හිසකෙස් ආරක්ෂා කරගැනීමට මේ අයුරින් විමසිලිමත් වෙන්​න

October 19, 2020
8,092
Care your hair like this
හිසකෙස් කියන්නේ කාන්තාවන්ගේ සුන්දරත්වය වැඩි කරන පංච කළ්‍යාණයන් අතරින් ඉතා වැදගත්ම කල්‍යාණයක්. අවුල් සහගත හා අපිරිසිදු කෙස් කළඹකින් තියන කරදර ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. නිරෝගී කෙස් කළඹකින් ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කර ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගනිමින් නැවුම්, පිරිසිඳු හා සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹක් ලබා ගන්න උත්සහ කරන්න වෙනවා. නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීම සඳහා මේ උපදෙස් පිළිපදින්න .

මුලින්ම හිස සෝදා ගන්න. බිත්තරයක් සමග ඉදුණු අලිගැට පේර ගෙඩියක් මිශ්‍ර කරලා හිසකෙස් වල අලේප කරන්න. මිනිත්තු 20ක් පමණ තියලා සෝදා හරින්න.

ඇපල් සයිඩර් විනාකිරි සමඟ උණුසුම් ජලය ටිකක් මිශ්‍ර කර ගන්න. ඒක හිසට ටික ටික වත් කරලා හිස්කබල හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 5 ක් තබලා හිසකෙස් හොඳින් සෝදන්න. ඒක ඔයාගේ හිස්කබලේ Ph මට්ටම සමතුලිත කිරීමට උපකාරී වෙනවා.

කෙස් කළඹට mayonnaise ප්‍රතිකාරයක් කරන්න. මුලින්ම  හිසකෙස් උණුසුම් ජලයෙන් තෙත් කර ගන්න. ඊට පස්සේ mayo ටිකක් කන්ඩිෂනර් සමඟ හිසකෙස් වලට අලේප කරන්න. ප්ලාස්ටික් බෑග් එකක් හෝ ෂවර් කැප් එකකින් හිසකෙස් ඔතලා විනාඩි 20 ක් තබන්න. ෂැම්පූ යොදලා ස්නානය කරමින් mayo ටික සෝදා හරින්න.

ෂැම්පු කරලා හිස සෝදන්න කලින් තත්පර 40 ක් හිස්කබල සම්බාහනය කරන්න.

කන්ඩිෂනර් භාවිතා කරනකොට හිසකෙස් අග සිට මුල් දක්වා ආලේප කරන්න .

තෙත් හිසකෙස් පීරීමට ලොකු දෑති පනාවක් භාවිතා කරන්න.

Blow dryer එක භාවිතා  කරනකොට යන්ත්‍රයේ ලෙවල් එක පුලුවන් තරම් සිසිල් මට්ටමේ ම තියෙන විදිහට තබා ගන්න.

ඔයාට තෙල් සහිත කෙස් කළඹක් නොමැති නම් සතියකට 3 වතාවක් කොණ්ඩය ෂැම්පු කළාම ඇති . මොකද අධික ලෙස ෂැම්පු කිරීමෙන් ඔයාගේ හිසකෙස් තවත් දුර්වල වෙන්න පුළුවන්.

උණුසුම් වතුරෙන් හිසකෙස් සෝදන එක අඩු කරන්න.

ඔයා ස්නානය කළාට පස්සේ කෙස් කළඹේ ඉහළ සිට අග දක්වා තුවායෙන් තෙතමාත්තු කරන ලෙස පිස දමන්න. මිනිත්තු 5-15 අතර කාලයක් හිසකෙස් වල ඇති ඉතිරි තෙතමනය අවශෝෂණය කර ගැනීම සඳහා තුවායෙන් හිසකෙස් ඔතා තබන්න.

නෑමෙන් පසු හිස කෙස් ඇඹරීමෙන්, මිරිකීමෙන් වලකින්න. තෙත හිසකෙස් කැඩී යාමට ඇති ප්‍රවනතාව වැඩියි.

තෙත් හිසකෙස් සමඟ කිසි විටෙකත් නින්දට යන්න එපා. 

ස්ට්‍රේට් හෝ කර්ල් කිරීමට භාවිතා කරන රසායනික නිෂ්පාදන වලින් වැළකී සිටීමට උත්සාහ කරන්න.

ඔයාගේ හිසකෙස් වල සෞඛ්‍යය නංවාලීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න - ඔමේගා 3 මේද අම්ල  ( මාළු, walnuts), විටමින් බී 6, බී 12 සහ ෆෝලික් අම්ලය (නිවිති, පළතුරු, රනිල කුලයට අයත් ආහාර) සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රෝටීන ( මස්, බිත්තර ආදිය) ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1878 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:43 AM
Script:/article/1878/care-your-hair-like-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:43 AM
Script:/article/1878/care-your-hair-like-this.html