ආදරය කරන්න, විවාහ වෙන්න කවුරුහරි ඔයාට යෝජනාවක් ගෙනාවොත් මුලින්ම කරන්නේ මොකක්ද?

September 29, 2018
5,666
What you should do first if some one propose you
කොයි කවුරුත් ආදරය කරන්න කැමතියි. පටන් ගත්ත ආදර කතාව ගොතාගෙන යන්න ලේසි වුණත් ආදර කතාවකට මුල පුරන එක නම් ටිකක් විතර අසිරු දෙයක්. ඔයා දැනටමත් ප්‍රේමවන්තයෙක් නම්, ප්‍රේමවන්තියක් මේ කතාව ගැන හොඳින්ම දන්නවා. සමාන්‍යයෙන්, තවත් කෙනෙක් ගැන ආදරණීය හැඟීමක් ඇති වුණාට පස්සේ අපේ සංස්කෘතියේ නම් තවමත් ගොඩක් දුරට ඒ යෝජනාව ගෙනෙන්නේ පිරිමි පාර්ශ්වය. ඔයාට කිසියම් හෝ අවස්ථාවක තරුණයෙක්ගෙන් විවාහ යෝජනාවක් එහෙමත් නැති නම් ආදර කතාවක් මුලපුරන්න ඇරයුමක් ලැබුණොත් ඔයා යුවතියක්, තරුණියක් විදිහට මුලින්ම කරන්න ඕන මොකක්ද? මේ ගැන අද ඔයා එක්ක Hadakari අපි කතා කරන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ. නව යොවුන් වියේ ඉන්න ඔයාට එහෙමත් නැති නම් හා හා පුරා කියලා විවාහ වෙන්න බලාගෙන ඉන්න ඔයාට හැඩකාරී අපි මේ කියන කරුණු, අද නැතත් මතුයම් දවසක හෝ වැදගත් වේවී.

01. පැනපු ගමන් හා කියන්න එපා

ගොඩක් ආදර කතා දුර දිග ගෙනියන්න බැරි එක හේතුවක් තමයි මේ කියන කරුණ. මේ වැරැද්ද ගොඩක් කරන්නේ නව යොවුන් වියට පය තියපු අය. ඔයාට යම් තරුණයෙක්ගෙන් ආදරය කරන්න ඇරයුමක් ලැබුණා කියලා හිතන්නකෝ. ඉතිං කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අහපු ගමන් හා කියන්න එපා. මොකද ඔයා දුරදිග හිතන්නේ බලන්නේ නැතුව ගන්න තීරණයක් නිසා ඔයාගේ මුළු ජීවිතයම වුණත් විනාශවෙලා යන්න, ඒ තීරණය හේතුවක් විය හැකියි. ඔයාට අද සමාජයේ තියෙන තත්ත්වය ගැන අමුතුවෙන් හැඩකාරී අපි කියන්න ඕන වෙන්නේ නෑ. ඒ නිසා මුලින්ම ඔයා හිතන්න ඔයා ඉන්නේ තව කෙනෙකුට ආදරය කරන්න පුළුවන් වයසකද? ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ අධ්‍යාපන කටයුතුවලට මෙය බලපාන්නේ කොහොමද? මේ ගැන හිතලා තමයි ඔයා ඕනම තීරණයක් ගන්න ඕන කරන්නේ. ඉතිං ඔයාට ඇරයුම ලැබෙන කෙනාගේ වටපිටාව ගැන ටිකක් හොයලා බලලා ඒ තීරණයට එකඟ වෙනවා නම් එකඟ වෙන්න.

02. රූපයට පමණක් සීමා වෙන්න එපා

මේ කාරණය නම් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අදාළයි. ගොඩක් දෙනෙක් ආදරය කරන්නේ මතුපිට පෙනුමට විතරයිනේ. ගොඩක් දෙනෙක් කැමති ලස්සන තරුණියකට හෝ තරුණයෙක්ට. බොහෝ දෙනෙක් ආදරය කරන්න කෙනෙක්ව තෝරා ගන්න කොට මේ පෙනුම කියන සාධකය ගැන සොයා බලනවා. රූපය කියන සාධකය ආදරය කරන කෙනෙකුට කැමති වෙන්න අවශේෂ සාධකයක් විතරයි. රූපයට වඩා ඔහුගේ හෝ ඇයගේ වටපිටාව ගැන ඔයා දැනගත යුතු කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ කරුණු ගැන අවධානය යොමු නොකර රූපයට හා පෙනුමට විතරක් අවධානය යොමු කළොත් ඔයාට ඒ ආදර කතාව ගොඩක් දුර රැගෙන යන්න බැරි වෙයි. මොකද අනවබෝධයෙන් දුර ගමනක් යන්න අසීරුයි.

03. පුංචි කාලයක් ගන්න

ඔයාට ආදරය කරන්න එහෙමත් නැතිනම් විවාහ යෝජනාවකට ඇරයුමක් ලැබෙනවා කියලා හිතන්නකෝ. ඉතිං මුලින් කිව්වා වගේ ඔයාට කෙනෙක්ව යෝජනා කරපු ගමන් හා හා පුරා කියලා කැමැත්ත ප්‍රකාශ කරන්න කලින් පුංචි කාලයක් ඉල්ලා ගන්න. මේ කාලය ඔයාට ඔහු හෝ ඇය ගෙනපු යෝජනාව ගැන හිතන්න වගේම ඔහු හෝ ඇය ගැන තොරතුරු හොයලා බලන්න වෙන් කර ගන්න. ඇතැම් විට ඔයාට මේ යෝජනාව ගෙන එන අවස්ථාවේ ඔයා ඉන්න පරිසරය හොඳ වෙන්නත් නොවෙන්නත් පුළුවන්. ඉතිං පුංචි කාලයක් ලබා ගත්තොත් ඔයාට කාලය එක්ක ගන්න හොඳ තීරණයක් නිසා දුර ගමනක් යන්න පුළුවන් වේවී.

04. අවංක වෙන්න

අවංකව ජීවත් වෙන්න ඕන කියන පුරුද්ද අපිට කියලා දෙන්නේ පුංචි කාලේ ඉඳන්මනේ. ඔයා අවංක වෙන තරමට තමයි ඔහු හෝ ඇය ඔයාට අවංක වෙන්නේ. යම් තරුණියෙක් හෝ තරුණියක ගැන විවාහ යෝජනාවක් එහෙමත් නැතිනම් ආදර සම්බන්ධතාවකට ඇරයුමක් ඔයාට අරගෙන එනවා කියලා හිතන්නකෝ. සමහර විට ඒ කෙනා ඔයා ගැන දන්නවා හෝ නොදන්නවා විය හැකියි. ඉතිං ඔයා ඔහු හෝ ඇය ඉදිරියේ වෙස් වලාගෙන පෙනී ඉන්න එපා. නැති දේවල් ගැන කතා කරන්න එපා. ඔයාගේ ඇත්ත වටපිටාව ගැන දන්න කෙනෙක්ට ඔයා බොරු දේවල් මවාපාන්න ගියොත් ඔයා තමයි මුලින්ම ෆේල් වෙන්නේ. ඒ මොහොතට විතරක් නෙමෙයි අවංක බව ඔයාට ජීවිත කාලය පුරාවටම ඕන කරන දෙයක් නිසා කෙනෙක් ඉදිරියේ බොරු රඟපෑම් නම් කරන්න එපා. මොකද ඒවාට වැඩි ආයුෂ නෑ.

05. සීමාවක් තියාගෙන හීන දකින්න

ගොඩක් වෙලාවට තරුණ තරුණියන් හිතන්නේ තමන් ආදරය කරන කෙනාව කොහොමහරි විවාහ කර ගන්නවා කියලානේ. ඒත් යථාර්ථය නම් ඊට වඩා වෙනස්. ආදරය කරන හැමෝටම විවාහ වෙන්න බෑ කියන කතාව ඔයා දන්නවානේ. අන්න ඒ නිසා ඔයාට ආදරය කරන්න හිත ගිය කෙනෙක් ඉන්නවා නම් ඔහුට හෝ ඇයට යෝජනා කළා නම් ඒ වෙනුවෙන් ලොකු ලොකු හීන දකින්න එපා. ඒ විතරක් නෙමෙයි මගේ විතරයි කියන හැගීමෙන් ඔහු හෝ ඇය දිහා බලන්න එපා. හීන දැක්කට කමක් නෑ. නමුත් ඒ හැම හීනයකටම සීමාවක් තියා ගන්න. එහෙම නොවුණොත් ඒ හීන හැබැ නොවුණම පසුතැවීමක් විතරක්ම ඉතිරි වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1097 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:20:08 AM
Script:/article/1097/what-you-should-do-first-if-some-one-propose-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:20:09 AM
Script:/article/1097/what-you-should-do-first-if-some-one-propose-you.html