ඔයාගේ පෙම්වතා සැමියා ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා දැනගන්න කැමතිද?

August 12, 2018
19,661
Do you want to if your boyfriend really loves you?
ඔයා දැනටමත් ආදරය කරන කෙනෙක්ද? එහෙමත් නැත්තම් ආදරයෙන් පැරදුණු කෙනෙක්ද? කොහොමින් කොහොම වුණත් ඔයා කවදාහරිම කාට හරි ආදරය කරලා ඇතිනේ. එහෙමත් නැත්තම් කාටහරි ආදරය කරන්න බලාපොරොත්තුවෙන් ඇති. කොහොම වුණත් ආදරය කරන කාලය තරම් සුන්දර කාලයක් නෑ කියලා කතාවට වගේම ඔයා අත්දැකීමෙනුත් හොඳටම දන්නවානේ. ආදරය කරන ගොඩක් දෙනෙක් ආදරය ප්‍රකාශ කරන්න වගේම ආදරෙයි කියලා කෙලින්ම කියන්නෙත් නෑ. විශේෂයෙන් පෙම්වතුන් නම් ආදරය කරනකොට නම් තමන්ගේ පෙම්වතියට ආදරෙයි කිය කිය නිතරම කියන්නේ නෑ. ඔයා පෙම්වතියක් නම් චුට්ටක් හිතලා බලන්නකෝ ඔයාගේ පෙම්වතාගෙන් අනන්තවත් අහලා ඇති එයා ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා. ඉතිං ඔයාගේ පෙම්වතා, සහකරුවා ඔයාට ඇත්ටම ඔයාට ආදරෙයිද කියලා හරියටම දැන ගන්න පුළුවන් tips කිහිපයක් ගැන කතා කරන්න Hadakari අපි අද තීරණය කළා.

ඔහු ඔයාට සවන්දෙන කෙනෙක්ද?

ඔයාගේ සැමියා එහෙමත් නැත්තම් ඔයාගේ පෙම්වතා ඔයා කියන යම් දෙයක්, ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ ගෙදර තියෙන අඩුපඩුවක්, ප්‍රශ්ණයක් එහෙමත් නැත්තම් ඔයා වැඩකරන තැන ගැටළුවක් සම්බන්ධයෙන් ඔහු එක්ක කතා කරනකොට ඔහු ඔයාට ඇහුම්කන් දෙනවා නම් ඔහුගේ අදහස් හා විසදුම් ඔයාට කියනවා නම් ඇත්තටම ඔහු ඔයාට ආදරෙයි. මොකද ඕනම පෙම්වතෙක්, සහකරුවෙක් තමන්ගේ පෙම්වතිය හෝ බිරිද කියන දේ අහන්න පසුබට වෙන්නේ නැත්තම් ඔහු තමයි ඔයාගේ ජීවිතේට ලැබුණු හොඳම කෙනා සහ ඔයාට හරියනම කෙනා. ඒ වගේම ඔහු තුළ තියෙන වැරැද්දක් පෙන්නලා දුන්නම ඔයා කියන දේ අහලා ඒ පුංචි වැරැද්ද නිවැරදි කර ගන්නවා නම් ඇත්තටම ඔහු ඔයාට ආදරෙයි.

ඔහු ඔයා එක්ක ගැටුම් ඇති කර ගන්නවාද?

අපි අපිට ආදරය කරන අය එක්ක වගේම අපේ ජීවිතවලට සමීප අය එක්ක ගැටුම් ඇති කර ගන්න ටිකක් විතර අකමැතියි. මොකද අපි කැමති නෑ අපේ සමීපතමයන් තරහා කර ගන්න. ඔහු ඔයා එක්ක ඉඳලා හිටලා හරි රණ්ඩු වෙනවා නම් එතැනින් අදහස් වෙන්නේ නෑ ඔහු ඔයාට ආදරේ නෑ කියන එක. ඒ වගේම පොඩි පොඩි දේවල් සම්බන්ධයෙන් සුළුවෙන් තැකීම තමයි හොඳම දේ.

ඔහුගේ මතය ඔයා වෙනුවෙන් වෙනස් කර ගන්නවාද?

ආදරය කරන කාලේදී වගේම විවාහ වුණාටත් පස්සේ ඔයාලා දෙන්නා අතර අදහස් මතවාද අතර තර්ක විතර්ක ඇති විය හැකියි. විශේෂයෙන්ම මේ අදහස් මතවාද තර්ක විතර්ක වලින් අවසානයේ කෙනෙක් තමන්ගේ මතය වෙනස් කර ගන්නවා නම් ඇත්තටම ඔහු ඔයා ගැන හිතනවා. අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ ස්වාමියා සවස් වරුවක යාලූවෙක්ගේ පාටියකට යන්න සුදානම් වෙලා ඉන්න අවස්ථාවක ඔයාට ඕන වෙනවා ඔයාගේ සමීපතම හිතවතෙක්, ඥාතීයෙක් බලන්න යන්න. ඉතිං ඔයාගේ මහත්තයා ඔයා වෙනුවෙන් ඒ තීරණය වෙනස් කර ගන්නවා නම් ඔහු ඇත්තටම ඔයාට ආදරය කරනවා විතරක් නෙමෙයි ඔයාගේ අදහස් මතවාදවලට ගරු කරන කෙනෙක්.

ඔයා වෙනුවෙන් සටන් කරවාද?

මෙයින් අදහස් වෙන්නේ ඔයාට තියෙන ආදරය නිසා ඔහු තවත් පිරිසක් එක්ක රණ්ඩු වෙන එක නම් නෙමෙයි. ඔයාගේ පවුලෙන් එල්ලවන අභියෝග එහෙමත් නැත්තම් පීඩනයකදී ඔයා වෙනුවෙන් ඔහු මැදිහත් වෙනවා නම් ඒ වෙනුවෙන් කතා කරනවා නම් ඇත්තටම ඔහු ඔයාට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඔයාට මොන ප්‍රශ්ණය ආවත් ඔයාව තනි කරන්නේ නැතුව ඔයා එක්ක නොවෙනස්ව ඉන්නවා නම් ඔයාගේ ශක්තිය ඔහු කියලා ඔයාට දැනෙනවා නම් ඇත්තටම ඔහු ඔයාට ගොඩක් ආදරය කරන කෙනෙක්. සතුටෙදි විතරක් නෙමෙයි ඔයාගේ දුකේදී පවා ඔයා එක්ක ඉන්නවා නම් ඒයා තමයි ඔයාට ගැළපෙනම කෙනා.

ඔයාගේ සතුට ඔහුගේ සතුට කරගෙන ඔයා වෙනුවෙන් දෙයක් නොපැකිලී ඉටු කරනවාද?

ඔයාගේ ජීවිතේ අසීරු තැන්වල ඔයා අත් නොහරින්නේ ඇත්තටම ඔයාට ආදරය කරන කෙනෙක් විතරයි. ඔයාගේ ස්වාමියා එහෙමත් නැත්තම් පෙම්වතා ඔයාගේ සතුට ගැන හිතලා අසීරු කැප කිරීම් කරනවා නම් ඒ කියන්නේ ඔහු ඔයා ගැන හිතනවා. ඔහු තුළ පවතින ඇතැම් ගති ලක්ෂණ පවා වෙනස් කර ගනිමින් ඔයා වෙනුවෙන් වෙනස්ම පුද්ගලයෙක් වෙනවා නම් ඇත්තටම ඒ තමයි ඔයාට ආදරය කරන්න ලැබිලා තියෙන හොදම කෙනා.

දැන් ඔයාට පුළුවන් ඔයාගේ ස්වාමියා එහෙමත් නැත්තම් ඔයාගේ පෙම්වතා ඇත්තටම ඔයාට ආදරෙයිද කියලා දැන ගන්න. මොකද ආදරය කරනවා කියලා ගෙවෙන පැය 24 ත් 365 ස් දවසටමත් ආදරෙයි ආදරෙයි කියලා කියන්න ඕන වෙන්නේ නෑ. වචනයකට පමණක් සීමා නොවී ක්‍රියාවෙන් ඔප්පු කිරීම තමයි හොඳම දේ. ඉහත කරුණු ඔයාගේ පෙම්වතා තුළ තියෙනවා නම් ඉතිං ආපහු ඔයාගේ පෙම්වතා ඔයාට ආදරෙයිද නැද්ද කියලා හිතලා ඒ ගැන හිතලා වද වෙන්න ඕන වෙන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1014 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:18:09 PM
Script:/article/1014/do-you-want-to-if-your-boyfriend-really-loves-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:18:09 PM
Script:/article/1014/do-you-want-to-if-your-boyfriend-really-loves-you.html