හැම දේටම කලින් මේ දේවල් වලින් දත් දෙපල රැක ගන්න

June 22, 2018
11,795
Protect your teeth before anything
අපි අහල නම් තියෙන්නෙ සිනහවෙන් හෝ කතාවෙන් මනුස්සයා මනින්න බෑ කියලා. ඒ වුනත් ඉතින් සිනහව කියන දේ අපිට මොනතරම් වැදගත් ද? ඒ වගේම තමයි සුහදශීලි කතාබහ කියන්නෙත්. අනිත් අය එක්ක ගනුදෙනු කරද්දී මේ දෙකම හරිම වැදගත්. විශේෂයෙන් කාන්තාවගේ සිනහව අතිශය සුන්දරයි. ඒ වගේම අපේ මේ එක හිනාවකින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්. ඒත් ඉතිං දත් ටික අවුල්කොහොමද කටක් ඇරලා මනුස්සයෙක් එක්ක හිනා වෙන්නේ. ඒ නිසා තමන්ගෙ මුහුණේ සුන්දරත්වය ගැන වද වෙනවා වගේම අනිවාර්යෙන් දත් ටිකත් පරිස්සම් කර කරගන්න වෙනවා. හිනාවක් නැති මුහුණකට කවුරුත් කැමති වෙන්නේ නැහැ.

ඔයාට ඕනම වෙලාවක දත් දෙපළ සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්න ගැන වගේම ඒ දේවල් වලට විසඳුම් ටිකකුත් ඔන්න අරගෙන ආවා. අනිවාර්යයෙන් කියවලා බලලා මේ දේවල් හරි විදිහට අනුගමනය කරන්න ඕන. එහෙම වුනොත් නම් ඉතිං හැමදාම බුම්මගෙන තමයි ඉන්න වෙන්නේ. කට ඇරලා තව කෙනෙක් එක්ක කතා කරන්නේ, ලස්සනට හිනාවෙන්නේ කොහොමද දත් ටික නැතුව.

කිරි සුදු පාට දත් දෙපලකට කවුද ඉතින් අකමැති.

අවපැහැ ගැන්වුණු දත් දෙපලක් සුන්දර හිනාවක්ට අනිවාර්යෙන්යෙන් බාධාවක් වෙනවාමයි. ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි හරියට නිවැරදි විදියට දත්ටික මදින එක. දවසට තුන්වරක් වත් දත් මදින එක ගොඩක් වැදගත්. අවම වශයෙන් දෙවරක්වත්. උදෑසන සහ රාත්‍රී ආහාරයෙන් පස්සෙ නම් අනිවාර්යෙන් දත් මදින්න. ඊට අමතරව දවල් කාලයේ නිතර නිතර අපිට විවිධ ආහාරපාන ගන්න වෙනවා. ඉතින් ඒ ආහාර වේල් වලින් පස්සෙත් දත් ටික පිරිසිදු කර ගන්න පුළුවන් නම් දත් අව පැහැ ගැන්වෙන එක ගොඩාක් දුරට අවම කරගන්න පුලුවන්.

හරියටම දත් මදින විදිය දන්නවද?

අපේ අය ගොඩක් දේවල් කරන්නේ හරි අවබෝධයක් ඇතුව නෙවෙයිනේ. කරන්නන් වාලේ. එහෙම නෙමෙයි, කරන හැම දෙයක්ම හරි විදියට නිවැරදිව කරන්න පුරුදු වෙන්න. දත් මදින එකත් ඉතින් ඒ වගේ තමයි. දත්වල කුහර අතර ආහාර කැබලි රැඳීම නිසා ඉතා දත් ඉක්මණින් දිරාපත් වෙන්න පුලුවන්. ඒ නිසා ආහාර ගැනීමෙන් පසුව බුරුසුවක් ආධාරයෙන් දත් මදින්න. සමහර අය නම් ඉතින් ඔය ඇඟිලි වලිනුත් දත් මදින්නේ. ඒත් බුරුසුවක් ආධාරයෙන් නිවැරදිව දත් දේපල පිරිසිදු කරගන්න එක තමයි හරිම විදිය. මොකද ඒ ඇරෙන්න වෙනත් සුදුසු ක්‍රමයක් නැහැ. දත් අතර ආහාර කැබලි රැඳී තියෙනවා නම් බුරුසුවක් ආධාරයෙන් ආහාර කැබලි ඉවත් කරන්න. පිරිසිදු වතුරින් මුව හොඳින් සෝදන්න. පසුවට පසු තැවෙන්නේ වෙන දේවල් කරන්න එපා. දත් කැක්කුම හැදුනම තියෙන සනීපෙ ගැන කට්ටිය හොඳට දන්නවා ඇතිනේ.

පැණි රස කන්නේ බලාගෙන

අපි නිතර නිතර පැණි රස වර්ග ආහාරයට ගන්නවා. ඒ වගේම විවිධ අතුරුපස වර්ග ආහාරයට ගැනීමෙන් පස්සේ අනිවාර්යෙන් පිරිසිදු වතුරෙන් මුව සෝදන්න එහෙම නැති උනොත් අනිවාර්යෙන් දත් ටිකට නම් යහපතක් වෙන්නේ නැහැ. හැකි තරම් පැණි රස ආහාර ලබා ගන්න එක අවම කරන්න. එකෙන් ඉතින් දත් දෙපල විතරක් නෙවෙයි ඔයාගේ මුළු ශරීර සෞඛ්‍යම නිරෝගී වෙනවා.

දැඩි උණුසුම් හා සීතල ආහාර දත් වලට එච්චර හොඳ නෑ

උණුසුම් තේ පානය සහ විවිධ පාන වර්ග වගේම ආහාර වර්ග දත් එච්චර සුදුසු නෑ. උණුසුම් ආහාර නිසාත් දත් අවපැහැ වෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස සීතල පාන වර්ග හා ආහාර ලබා ගැනීමත් දත්වලට හානි කරනවා.

දත් මුල් දියවීම වළක්වන්න පුළුවන් සත්කාරයක්

දත් මුල් දිවියම කියන්නේ දත් දෙපල සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රධානම ගැටලුවක්. ඒකට හොඳම ප්‍රතිකාරයක් තමයි මේ සින්නක්කාරම් කියන්නේ. සින්නක්කාරම් කැටයක් අරගෙන වතුරේ දිය කරලා ඒ සින්නක්කාරම් වතුර මුවට අරගෙන ඇඟිලිතුඩු වලින් විදුරුමස් මුල හිමින් සම්භානය කරන්න. දිනපතා කිරීම මගින් ඉතා ඉක්මනින් දත්මුල් දියවීම අවම කර ගන්න පුළුවන්.

මුඛයෙන් දුර්ගන්ධය හමනවද?

මේක නම් හරිම ගැටලුකාරී තත්වයක්. තව කෙනෙක් එක්ක හිනා නොවි හරි හිටියා කියමුකෝ. ඒත් කිසි කෙනෙක් එක්ක කතා නොකර ඉන්න බැහැනේ. ඒත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් තව කෙනෙක් එක්ක මුණ බලාගෙන කතා කරන්නේ කොහොමද? විදුරුමස් රෝග නිසාත් උෂ්ණාධික බව නිසාත් ඒ වගේම දත් කුහර ඇති වීම නිසාත් මුඛයෙන් දුර්ගන්ධය වහනය වෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක දී හොඳින් දත් මදින එක වගේම හොඳ මවුත් වොෂ් එකක් භාවිතා කරන එකත් ගොඩක් වැදගත්. ඒ වගේම මේකට වෛද්‍ය උපදෙස් ගන්නවා නම් තමයි හොදම. විශේෂයෙන් ආයුර්වේදයේ මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තියෙනවා. ඒ නිසා ඒ දේවල් වලට යොමු වෙන්න.

ඒ වගේම ශරීරය සිසිල් කරවන පාන වර්ග පානය කිරීම මඟිනුත් ශරීරය සිසිල් වෙලා දුර්ගන්ධය හැමීම අඩු වෙනවා. පොල් පලා, කීකිරිඳිය, නීරමුල්ලිය, රණවරා, බෙලිමල් වගේ පාන වර්ග ඉඳලා හිටලා හරි පානය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 905 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:33:35 PM
Script:/article/905/protect-your-teeth-before-anything.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:33:35 PM
Script:/article/905/protect-your-teeth-before-anything.html