තරුණ කාලයේදී ම හිසකෙස් සුදු වෙනවාට හොඳම ප්‍රතිකාර මෙන්න

October 22, 2019
11,604
Remedies for grey hair
වයසට යන්නත් කලින් සුදු කෙස් ගස් මතු වීම ගොඩක් තරුණ තරුණියන්ට ගැටලුවක්. ගොඩක් වෙලාවට සෙම පීනස වගේ තත්ත්වයන් වලදිත්, කොණ්ඩය කෘතිම ආකාරයට සැකසීමේදීත් මේ වගේ ඔලුවේ සුදු කෙස් ගස් එන්න පටන් ගන්නවා. ඉදුණු කෙස ගහක් ඉදිරුවොත් එතනින් ඉදිච්ච කෙස් ඩබල් වෙලා එනව කියල කතාවක් තියෙනවා. මේක කිසිම විදියකින් විද්‍යාත්මකව ඔප්පු කරල නෑ. ඒ වගේමයි හෙයා කලර් කලාම ඉක්මණට කොණ්ඩෙ ඉදෙන්න ගන්නවයි කියල තියෙන කතාවත්. විද්‍යාත්මකව ඔප්පු නොකල කතාවක්.

* හේතුව

මේකට ජානමය බලපෑමකුත් තියෙනවා. ඔබ දැකල ඇති අවුරුදු පහළොව දාසය වගේ වයස් වල තරුණ තරුණියන්ගේ පවා අකලට ඉදුණු හිසකෙස් තියෙනවා. බොහෝ විට මේ තත්ත්වයට හේතුව ජානමය බලපෑමක්. මීට අමතරව තවත් හේතු කීපයක් අකලට හිසකෙස් පැසීමට බලපානවා.

1. ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන රෝගී තත්ත්වයන් නිසා සෛල වලට වන බලපෑම මත වර්ණක නිපදවන සෛල දුර්වල වීමෙනුත් අකලට හිසකෙස් පැසීම සිද්ධ වෙනවා. නමුත් මේක ඉතාම කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක්.

2. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වෙන රෝගී තත්ත්වයන් නිසාත්, දෙවෙනි ගණයේ දියවැඩියා තත්ත්වයක් නිසාත් හිසකෙස් සුදු වෙන්න පුළුවන්.

3. දුම්පානය අකලට හිසකෙස් පැසෙන්න හේතුවක් කියල නිකමටවත් හිතුවෙ නෑ නේද? ජානමය තත්ත්වය තරම්ම ලොකු බලපෑමක් නොකලත් අකලට හිසකෙස් පැසීම සහ ඉක්මණින් වයස්ගත පෙනුමක් ලැබීමට දුම්පානය හේතුවක් වෙනවා.

4. පැහැදිලිවම ඔප්පු කොට නැතත් දීර්ඝ කාලීන මානසික පීඩන තත්ත්වයත් හිසකෙස් අකලට පැසීමට බලපාන බවට මතයක් තියෙනවා.

5. අනිත් කාරණය නම් විටමින් බී12, විටමින් ඊ සහ සින්ක් ඌණතාවය. හිසකෙස් වර්ණක නිපදවීමට අවශ්‍ය සෛල වල පැවැත්මට පෝෂණ කොටස් නොලැබීම හිසකෙස් අකලට පැසීමට බලපානවා.

6. දීර්ඝ කාලීන පීනස නිසාත් හිසකෙස් සුදු වෙන්න පුළුවන්.

ප්‍රතිකාර

ජානමය තත්ත්වයක් මත ඇති වෙන අකලට හිසකෙස් පැසීමට නම් මේ වනතුරු ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ. නමුත් හිසකෙස් වල වර්ණයට අදාල වන ජානය ගැන සිදු කල පරීක්ෂණ වල යම් සාර්ථක බවක් ලබාගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා.මේ නිසා අනාගතයේදී ජානමය තත්ත්වයන් නිසා ඇති වෙන හිසකෙස් සුදු වීමට ප්‍රතිකාරයක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

මේ වගේ අයට කරන්න පුළුවන් පහසුම සහ සුදුසුම දේ තමා හෙයා කලර් එකක් කරන එක. පාසල් වියේ පසුවන කෙනෙක් නම් වර්ණ ගැන්වීම කළුපාටින් කර ගන්න පුළුවන්.

තයිරොයිඩ් නිසා හෝ දියවැඩියා තත්ත්වයන් නිසා ඇති වෙන අකලට හිසකෙස් පැසීම එම රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමත් එක්ක බොහෝ දුරට අවම කරගන්න පුළුවන්.

මීට අමතරව මන්දපෝෂණය එහෙමත් නැත්නම් හිසකෙස් වලට නිසි පෝෂණයක් නොමැතිකම නිසා ඇති වෙන අකලට හිසකෙස් පැසීමට කරන්න පුළුවන් ප්‍රතිකාර කීපයක් තියෙනව. එක රැයකින් හිසකෙස් සුදු වෙන්නෙ නෑ වගේම මේ ප්‍රතිකාර වලින් එක රැයකින් කොණ්ඩය යථා තත්ත්වටය පත්වෙයි කියලත් හිතන්න එපා. මේ නිවසේදී කරන්න පුළුවන් ප්‍රතිකාර වලට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා ඉවසීම වැදගත්.

1. නෙල්ලි වියලා කුඩු කර පොල් තෙල් සමඟ මිශ්‍ර කර රත්කර හිසෙහි ආලේප කරන්න.

2. කරපිංචා කොළ කොටා ඉස්ම හිස ගල්වා පැයක් හිඳ සෝදා හරින්න. මීට අමතරව කරපිංචා සම්බෝල ලෙස හෝ කැඳ ලෙස ආහාරයට එක් කර ගැනීමත් වඩාත් සුදුසුයි.

3. තලාගත් ඉඟුරු ස්වල්පයක් මීපැණි මේස හැන්දක මිශ්‍ර කර උදෑසන ආහාරයට ගන්න.

4. සති දෙකකට වරක් පිරිසිදු ගී හිස ගල්වා මසාජ් කරන්න.

5. කරපිංචා කොළ කීපයක් සහ උළු හාල් ස්වල්පයක් පොල් තෙල් වලට දමා රත් කර හිස ගල්වා පැය කීපයක් තබා සෝදා හරින්න.

6. පේර කොළ පොඩි කර යුෂ හිස් ගල්වා පැයක් පමණ තබා සෝදා හරින්න. මේ ප්‍රතිකාරය දිනපතා වුවත් කිරීම සුදුසුයි.

7. කරවිල යුෂ ඔලිව් තෙල් හෝ තල තෙල් සමඟ මිශ්‍ර කර හිස ගල්වා තබා සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1427 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:53:11 PM
Script:/article/1427/remedies-for-grey-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:53:12 PM
Script:/article/1427/remedies-for-grey-hair.html