ඔයාව දාලා යන්න හදන කෙනෙක්ට යන්න දෙන්න කියන්නේ ඇයි?

July 3, 2018
13,571
Why do we say let go to the one who wants to go
අද ගොඩක් ආදර සම්බන්ධතාවලට දිගු කාලීන ආයුෂ නොමැති තරම්. සම්බන්ධතාවයක් පටන් ගන්නවටත් වඩා ඉක්මනට ඉවර කරනවා. ඇතැම් විට ආදර සම්බන්ධතාවක නිසි අරුතවත් බොහෝ දෙනා තේරුම් නොගන්නා තරම්. කොහොම වුණත් අද බොහෝ යුවතියන්ට වගේම තරුණයන්ට ආදර සම්බන්ධතාවක් කඩලා බිදලා දමන එක කලාවක් වෙලා. සම්බන්ධතාවක් පටන් ගන්නකොට තියෙන උනන්දුව හා උත්සාහය කාලය එක්ක නැති වෙලා යනවා. ඒත් ඇත්තටම ආදරය කරපු කෙනෙක් නම් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔයාව හැර යන්න සුදානම් වුණත් කිසිම අවස්ථාවක හැර නොයන්න ඉඩ නොදී කොහොමහරි සම්බන්ධතාව පවත්වාගෙන යන්න කටයුතු කරනවා.

කොහොම වුණත් බොහෝ ආදර සම්බන්ධතාවල නිමාවට විවිධ හේතු සාධක අඩු වැඩි වශයෙන් තිබෙන්නට පුළුවන්. ඔයා කතාවටත් අහලා ඇතිනේ ”යන කෙනා මොනවා කළත් කවදා හරි දවසක යනවා කියලා” ඉතිං අද අපි ඔයාට කියලා දෙන්න හදන්නේ යන්න හදන කෙනෙක් නවත්තවා ගන්න ක්‍රමයක් ගැන නම් නෙමෙයි. ඔයාව දාලා යන්න හදන අයට යන්න දෙන්න. අපි ඔයාට කියන මේ කරුණු ටික ඇහුවම ඔයාම තේරුම් ගනිවී ඇයි අපි යන්න හදන අයට යන්න දෙන්න ඕන කියලා.

අනුකම්පාවෙන් ඔයා ළග නවතිනවා වෙන්න පුළුවන්

ඔයාව දාලා යන්න හදනා කෙනාව නවත්තවන්න ඔයා ඕනෑම දෙයක් කරයි. සමහර විට යන්න එපා කියලා ඔයා අඩයි. එහෙමත් නැත්තම් ඔයා සියදිවි හානී කරගන්න උත්සාහ කරයි. සමහර විට නැදෑ හිතවතුනගෙන් හෝ යහලූ හිතමිත‍්‍රාදීන්ගෙන් උදව් උපකාර ඉල්ලගෙන යන්න හදනා කෙනාගේ හැර යාම අඩාල වෙන්න පුළුවන්. එවිට ඔයා ගැන අනුකම්පාවක් හිතිලා යන්න හදන කෙනා නවතින්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී ඔහු හෝ ඇය ඔයා ළග නවතින්නේ ඔයාට තියෙන ඇත්තටම ආදරයකට නෙමෙයි අනුකම්පාවකට. ඇත්තම ආදරයක් සෙහෙනහසක් ඔහුට හෝ ඇයට ඔබ ගැන නොවන්නට පුළුවන්. ඉතිං ඇයි ඔයා ඔයාට ආදරය නැති කෙනෙක්ට ඔයා ළග නවතින්න කියන්නේ.

අකමැත්තෙන් ඔයා ළග රැදේවී

විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත් වීම හා බලපෑම මත ඔහු හෝ ඇය ඔයා ළග තාවකාලීකව හෝ රැදේවී. ඒත් මතක තියා ගන්න ඒ ඔයා ගැන කැමැත්තකින් නම් නොවන බව. කුමන හෝ මාර්ගයකින් ඔහු හෝ ඇයව රදවා ගන්න උත්සාහ කළත් එය තාවකාලීක රදවා ගැනීමක් පමණයි. අකමැත්තෙන් ඔයා යන්න හදන කෙනෙක්ව නවත්තලා එයත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? ජීවිතෙන් ගොඩක් ඉස්සරහට ගියාම ඔයාටම තේරුම් යයි අකමැත්තෙන් තවත් දුර යන්න බෑ කියලා. ඉතිං අකමැත්තෙන් ඔයා ළග කිසිවෙකු නවත්වා ගන්න සුදානම් වෙන්න එපා.

ඔයත් එක්ක කේන්තියෙන් ඉන්නේ

ඔහුට හෝ ඇයට හිත තියෙන්නේ ඔයාව දාලා යන්න නම් තවදුරටත් ඔයා එක්ක නොරිස්සුම් ගතියකින් එහෙමත් නැත්නම් කේන්තියෙන් ජීවත් වෙයි. එයාට ඔයාව හතුරෙක් විදිහට පේන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. මොකද ඔයා එයාගේ ගමන වගේම එයාගේ අරමුණට බාධා කරන නිසා. ගතින් ඔයා ළග රැදුණත් සිතින් ඔයා ළග නොවෙයි ඔහු හෝ ඇය ඉන්නේ. ඉතිං ඔයාට ආදරය නැති කෙනෙක් අකමැත්තෙන් ඔයා ළග නවත්තවා ගන්න එකෙන් ඔයාට තියෙන ප්‍රයෝජනය මොකක්ද ?

එක පාරක් යන්න හදපු කෙනා ආපහු ගියොත්?

එක් සැරයක් ඔයාව දාලා යන්න හදපු කෙනෙක් අපාහු සැරයක් ඔබව දාලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. යන්න හදපු කෙනෙක් නැවත්තුවත් ඔයාට සිද්ධ වෙන්නේ චකිතයකින් ඔහු හෝ ඇය එක්ක ජීවත් වෙන්න. මොකද කුමන අවස්ථාවක හේතුවක් ඇතිව හෝ නැතිව ඔයාව දාලා යයිද කියලා ඔයාට විශ්වාසයක් නැ. විශ්වාසය බිදුණු තැන සම්බන්ධතාවක් ශක්තිමත්ව පවත්වාගෙන යන්න අසීරුයි. ආදර සම්බන්ධතාවක් දුර දිග යන්න කලින් ඔහු හෝ ඇය ඔබ හැර යන්න සුදානම් නම් යන්න දෙන්න. ඒක ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා ගත්ත වටිනා තීරණයක් වේවි.

තමන්ගේ තීරණයේ ප්‍රතිඵල තමන්ට දැනෙන්න දෙන්න

ඔබේ සහකරුවා හෝ සහකාරීය එක්ක අකමැත්තෙන් ජීවත් වෙනකොට ඔයා අතින් යම් අත් වැරැද්දක් වෙන සෑම විටම ඔයාගේ හිතට එන පළමු සිතුවිල්ල වෙන්නේ අපරාදේ එදා ගියා නම් තිබුණා කියලා. ඒත් ඔයාව මගහැර යන්න හදපු වේලාවේ යන්න දුන්න නම් ඔහු හෝ ඇය වෙනත් කෙනෙකු සමග ජීවත් වෙනකොට ඒ කෙනාගේ වැරැද්දක් දුටු විගසම ඔහුට හෝ ඇයට මතක් වෙන්නේ පළමුවෙන්ම ඔයාව. ඒ කෙනා එක්ක ඔයාව සන්සන්දනය කරයි. එවිට ඔබේ හොද දැක නැවත ඔබ කරා පැමිණෙන්නත් පුළුවන්. ගිය කෙනෙක් ආපහු ඔයාගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නවද නැද්ද කියලා ඔයාම තීරණය කරන්න.

නොගැළපීම් එක්ක දුර ගමනක් යන්න බෑ

කොච්චර ආදරේ තිබුණත් ඔහුට හෝ ඇයට හිතෙනවා නම් ඔබ දෙදෙනා අතර නොගැළපීම් තියෙනවා කියලා එවැනි අවස්ථාවක ඔයාට ඔයාගේ සම්බන්ධතාව තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. නොගැළපීම් කියන්නේ ඔබේ වැරද්දක් නෙමෙයි. ඔබව කෙනෙක් හැර දමා යන්න සුදානම් නම් කිසිම අවස්ථාවක ඒ වෙනුවෙන් ඔයා වෙනස් වෙන්න එපා. ඒ වෙනස් වීම තාවකාලිකයි. දෙදෙනා සමග කතාබහ කර නොගැළපීම් ගැළපීම් බවට පත්කර ගන්න ඔයාට බැරිනම් එවැනි සම්බන්ධතාවයක් දුර දිග රැගෙන යන්න එපා.

ඔබ ගැන උනන්දුවක් නොදක්වන කෙනෙක්ගෙන් ඔබට ඇති ප්‍රයෝජනය මොකක්ද ?

ඔයා ගැන උනන්දුවක් නොදක්වන ගතින් පමණක් ඔයා ළග නැවතිලා ඉන්න කෙනෙක්ගෙන් ඔයාට තියෙන ප්‍රයෝජනය මොකක්ද ? එවැනි කෙනෙක් ඔබේ පෙරැත්ත මත නවත්තන්න කිසි විටෙක සුදානම් වෙන්න එපා. ඔබට ඔහු හෝ ඇය සැබවින්ම ආදර කළා නම් හැර ගියත් ඔබ ගැන විමසිල්ලෙන් කටයුතු කරනවා. ඔයා ගැන හොයලා බලනවා. ඔයාට විටින් විට කතා කරනවා. මැසේජ් කරනවා. ඔයාව දාලා ගිය කෙනෙක් ආපහු ඔයාගේ ජීවිතයට ගෙන්න ගන්නවද? එහෙතමත් නැත්තම් අලූත් පාරක ඔයා ඔයාගේ ගමන යනවද කියලා ඔයාම තීරණය කරන්න. කුමකින් කුමක් වුණත් ආදර සම්බන්ධතාවක් අවසානයේ ඔබව ඔබේ දෙමාපියන්ට අහිමි වෙන්න ඉඩකඩ හදන්න එපා. හැගීම් වලට වහල් නොවී බුද්ධියටද ඉඩ දී කටයුතු කරන්න. එවිට මුළා නොවූ විශ්වසනීයත්වය පිරුණු සම්බන්ධවක් ඔබට ගොඩ නගාගන්න හැකියාව ලැබේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 917 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:26:15 AM
Script:/article/917/why-do-we-say-let-go-to-the-one-who-wants-to-go.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:26:15 AM
Script:/article/917/why-do-we-say-let-go-to-the-one-who-wants-to-go.html