තරුණියක් තනිකඩ ජීවිතය තෝරා ගැනීමට හේතු වෙන දේවල්

March 17, 2021
5,091
Reasons a girl choose to be single
ගොඩක් ගැහැණු ළමයින්ට ආදර සම්බන්ධතාවයක් අවශ්‍ය නොවීමට බොහෝ හේතු කරණා තිබෙනවා. හදවත බිදුණු විට සහ කාලයක් ගත වෙන විට තනිකඩ ජීවිතය හරි රසවත් බව දැනෙන්න පටන් ගන්නවා. බැඳීමක් නිසා හිතට කිසිදු සහනයක් දැනෙන්නේ නැති නිසා තරුණියන් තනිකඩ ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගන්නවා. තනිකඩ ජීවිතය තුළ තියෙන සතුට, සැනසීම, සැහැල්ලුව, විඳිනකොට හිතෙනවා තනිකඩ ජීවිතය කොයි තරම් සතුටක්ද කියලා. තනිකඩව ජීවිතය සතුටක් ලබා දෙන නිසා නැවත සම්බන්ධතාවයක් පටන් ගන්න හිතෙන්නේ නැහැ. ගැහැණු ළමයෙක් තනිකඩව ජීවිතය ගෙවීමට හේතු පහක් මෙන්න:

1. සිහින ලුහුබැඳ යාම නිසා ඇය කාර්යබහුලයි

මේ මොහොතේ සිට ඇය තමන් වෙනුවෙන් ජීවිතයක් ගොඩනගා ගන්න ඇයට ඉටු කර ගැනීමට අවශ්‍ය බොහෝ සිහින වෙනුවෙන් කාලය වෙන් කර ගන්නවා. ඇය සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක ඉහලින්ම ජය ගැනිමට උත්සාහ කරනවා. ආදරය හා බැදීම් පසුපස යාමෙන් සිදුවන්නේ තමන්ගේ ඉලක්ක කඩා වැටිම බව වටහා ගන්නවා.

2. ඇයට කාලය ඇත්තේ ඇය වෙනුවෙන් පමණයි

මේ දිනවල, ඇයට ඇත්තටම කාලය ඇත්තේ ඇය වෙනුවෙන් පමණයි. ඇයට කියවීමට අවශ්‍ය පොත්, නැරඹීමට අවශ්‍ය චිත්‍රපට සහ ඇයට ගවේෂණය කිරීමට අවශ්‍ය ලෝකයක්ද තිබෙනවා. ඇය ඇගේ කාලය වැඩි වශයෙන් වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් කැප කිරීමට පටන් ගත්තොත් මේ සියල්ල අවුල් වන බව ඇය දන්නවා.

3. ඇයගේ ජීවිත රඟමඩලක් කර ගැනීමට ඇය අකැමතියි

කාලයත් සමග සබඳතා අවුල් විය හැකි බව ඇයට අත්දැකීම් ඇති බැවින් සමහරක් බොරු ආදරය ඇත්තක් ලෙස මවා පෑමට පුද්ගලයින් එක එක විදිහේ නාට්‍ය ඉදිරිපත් කරනවා. අවංකවම, ඇයට දැන් ඇයගේ ජීවිතයට එවැනි නාට්‍යයක් අවශ්‍ය නැහැ. හැකිතාක් දුරට, ඇගේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරිමට ඇයට අවශ්‍යයි. ඉතින්, එයින් අදහස් කරන්නේ ටික කලකට සබඳතා වලින් හෙම්බත් විම නිසා ආදර කිරිමට අකමැති බවයි.

4. පවුලේ අය සහ මිතුරන් සමඟ ඇය සතුටු වෙයි

හැමෝම කියන්නේ ආදරය ලබන්න නම් පෙම් සම්බන්ධතාවයක් තිබිය යුතු බවයි. නමුත් ඇය දැනටමත් ආදරය ලබන කෙනෙක්, මොකද ඇයට ආදරය කරන බොහෝ මිතුරන් හා පවුලේ අය සිටින නිසා. ඒ නිසා වෙනත් බැදීමක් ඇති කර ගැනිමට ඇයට අවශ්‍යය නැහැ.

5. ඇයට ආදරය කිරිමට ගැලපෙන කෙනෙක් නැහැ

ඇත්ත වශයෙන්ම, ඇයගේ අදහස් වලට ගැලපෙන කෙනෙකු ඇයට තවමත් හමු වෙලා නැහැ. ඇයට සෑම කෙනෙක් සමඟම ගැටලු බෙදා ගැනීමට අවශ්‍ය නැහැ. කාලය නිවැරදි වූ විට සහකරු පැමිණෙන බව ඇය විශ්වාස කරයි. එතෙක්, ඇය තනිකඩව සිටීමට තිරනය කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1957 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:12:05 AM
Script:/article/1957/reasons-a-girl-choose-to-be-single.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:12:05 AM
Script:/article/1957/reasons-a-girl-choose-to-be-single.html