ඔබේ සැමියා වෙනතක් බලා යනගමන් ද?

August 7, 2017
22,892
Is He Cheating? - 7 Signs Your Boyfriend Cheating On You
ආදරය කියන්නේ අමුතු හැඟීමක් වගේම තමයි ආදරය පවත්වාගෙන යන එකත් හරිම අමුතුයි. මෙහෙමයි ආදරය පවත්වාගෙන යන්න ඕනේ කියලා කාටවත් කියන්න බෑ. මොකද එක එක යුවල වලට දැනෙන්නේ එක එක විදිහට. හැබැයි අද කාලේ එකට ඉන්න යුවල වලට වඩා වෙන් වුනු යුවල ප්‍රමාණය වැඩියි.

සමාජයේ මොකක්ම හරි දෙයක් නිසා මිනිස්සු එකතු වෙන ඉක්මනට වඩා වේගයෙන් වෙන් වෙනවා. අපි කොහේ ගියත්, මොනවා කතා කලත්, අරයා මෙහෙම කරලලු නේද, මෙයා අරයත් එක්ක ගිහින් ලු නේද කියලා. එක් වීම් වලට වඩා වැඩියෙන් ආරංචි වෙන්නේ වෙන් වීම් ගැන.

ඉතින්, මේ ගැටලුවට ඔබත් මැදි වෙලාද?

හිත පිළිගන්න අකැමති වුනත්, එහෙම අවුලක් වෙලා නම්, ඔබ ඒ ගැන ඔහුත් එක්ක කෙලින්ම කතා කරන එක හොඳයි. නමුත් ඔහුගේ හිත වෙන අතකට ගිහින් කියලා නිට්ටාවටම දැන ගන්නේ කොහොමද?

පිරිමින්ගේ හොර වැඩ ගැහැණු අතටම අහු වෙද්දීත් අපේ අතින් මග හැරෙන අවස්ථා තියෙනවා.

1. සාමාන්‍ය ඉඟි

ඔහුගේ ඇඳුම් වල ලිප්ස්ටික් පැල්ලම්, ඔබ භාවිතා කරන්නේ නැති සුවඳ විලවුන් සුවඳක් එනවානම්, ඔබ විමසිලිමත් විය යුතුයි. ඒවා, මුලින්ම එන සාමාන්‍ය ඉඟි. ඒවා නොසලකා හැරීමෙන් පාඩු වෙන්නේ ඔබටම තමයි.

2. එක පාරටම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන එක

හැමදාම වගේ ඔෆිස් ගිහින් එන්න ගොඩාක් පරක්කු වෙන එක, ළඟ ළඟ මීටින් වැටෙන එක, ඔෆිස් එකේ වැඩ වලට දුරට යන්න වෙන එක ඔබ කිසිම වෙලාකදී මගහරින්න උවමනා කාරණා නෙමෙයි. මේ වෙනස්වීම ගැනත් අවධානය යොමු කරන්න.

3. පුංචි පුංචි දේවල් වලට ඔබට දොස් පරවන එක

තේ එකට සීනි මදි වුනු එකත් මහා ලොකු වැරද්දක් වගේ ලොකුවට අරගෙන ඔබට කෑ ගහනවානම්, ඒ කියන්නෙත් ඔහු අතේ තියෙන වැරැද්ද නිසා, ඔබගෙන් දුරස් වෙන්න ඔහු යොදා ගන්න උපක්‍රමයක් කියලයි.

4. එක පාරටම ඔහු අමුතු පුද්ගලිකත්වයක් ආරෝපණය කර ගැනීම

ඔබ දෙදෙනාම එක FB අකවුන්ට් එකක් භාවිතා කරලා, ඔහුගේ හැම පාස්වර්ඩ් එකක්ම ඔබත් මෙච්චර කල් දැනගෙන ඉඳලා, එක පාරටම ඔහු ඒවා මාරු කලොත්,
එතනත් අවුලක් තියෙනවා. කලින් දෙන්නටම එකම දේවල් පාවිච්චි කරන්නයි, එක පාරටම ඔහු අමුතු පෞද්ගලිකත්වයක් ආරෝපණය කරගන්න උත්සහ ගන්නවා කියන්නේ ඔබ කලපනාකාරී විය යුතු තැනක්.

5. අලුත් ලිංගික ඉරියව්

ඔබ දෙදෙනාට සාමාන්‍යයෙන් එක්වන ලිංගික ඉරියව් වලට වඩා වෙනස් ලිංගික ඉරියව් වල ඔහු වඩාත් ක්‍රියාශිලිව යෙදෙනවානම් එයින් හැන්ඟෙන්නෙත්, ඔහු වෙන අවස්ථාවක එහි ප්‍රවින්තාවය ලබාගෙන තිබෙනවා කියන එකයි.

6. උවමනාවට වඩා පෙනුම ගැන සැලකිලිමත් වෙන එක

වෙනදාට වඩා ඔහුගේ පෙනුම ගැන ඔහු උනන්දු වෙනව නම්, කොන්ඩෙ කපලා, රැවුල කපලා, හැම වෙලේම හැඩ බලන්න ඔහු මහන්සි ගන්නවා නම් ඔහු ගැන හොයන්න ඔබත් මහන්සි වෙන්න.

7. ඔබව ඔහුගේ දේවල් වලට සම්බන්ධ කර නොගැනීම

ඔෆිස් එකේ පාර්ටි වලට, වෙන ගමන් බිමන් වලට ඔබව එකතු කර ගන්නේ නැතිව, ගෙදර ඉන්න කියලා යනවානම් එතනත් ගැටළුවක්.

මේ දේවල් ඔබ දෙදෙනා අතරත් වෙනවා නම්, කාලය නාස්ති කර ගන්නේ නැතිව ඔහුත් එක්ක විවෘතව කතා කරන්න. ඔබට ඔබේ සම්බන්ධතාවය රැක ගන්න අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් කටයුතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 368 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:16:18 AM
Script:/article/368/is-he-cheating-7-signs-your-boyfriend-cheating-on-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:16:18 AM
Script:/article/368/is-he-cheating-7-signs-your-boyfriend-cheating-on-you.html