කෝමාරිකා එකතු කරගෙන වඩාත් ලස්සන රෝස මල් වගාවක් කරන හැටි දන්නවාද?

July 11, 2020
4,675
Have a rose garden with aloe vera
රෝස මල් කියන්නේ ඕනෑම ගෙවත්තකට අපූරු වගාවක්. සුන්දර දර්ශනයක්. රෝස මල් පිපෙනකොට ඒවායින් මුළු වත්තම දීප්තිමත් කරවනවා. කෙසේ වෙතත් මෙම පඳුරු නඩත්තු කරන එක සැමවිටම පහසු දෙයක් නෙමෙයි. හැබැයි තනි රෝස මලකින් ලස්සන රෝස පඳුරක් වර්ධනය කරගන්න අනිවාර්‍යෙන්ම ඔබත් කැමති ඇති. ඒ සඳහා අද අපි ඔබට කියන පහසු උපක්‍රමය උත්සාහ කරලා බලන්න! මෙන්න මේ නිසායි කෝමාරිකා හරහා වඩාත් ලස්සන රෝස පඳුරක් වවාගන්න පුළුවන් කියන්නේ...

වැඩෙන රෝස පඳුරු
ගෙවත්තේ ලස්සන රෝස මල් වර්ග රාශියක් වැවිලා තියෙනවා නම් ඒක මනසින් රස විඳින්න අපි කවුරුත් කැමතියි. ඒ සඳහා රෝස මල් හොඳින් නඩත්තු කරන එක වැදගත්. ඒකෙන් අදහස් කරන්නේ නියමිත කාලයට පඳුර කප්පාදු කරන්න අවශ්‍යයි කියලයි. මොකද රෝස මල් වගාවන් විවිධ රෝග වලට හා කෘමීන්ට ගොදුරු වෙනවා.

රෝස මල් නඩත්තු කිරීම
අවුරුද්ද පුරාම ඔබට ගෙවත්තේ රෝස මල් රෝපණය කරන්න පුළුවන්. ඒවා සුළඟ අඩු, හිරු එළිය හොඳින් ලැබෙන, හොඳ පසක් සහිත ගෙවත්තකට හෝ උද්‍යානයකට වඩාත් සුදුසුයි. ඒ වගේම රෝස පඳුරු හිටවද්දී අධික තෙතමනය සහිත නොවන, හොඳ ජලාපවහනයක් ඇති නමුත් නිසැකවම වියළි නොවන පසක හිටවන්න වග බලා ගන්න. අධික ලෙස වියළී ඇති පසක රෝස පඳුරු හිටෙව්වාම ඒවායේ වර්ධනය අවම වෙනවා. ඔබේ රෝස මල් වගාව සාර්ථක ලෙස වර්ධනය වීමට පසට මැටි ටිකක් එකතු කරන්න. රෝස මල් ඒකට කැමතියි!

රෝස මලකින් ලස්සන රෝස පඳුරක් වැඩෙන්නේ කොහොමද කියලා ඔබත් පුදුමයෙන් කල්පනා කළාද ? 

කෝමාරිකා වල රෝස දඬු

ඔබ මේ වෙද්දිත් ගෙවත්තේ රෝස පැළ වවලා නැති වුණත් වවන්න උත්සාහ කරන්න කැමතිද? එහෙනම් තනි රෝස දණ්ඩක්, කෝමාරිකා පැළයක්, පෝච්චි‍යක්, හොඳ පස් ටිකක් සහ ඉඩකඩ සහිත මල් පෝච්චියක් මිලදී ගැනීමෙන් වැඩේ ආරම්භ කරන්න. ඉතිරි ටික සරලයි. ලස්සන රෝස පඳුරක් වවාගන්න පහත පියවර අනුගමනය කරන්න: 

කෝමාරිකා කොළයක් අරගෙන කෙළවර කපා දමන්න. ඉන්පසුව සෙන්ටිමීටර 4 ක් පමණ කැබැල්ලක් ද කපාගන්න. රෝස දණ්ඩ රඳවන්න තරම් කෝමාරිකා කොළේ ඇතුළත ඝනව තියනවාද කියලා බලන්න.

කතුරකින් රෝස පැලයක දණ්ඩක් කපාගන්න, රෝස කඳේ පත්‍ර ඇවිත් තියෙන තැනට යටින් කපා ගැනීම වඩාත් සුදුසුයි.



කෝමාරිකා වල තෙතමනය සහිත කොටස තුළට රෝස දණ්ඩේ පතුල ඇතුල් කරන්න.



පෝච්චිය අරගෙන පස් පුරවලා පස් මැද කුඩා සිදුරක් සදන්න.

කෝමාරිකා සමඟ රෝස දණ්ඩ ඇතුල් කරලා පස් වලින් වසන්න.

කුඩා වතුර ප්‍රමාණයක් සමඟ අවම වශයෙන් දිනකට දෙවරක්වත් ශාකයට වතුර දමන්න. පස අධික ලෙස තෙත් නොවීමටත්, අධික ලෙස වියළි නොවීමටත් වග බලා ගන්න.

ඔබට දැන් අවශ්‍ය වන්නේ යම් ඉවසීමක් පමණයි. කාලයත් එක්ක රෝස දණ්ඩ ලස්සන, විශාල රෝස පඳුරක් දක්වා වර්ධනය වෙන බව ඔබටම පෙනෙයි. ශාකය මල් බඳුන ඉක්මවා ගියොත්, ඔබට එය විශාල භාජනයක් තුළට නැවත දමන්න පුළුවන්. සුභ පැතුම් !

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1694 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:24 PM
Script:/article/1694/have-a-rose-garden-with-aloe-vera.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:24 PM
Script:/article/1694/have-a-rose-garden-with-aloe-vera.html