මේ එක් කරුණක් හෝ අත්විද තිබෙනවා නම් ඔබ මානසික අපයෝජනයකට ලක්වන්නෙක් බව ඔබ දන්නවාද?

March 7, 2022
6,241
You are emotionally abused if you experience any of these 10
කාන්තා අප කිසිවිටකත් කැමැත්තෙන් අපයෝජනයට ලක්වන්නේ නැහැ.. නමුත් එය ශාරිරික අපයෝජනයක්ම පමණක් නොවේ.. නොදැනුවත්වම අප විවිධ ආකාරයේ මානසික අපයෝජනයන්ට ගොදුරු විය හැකියි. බොහෝවිට එය ඔබ නොදන්නා පුද්ගලයකුගෙන් නොව ඔබ ඉතාමත් ආදරය සහ විශ්වාස කරන ඔබගේ ආදරවන්තයා, ආදරවන්තිය හෝ සැමියා, බිරිඳ හෝ ආයතන ප්‍රධානියා අතින් වුවද සිදුවිය හැකියි. එසේනම් කියවා බලන්න.. පහත කරුණු වලින් එකක් හෝ අත්විඳිනවා නම් එය ඔබ මානසික අපයෝජනයකට ගොදුරු වනවා විය හැකියි...

1. නිතර චෝදනා හෝ දෝෂාරෝපණය කිරීම

සබඳතාවයකදී නිරන්තරයෙන් එහි වැරදි සහ වගකීම ඔබ වෙත පැවරීමත්, හිතා හෝ නොහිතා කරන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් නිතර චෝදනා හෝ දෝෂාරෝපණය කිරීම නැතිනම් "එය ඔබේ වරදක්" ; "ඔයාට මොනවද වෙලා තියෙන්නේ?" "ඔයා මට මතක් කළේ නෑ" ආදි ලෙස නිරන්තරව පැවසීම.

2. යම්කිසි දෙයක් සිතතුල රඳවාගෙන ඔබට දඬුවම් දීම

“silent treatment” යනු පුද්ගලයකුට දැඩි මානසික පීඩාවක් ගෙන එන්නක්.. ඇතැම් අවස්ථාවල යම් සිදුවීමකින් පසුව ඔහු හෝ ඇය සවන් දීම ප්‍රතික්ෂේප කර, ඔබව නොසලකා හැර හෝ ඔබ දෙස ඍජුව නොබලා සිටීම වැනි දෑ මගින් ඔබට දඬුවම් ලබාදිය හැකිය.

3. බාධා සහ ආපසු හැරවීම්

නිතර ගැටලුවක් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ සංවාදයට නුසුදුසු ලෙස බාධා කිරීම වැනි දෑ සිදුකරයි. නැතිනම් ඔබ දෙයක් ප්‍රකාශ කරන විට ඔබව තැකීමකින් තොරව රූපවාහිනිය නැරඹීම, සාංවාදය ඇරඹීමෙන් පසු එම ස්ථානයෙන් පිටව යාම ආදි දෑ සිදුකිරීම.

4. ප්‍රතිවිරෝධය

ඔබගේ සිතුවිලි, අදහස් ආදියට සපුරා වෙනස් මතයන් දැරීම සහ ඔබ කුමක් කීවත්, ඔහු ඔබව කලකිරීමට හා වෙහෙසට පත් කිරීමට පරස්පර තර්ක භාවිතා කිරීම. උදාහරන ලෙස ඔබ "අද ලස්සන දවසක් නේද..? " යැයි කියූවිට "මොන හොඳක්ද වහින්නයි හඳන්නේ" වැනි වෙනස් වූ අදහස් ප්‍රකාශ කරයි.

5. අවතක්සේරුව

ඔබට ඔහුගෙන් සිදුවන අපවාදය පිළිබඳව පැවසීමට උත්සාහ ගන්නා විට එය ප්‍රතික්ශේප කිරීමත් ඔබ නිතර අනවශ්‍ය දෑ සිතෙහි තබාගෙන හෝ අධි සංවේදී බව හෝ ඔබ දේවල් මවාගෙන සිටින බව හෝ ඔබට කිසිදා සතුටින් සිටිය නොහැකි බව ආදි ලෙස අවතක්සේරු කරමින් කතා කිරීම.

6. සමච්චලයට ලක්කිරීම

වාචික අපයෝජනය බොහෝ විට විහිළුවක් ලෙසද විය හැකියි. ඔබේ පෙනුම, පෞරුෂය, හැකියාවන් සහ වටිනාකම් පිළිබඳ උපහාසාත්මක ප්‍රකාශවලින් ඔබව සමච්චලයට ලක්කරයි.. ඔබ ප්‍රසිද්ධියේ ගැටුමක් ඇතිකර නොගන්නා බැවින් බොහෝවිට ඔබගේ මිතුරන් සහ පවුලේ අය ඉදිරියේ ඔබට විහිළු කිරීම බොහෝවිට සිදුවනවා. නමුත් පසුව ඔබ ඒ සම්බන්ධයෙන් ඔහුට පැවසුවත් එවිට එය නැවතත් ඔබ බොහෝ සංංවේදීයි විහිළුවක් කරන්නවත් බැහැයි යන ලෙස පවසා ඔබ දෙසටම එය නැවතත් පැමිණිය හැකියි.

7. සාමාන්‍ය ආකාරයේ උමතුවකට ඔබ පත්කිරීම

ව්‍යාකූල කිරීම, කලකිරිම සහ විවිධ චෝදනවලින් කල්ගතවත්ම ඔබට ඔබවම විශ්වාස කිරීමෙ හැකියාව නැතිවන අතර උමතු හැඟීමකින් ඔබ පීඩා විදිය හැකියි.

8. විනිශ්චය කිරීම සහ විවේචනය කිරීම

ඔබව දැඩි ලෙස හා අසාධාරණ ලෙස විවේචනය කරන අතර පසුව එය සාධාරණීකරනය කිරීමට උත්සාහ කරයි.

9. අදහස් යටපත් කිරීම

ඔබගේ උත්සාහයන්, රුචිකත්වයන්, විනෝදාංශ, ජයග්‍රහණ ආදියට නිසි ඇගයීමක් නොදී ඒවා යටපත්වන ලෙස හෝ නැතිනම් ඔබ යම් යෝජනාවක්/ අදහසක් ප්‍රකාශකල හොත් එයට සපුරා විරුද්ධ මතයක් පැවසීම වැනි දෑ සිදුකිරීම. උදාහරණයක් ලෙස ඔබ රෑ කෑමට යාමට හොඳ අවන්හලක් පිළිබඳව පැවසූ විට "අපෝ ඒකේ කෑම රස නෑ" වැනි මතයක් දැරීම.

10. අමතක කිරීම්

ඔබට වැදගත් දේවල් ඔහු වැරදීමකින් මෙන් අමතක කිරීම බොහෝවිට සිදුකරයි. ඔබ ඔහුවෙත පවරන යම් යම් නිවසේ කටයුතු ආදිය වුවමනාමෙන් මගහැර එය අමතක වූවා සේ හැසිරෙයි.

ඔබට අපවාදායට ලක්වන ආකාරයේ හැසිරීම් සෑමවිටම වාචිකව ඉදිරිපත් නොවන අතර ඇතැම් විට ඔබව පාලනයට හෝ පීඩාවට පත්කිරීමට හැසිරීමෙන් (body language) හෝ ඔහුගේ අභිනයන් භාවිතාකල හැකියි. උදාහරන ලෙස පහත හැසිරීම් දැක්විය හැකියි.

- කතා කිරීම ප්‍රතික්ශේප කිරීම හෝ ඇස් දෙස බලා කතා නොකිරීම
- සංවාදයක් අතරමැද එයින් පිටවීම, නොසන්සුන්කාරි ලෙස හැසිරීම
- උදාසීන ස්වභාවයක් දැක්වීම
- අවස්ථාවට උචිත නොවන ලෙස සුසුම් හෙළීම වැනි දෑ
- ඔබව බිය ගැන්වීම සඳහා යම් දෙයකට පහර දීම හෝ පයින් ගැසීම හෝ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම
- බාධා කිරීම, නොසලකා හැරීම, සවන් නොදීම, ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කිරීම
- ඔබ පවසන දේ විකෘති කිරීම, වරදකාරිත්වය පැවරීම
- ඔබව රිදවන ආකාරයට හැසිරී "එය අමතක කරන්න" යැයි නිතර පැවසීම.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2140 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:47 AM
Script:/article/2140/you-are-emotionally-abused-if-you-experience-any-of-these-10.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:47 AM
Script:/article/2140/you-are-emotionally-abused-if-you-experience-any-of-these-10.html