ඔයාගේ ආදර සම්බන්ධයත් සාර්ථකද කියලා බලමු

October 21, 2018
6,727
Lets see if your love affair a successful one
හැමෝම ආදරය කියන වචනේ දන්නවා. ආදරය කියන්නේ දුකේදීත් සතුටෙදිත් දෙන්නම එකට එකතු වෙලා සතුටින් එකට ඉන්නවා කියන එක. ඔයාට මෙන දේ තිබුනත් වැඩක් නැහැ නේද ඔයාගේ හිතේ සතුට ඔය ළග නැත්නම්. ඕනෑම් කෙනෙක්ගෙන් කෙනෙක්ට අදහස් වෙනස්. ඉතින් ආදරයේදී අදහස් ගැලපෙන්නේ නැහැ කියලා හැබැ. ආදරයේදී ඔයාලා දෙන්නාම අදහස් ගලපගන්න ඕනි. එකිනෙකා අවබෝධ කර ගැනීම සාර්ථක සම්බන්ධතාවයක ලකුණක්. සම්බන්දතාවයක් සාර්ථකවීම් සහ අසාර්ථකවීම්ද ඕන තරම් තියෙනවා. ඔයාගේ ජිවිතේ ඇතිවෙන අසාර්ථකවීම් වලට ඔයා සාර්ථකව මුහුණ දුන්නහම තමා සාර්ථක ජිවිතයක් ගෙවන්න පුළුවන් වෙන්නේ. බලන්න ඔයාගේ සම්බන්ධතාවයත් සාර්ථක එකක්ද කියලා.

පෙම්වතාට බය වෙන්න එපා 

ආදරය කරනකොට ඔයාගේ පෙම්වතාට විවෘත වෙන්න ඕනි. ඔයා ඔයාගේ සහකරුවට බය වෙනවා නම් ඒක අසාර්ථක ලක්ෂණයක්. අනෙක මොකක් හරි දෙයක් කරන්න කලින් පෙම්වතාගෙන් අවසර ගන්න ඕනි වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා සම්බන්දතාවය තුළ උපරිම නිදහස අරගෙන ඔහුත් එක්ක අදහස් බෙදා ගනිමින් දේවල් කරන්න. ආදරේදී නිදහස තියෙනවා නම් ඒක සාර්ථක සම්බන්දතවයක්.

සහකරුවා පාලනය කරන්න එපා

පෙම්වතාව ඔයාගේ විදිහට වෙනස් කර ගන්න උත්සහ කරන්නේ නැතිව ජිවත් වෙන්න. ඔයා පෙම්වතා ගැන සැක කරන්න එපා. එයාට ඔයා සැක කරනවා කියලා දැන ගන්නත් ඉඩතියන්න එපා. මොකද පෙම්වතෙක් කැමති නැහැ සැකය කියන වචනේටවත්. ඒ නිසා පෙම්වතාගේ පරණ දේවල් ගැන හොයන්නේ නැතිව ඔයා එයාව විශ්වාස කරලා එයාව පාලනය කරන්නේ නැතිව දෙන්නම දෙන්නාගේ අදහස් තේරුම් අරන් ඉන්න.

එකිනෙකා අතර විශ්වාසය ඇති කර ගන්න

ඔයා නිතරම පෙම්වතාව සැක කරනවාද? ඔයාට පොඩ්ඩ ඇත්නම් කේන්ති ගන්නවද? පොඩි වෙලාවක් හරි පරක්කු වුනොත් කේන්ති යනවද? එයා ඔයාට කොච්චාර ආදරේ කරත් පොඩි පොඩි හේතු නිසා ඔයාගේ ආදරේ අසාර්ථකයි. ඔයාට පුළුවන් වෙන්න ඕනි පෙම්වතාව තේරුම් අරන් සන්සුන්ව කටයුතු කරන්න. එතකොට ඔහු ඔයා ළඟ හැමඳාම රැඳෙයි.

හුවමාරු කර ගැනීම

ආදරයේදී ආදරය කරන කෙනායි ඔයයි දෙන්නම එක්කෙනෙක් කියලා හැමතිස්සේම මතක තියාගෙන වැඩ කරන්න. එතකොට ඔයාට ඔහුගෙන්, ඔහුට ඔයාගෙන් කිසිදෙයක් හංගන්න බැහැ. ඔයාට විශේෂ දේවල් පෙම්වතා සමග බෙදාගන්න. ඔයාගේ හැමදෙයක්ම නොසඟවා කියන්න. ඔයාගේ සම්බන්දතාවය සාර්ථකයි.

යමක් බලාපොරොත්තුවෙන් දෙයක් දෙන්න එපා

ඔයාගේ සහකරුවා වෙනුවෙන් යමක් කරනවද නැත්තම් විශේෂ දවසකට, උපන්දිනයකට යමක් දෙනවාද, ඔහුගෙනුත් එවැනි දෙයක් පෙරලා බලාපොරොත්තු වෙන්න එපා. ඔයා එයා වෙනුවෙන් දෙයක් කරනවද ඒ කරන දෙය නිසා ඔහු ලබන සතුට විතරක් බලාපොරොත්තු වෙන්න. එහෙනම් ඔයාගේ සම්බන්දතාවය සාර්ථක එකක්.

ආත්ම විශ්වාසයක් තියා ගන්න

ඔයා හැමතිස්සේම පෙම්වතාගෙන් අහනවා ඇති ඔයා මට ආදරෙයිද, ඔයා මාව බඳිනවද කියලා. නිතර ඔයාට ඕනේ ඒ පිළිබඳ තහවුරු කර ගන්න නම්, ඒකෙන් තේරෙන්නේ ඔයාට ඔයාගේ ආදරේ විශ්වාසයක් නැතිකමයි. ඔයාට ඔයාගේ සම්බන්දතාවය ගැන විශ්වාසයක් ඇතිනම් එකිනෙකා ළඟ ආත්ම විශ්වාසයක් ඇතිනම් ඔයාගේ සම්බන්දතාවය සාර්ථකයි.

ඔයා ළඟත් අඩුපාඩුකම් ඇති. හැම කෙනෙක්ම සර්ව සම්පුර්ණ කෙනෙක් නෙමෙයි නේ. ඒ නිසා ළඟ තියෙන අඩු පාඩු හදා ගෙන ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන්නම් ඔයා සාර්ථකයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1133 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:26:43 PM
Script:/article/1133/lets-see-if-your-love-affair-a-successful-one.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:26:44 PM
Script:/article/1133/lets-see-if-your-love-affair-a-successful-one.html