රෝස මලේ කතන්දරේ වැලන්ටයින් දවසේ මේ ගැන අනිවාර්යයෙන් දැනගන්න

February 14, 2017
12,685
Rose Color Meanings: Choose the Right Color for Your Message
අද ආදරවන්තයින්ගේ දිනයනේ. ඉතින් තමන් ආදරය කරන කෙනාට රෝස මලක්, චොක්ලට් එකක් ගෙනත් දෙන්න ආදරය කරන කව්රුත් මහන්සි වෙනවා. අද දවසේ තමයි රෝස මල් වලට වැඩිම ඉල්ලුමක් තියෙන දවස. කීය වුනත් තමන්ගේ ආදරවන්තියට, ආදරවන්තයාට දෙන්න කව්රු වුනත් රෝස මලක් ගන්න මැලි වෙන්නෙත් නෑ අද දවසේ.

හැබැයි එක එක පාටින් තියෙන රෝස මල් වලින් ඔබේ හිතේ තියෙන දේ හරියටම කියන්න පුළුවන් විදිහේ රෝස මලක් තෝරාගන්නේ කොහොමද? මොකද එක එක රෝස මල් පාටට එක එක තේරුම්නේ තියෙන්නේ.

Rose Color Meanings
ආදරවන්තයින් ගේ දවසේ ගොඩාක් වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ රතු පාට රෝස මල්. තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනාට තමයි රතුම රතු පාට රෝස මල් දෙන්නේ. ඉතින් රතු රෝස මලක් ලැබෙනවා කියන්නේ... හිතා ගන්න පුළුවන් නේ.

Rose Color Meanings
රෝස පාට රෝස මල් දෙන්නේ තමන්ගේ හිතේ කියාගන්න බැරුව කාලයක් තිස්සේ ආදර හැගීමක් හිර කරගෙන ඉන්න කෙනෙක් වෙනුවෙන්. ඔන්න අද ඔබට කව්රු හරි ඇවිත් රෝස පාට රෝස මලක් දුන්නොත්... හිතා ගන්න ඔබ ගැන කාලෙක ඉදලා හිතේ විශේෂ හැගීමක් තියෙන කෙනෙක් කියලා ඒ.

Rose Color Meanings
කහ පාට රෝස මල් දෙන්නේ හොදම යාලුවන්ට. තමන්ගේ හිතමිත්‍රකම පෙන්නන්න.

Rose Color Meanings
තැබිලි පාට රෝස මල් දෙන්නේ දෙන්නට දෙන්නම දැනුවත්ව. හැබැයි ප්‍රකාශ නොකරපු ආදරයක් වෙනුවෙන්. එහෙම ඉන්නත් එපා ඉතින්. කෙනෙක්ට ආදරෙයි කියලා හිතෙනවානම් කෙලින්ම කියලා දාන්න. ඕක හිත අස්සේ හිර කරගෙන හිටියා කියලා මොනවා ලැබෙනවා කියලාද?

Rose Color Meanings
දම් පාට රෝස මල් දෙන්නේ දැක්ක ගමන්ම ආදරේ හිතුන වග අගවන්නයි.

Rose Color Meanings
සුදු රෝස මල් දෙන්නේ පිරිසිඳු බවට. රෝගී කෙනෙක්ගේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්.

ඔන්න ඉතින් ඔහොමයි රෝස මලේ කතන්දරේ. තමන්ගේ හිතේ තියෙන හැඟීමේ හැටියට රෝස මල් තෝරාගෙන හිතේ ඉන්න කෙනාට දෙන්න හොදේ. අද දවසේ නටුවේ කටු ඇනගෙන ඇස් රතු කරගන්නේ නැතුව. මුළු දවසම ආදරයෙන් ගත කරන්න.

HAPPY VALENTINES DAY!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 54 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:41:25 PM
Script:/article/54/rose-color-meanings-choose-the-right-color-for-your-message.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:41:26 PM
Script:/article/54/rose-color-meanings-choose-the-right-color-for-your-message.html