නියපොතු ලස්සනට තියා ගන්න කැමති ඔයාට මේ ලිපිය වැදගත්

July 20, 2018
16,029
Keep your nails beautiful
කාන්තාවන් ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගේ මුහුණ වගේම අත් දෙකත් ලස්සනට තියා ගන්න. ඉතිං බොහෝ දෙනෙක් නියපොතු එක එක පාට වලින් පාට කරලා එක එක විදිහේ හැඩ වැඩ දාන්න තියෙන්නේ පුදුම කැමැත්තක්. නියපොතු කොච්චර ලස්සනට තියා ගන්න උත්සාහ කළත් නියපොතුවල සුන්දරත්වයට තියෙන ලොකු බාධාවක් තමයි ඔයාගේ නියපොතු ඉක්මනින් කැඩෙන එක. ඔයාගේ නියපොතු ඉක්මනින් කැඩිලා යන්නේ නියපොතුවල ශක්තිමත් බව අඩු වුණාම. කාලයක් නියපොතු දික් කරලා පාට පාට නිය ආලේපන වර්ග ගාලා ලස්සනට තියාගෙන ඉන්නකොට එක නියපොත්තක් හරි කැඩිලා යනකොට ඔයාට ලොකු දුකක් ඇති වෙනවා නේද? ඉතිං අද අපි hadakari.com වෙතින් ඔයාගේ නියපොතු ශක්තිමත්ව පවත්වා ගන්න වගේම නියපොතු ලස්සනට තියාගන්න වැදගත් වන කරුණු කිහිපයක් ගැන කතා කරන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියලවම බලන්නකෝ ඔයාගේ නියපොතු කැඩෙන්නේ නැතුව ලස්සනට තියා ගන්නේ කොහොමද කියලා.

ඕට්ස් ආහාරයට එකතු කර ගන්න

ඔයාගේ නියපොතු ශක්තිමත්ව වගේම නිරෝගීව ලස්සනට තියා ගන්න නම් ඉතිං පෝෂණ සංඝටක ආහාරයට එකතු කර ගන්න සිදු වෙනවා. ඔයාගේ මුහුණ ලස්සනට තියා ගන්න ඔයා කොතරම් නම් රූපලාවණ්‍ය සත්කාර කරනවාද? අන්න ඒ වගේම ඔයාගේ නියපොතුවල සුන්දරත්නවයටත් පෝෂණය අත්‍යාවශ්‍යයි. නියපොතුවල සුන්දරත්වයට මෙන්ම නිරෝගීව තියා ගන්න කොපර්, සින්ක් හා මැන්ගනීස්, විටමින් ඊ බහුලව අන්තර්ගත වෙන ඕට්ස් ආහාරයට ගැනීම වැදගත්. මෙගින් ඔයාගේ දුර්වල නියපොතු නිරෝගිමත් වෙලා ශක්තිමත් වෙන්න පටන් ගන්නවා.

මාළු ආහාරයට එකතු කර ගන්න

ඔයාගේ නියපොතු ලස්සනට තියා ගන්න ප්‍රෝටීන් වර්ග අත්‍යාවශ්‍ය බව දැන සිටියාද? ප්‍රෝටීන් ඔයාගේ නියපොතුවල සෞඛ්‍යය සම්පන්න බවට විතරක් නෙමෙයි ඔයාගේ සමස්ත සිරුරේ නිරෝගී බවට ඉතාමත් වැදගත්. මාළුවල ප්‍රෝටීන්, ඔමේගා 3 සහ සල්ෆර් අන්තර්ගත වෙනවා. ඔයාගේ නියපොතු ඉක්මනින් කැඩී යනවා නම් මාළු ආහාරයට ටිකක් වැඩිපුර එකතු කරගන්න. මාළු ඔයාගේ නියපොතු ශක්තිමත් කරනවා විතරක් නෙමෙයි නියපොතුවලට අවශ්‍ය තෙතමනයද හොදින් ලබා දෙනවා.

බිත්තර ආහාරයට එකතු කර ගැනීම වැදගත්

බිත්තර ආහාරයට එකතු කර ගැනීමෙන් ඔයාගේ නියපොතුවල සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට ඉවහල් වෙනවා. සම්පූර්ණ බිත්තරයක් දවසට වරක් ආහාරයට එකතු කර ගැනීම මේ සදහා ප්‍රමාණවත්. එයින් ඔයාට විටමින් D සපයනවා. ඒ වගේම ප්‍රෝටීන්, විටමින් B12 සහ යකඩ සිරුරට ලබා දෙනවා. බිත්තර සුදු මදයේ බයෝටීන් අඩංගු නිසා ඔයාගේ නියපොතුවල ශක්තිමත් බව හා ඝණකම් බව වැඩි කිරිමට ඉවහල් වෙනවා. ඉතිං හැමදාම ඔයාට ඔයාගේ නියපොතු ලස්සනට තියා ගන්න ඕන නම් බිත්තර දිනපතා ආහාරයට ලබා ගන්න.

ග්‍රීන් පීස්

ග්‍රීන් පීස් කියන්නේත් ඔයාගේ නියපොතු ලස්සනට කියා ගන්න උපකාරී වෙන ධාන්‍ය වර්ගයක්. ග්‍රීන් පීස් වල ප්‍රෝටීන්, බීටා කරයින් වගේම විටමින් C යන පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වෙනවා. ඔයාගේ නියපොතු ඉක්මනින් කැඩී යාමකට හෝ අවපැහැ ගැන්වී ඇත්නම් ග්‍රීන් පීස් ආහාරයට එකතු කර ගැනීමෙන් ඔයාට එකී ගැටලූවට පිළිතුරු සොයා ගන්න පුළුවන්.

කොළ පැහැති එළවලූ වර්ග

නිවිති කොළ, ගෝවා කොළ, ලීක්ස් වැනි කොළ පැහැති එළවලූ වර්ගවල කැල්සියම් සහ යකඩ බහුලව අන්තර්ගතයි. ඒ නිසා කොළ පැහැති ආහාර ඔයා දිනපතා ආහාරයට ලබා ගැනීමෙන් ඔයාගේ නියපොතු සෞඛ්‍යය සම්පන්නව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා හැකිනම් දිනපතා කොළ පැහැති එළවලූ වර්ග ආහාරයට එකතු කර ගන්න.

පීකදු ආහාරයට එකතු කර ගන්න

පීකුදු කියන්නේ යකඩ බහුල ආහාරයක්. නියපොතු බිදී යන්න බලපාන ප්‍රබල හේතුව තමයි ඔයාගේ සිරුරේ යකඩ අඩංගු ප්‍රමාණය අවම වීම. ඉතිං පීකුදු ආහාරයට ගැනීමෙන් ඔයාගේ නියපොතුවල ශක්තිමත් බව වැඩි කර ගැනීමට උපකාරී වෙනවා.

කිරි සහිත ආහාර

කිරි, යෝගට්, චීස් වැනි ආහාරවල කැල්සියම්, බයොටීන් වගේම ප්‍රෝටීන් යහමින් අන්තර්ගත වෙනවා. මේ සංඝටක මගින් ඔයාගේ නියපොතු ශක්තිමත් කර වර්ධනය කිරීමද සිදු කරනවා. මෙවැනි කිරි සහිත ආහාර වැඩිපුර ආහාරයට ලබා ගැනීමෙන් ඔයාට නිරෝගීත්මව ඔයාගේ නියපොතු පවත්වාගෙන යන්න උදව් වෙනවා. නියපොතු ශක්තිමත්ව ලස්සනට තියා ගන්න ඔයා කැමති නම් කිරි සහිත ආහාර වැඩිපුර ආහාරයට එකතු කර ගන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 956 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:39:15 PM
Script:/article/956/keep-your-nails-beautiful.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:39:15 PM
Script:/article/956/keep-your-nails-beautiful.html