෙකක් පමණ පානය කරන්න; එවිට ඇවිදීම ආරම්භයට පෙර ඔබට මුත්‍රා පිටකල හැකි අතර ඇවිදීම නිමවා ආපසු පැමිණි පසු නැවතත් වතුර වීදුරුවක් පානය කරන්න. සීනි සහිත සෝඩා හෝ ශක්තිජනක පානයන්ගෙන් වළකින්න.


3. නිවැරදි පාවහන්


ඔබගේ පරණ flip-flops පාවහන් ඉවත් කර හොඳ සපත්තු ජොඩුවක් සඳහා මුදල් ආයෝජනය කරන්න. එය ඔබට අපහසුවකින් තොරව වැඩි දුරක් ඇවිදීමට උපකාරි වේවි.


4. ඇවිදින විට තිබිය යුතු ඉරියව්ව


ඇවිදීම සඳහා එතරම් කුසලතාවයන් අවශ්‍ය නොවුනත් ඇතැම් ඇවිදීමේ ක්‍රම සහ ඉරියව් ඇවිදීම පහසු කරනවා සහ විධිමත් කරනවා. ඒ නිසා ඇවිදින විට නිකට ඉහළට, උරහිස් සහ පිට කොන්ද සෘජුව තබාගෙන ඇවිදින්න.. ඔබේ පසුපස (තට්ටම්) ඇතුලට වන සේ තබා ගන්න. අඩියක් තබන විට පළමුව විළුඹ ද ක්‍රමයෙන් යටිපතුල බිම ස්පර්ශ කරමින් ඇඟිලි තුඩු වලින් පියවර සම්පූර්ණ කරන්න.


5. ඇවිදින වේගය


ඇවිදින අතර තුර විවේක ගනිමින් ඇවිදීමෙන් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කල හැකි අතරම ඇවිදින එක එපා අපහසු වේදනාකාරී කාර්යයක් වෙන්නේ නැහැ. ඇවිදීම ක්‍රම 3කින් සිදුකල හැකියි. එනම් සාමාන්‍යයෙන් ඔබ ශොපින් ගියවිට ඇව්දින වේගය (stroll), වේගයෙන් ඇවිදීම (brisk walk) සහ වැඩි ශක්තිමත් බවකින් යුක්තව ඇවිදීමයි (power walk).
1. සෙමින් අවිදින්න පටන් ගන්න (stroll)
2. ක්‍රමයෙන් වේගය වැඩි කරන්න (brisk walk)
3. මිනිත්තු දෙකක් පමණ power walk කරන්න
දැන් විනාඩි දෙකක් විවේක ගන්න. මෙලෙස මිනිත්තු පහෙකට වරක් විනාඩි දෙකක විවේක ගනිමින් ඇවිදින්න.බර අඩු කර ගන්න පමනක් නොවෙයි සමස්ථ ශරීර සෞඛ්‍යය සඳහාම මෙසේ ඇවිදීම උදවු වෙනවා.


6. ඉලක්ක සකසා ගන්න


ඔබට විනාඩි 30 කින් හෝ පැය 1 කින් කොපමණ දුරක් ඇවිද යා හැකිද? ඔබේ ඇවිදීමේ උපරිම ඵල නෙලා ගන්න මිනිත්තු 30කට 2.5km ක් සහ පැයකට සාමාන්‍ය වශෙයෙන් 5kmක් වැනි දුරක් ඉලක්ක කරගන්න. ඔබට ඉල්ලකයකට කැපවෙන්න බැරි නම්, ඔබට පුලුවන් පමණක් ඇවිදින්න. Something is better than nothing කියලා කියනවනේ..


7. බෑවුමක්/ ආනතියක් සහිත බිමක ඇවිදින්න


ඔබ නිවසේ සිට ව්‍යායාම් සඳහා ප්‍රිය කරන්නේ නම් ට්‍රෙඩ්මිල් එකේ බෙල්ට් එක ආනති කර ඇවිදින්න. එවිට කැලරි දහනය වැඩි කරගන්න පුලුවන්. ඔබ එළිමහනේ සිට ව්‍යායාම් ප්‍රිය කරනවා නම් ඔබේ ඇවිදීම ප්‍රශස්ත කිරීම සඳහා කඳු බෑවුම් සහිත මාර්ගයක් තෝරා ගැනීමට උත්සාහ කරන්න. පර්යේෂණවලින් හෙළිව ඇති ආකාරයට කඳු බෑවුමක ඇවිදීමෙන් ව්‍යායාමයේ තීවෘතාවය වැඩි කරන අතරම කකුල් සහ සන්ධිවලට ඇති බලපෑම අඩුකරන බවයි.


8. මිතුරෙකු සමඟ ඇවිදින්න


තව කෙනෙක් එක්ක ඇවිදින්න යන්න ගත්තම, ඇවිදින්න යන එක මග අරින්න ලේසි නෑ. ඉතින් යහළුවෙක්, පවුලේ සාමාජිකයෙක් හෝ රැකියා ස්ථානයේ මිතුරෙක් සමඟ සතියකට දෙතුන් වතාවක් වත් ඇවිදින්න යන්න.


ඔබ කොපමන ඇවිද්දත් එයින් කොපමණ කැලරි දහනය වෙලාද කියල දැනගන්න එක හිතට සතුටක් ගෙන දෙනවා නේද.. ඉතින් ඔයාගේ ෆෝන් එකට Run / walk track ඇප් එකක් දා ගන්න. එයින් ඔබ ඇවිදින දුර, කාලය, දහනය කල කැලරි ප්‍රමානය වැනි බොහෝ දේ ගැන ඔබට නිර්ණය කරගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2125 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:00:15 AM
Script:/article/2125/8-tips-to-follow-if-you-are-walking-for-weight-loss.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:00:15 AM
Script:/article/2125/8-tips-to-follow-if-you-are-walking-for-weight-loss.html