සියඹලා වලින් ලැබෙන ගුණ ගැන දැනුවත්ද?

November 14, 2019
15,688
Are you aware of the qualities of tamarind?
ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වූ තෙත් කලාපයේ හා වියළි කලාපයේ සාරවත්ව වැඩෙන දැකුම්කළු සදාහරිත වෘක්ෂයකි. බොහෝ සේ අතුපතර විහිදුවමින් මීටර් 18-20 පමණ උසට වැඩේ. කඳේ පොත්ත ලා දුඹුරු පැහැයට හුරුය. බෙහෙවින් රළුය. පොත්තේ ඇතුළත ලා රෝස පාටය. සියඹලා ශාකයට ආවේණික සුවදක් පවතී. සියඹලා කරල් මෙන්ම මල් හා කොළ පවා ඇඹුල් රසයකින් යුක්තය .කොලෙස්ටරෝල් සුව පත් කිරීමට හැකියාව පවතිනවා. අද හැඩකාරී අපි ඔයාට සියඹලා වලින් ලැබෙන ගුණ ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

හැම අයකුම දන්නා “සියඹලා” ගැන හඳුනා ගනිමු. අපේ රටේ බොහෝම ප්‍රදේශවල වැවෙන වැඩෙන විශාලව පැතිරී යන ගස්‌ විශේෂයකි. අධික ශීත දේශගුණයෙන් යුතු බදුල්ල, වැලිමඩ, නුවරඑළිය සිංහරාජයේත් මෙම ගස් දක්‌නට ලැබීම අසීරු කරුණකි. සෑම වසරකම අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස දෙක කාලයේදී අස්වැන්න නෙලා ගත හැකි වේ. සියඹලා වෘක්‌ෂය බහුලව දක්නට ලැබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ විතරමය. අති විශාල ලෙස වැවෙන සියඹලා ගසේ කරල් පැසී ඉදී බිමට වැටේ.

සියඹලා මදයේ නියම උපරිම ප්‍රතිඵලය භුක්‌ති විඳින්නේ උතුරේ දෙමළ ජනතාවය. මෙය පලතුරක්‌ මෙන් කුළුබඩු ගණයටද ගැනේ. කිරි හොද්දට, මිරිස් හොද්දට, මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක් වශයෙන් සියඹලා හැදින්විය හැක. සියඹලා පලතුරක්‌ ලෙස ගැනෙනුයේ භාගයට ඉදුණු පසු සහ හොඳටම ඉදුණු අවස්ථාවේදීය.

භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම, බඩේ වාතය හිරවී මෙන් ඇතිවන වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්‌ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි. කෙලෙස්ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවකි. වසවිසෙන් තොර ස්වාභාවික සියඹලා මගින්  වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය කරනවා. සියඹලා ජූස් බඳුනක් පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට හැකියාව පවතිනවා. සියඹලා මදය යොදා ගනිමින් වර්තමානයේ වෙළෙඳපොලේ සියඹලා ටොෆීද දකින්නට ඇත. සෙම පවතින අවස්ථාවට ඉතා යෝග්‍යය.

මළ බද්දය දුරු කරවයි . අඹරාගත් කොළ තැලුම් , ඉදිමුම්වලට ගෑමට යොදා ගනී . ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය. කුළුබඩු හා ඖෂධයක් ලෙස එක්වන සියඹලා ශාක‍යේ පත්‍ර , කරල් , පොතු ආදී කොටස් අරුචිය, පිපාසය, බඩ කැක්කුම, මල බද්ධය, අතීසාරය, ආමවාත වාතාබාධ, විවිධ ප්‍රදර රෝග, උණ ශුක්‍ර දෝෂ, ස්වප්න දෝෂ, කුෂ්ඨ, සර්ප විෂ, අධික දහඩිය දැමීම, කැස්ස යනාදී රෝග ගණනාවකට වෙනත් ඖෂධ සමඟ ප්‍රයෝග කෙරේ. දැවිල්ල සංසිඳවා හිසට සිසිලක්, කයට සිසිලත් ලබාගත හැකිය

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1444 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:35 PM
Script:/article/1444/are-you-aware-of-the-qualities-of-tamarind.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:35 PM
Script:/article/1444/are-you-aware-of-the-qualities-of-tamarind.html