ඔබේ අක්මාව ස්වභාවිකව පිරිසිදු කිරීමට හොඳම පානයන් 05ක්

November 20, 2019
7,345
Best drinks to keep your liver healthy
ඔබේ අක්මාව ඔබේ විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රියයි. ඔබ බොහෝ විට ඒ ගැන නොසිතන නමුත් ඔබේ අක්මාව ඔබේ ජීවිතයේ සෑම මොහොතකම ඔබ වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා ඔබේ අක්මාව ලෙඩ නොකර තියා ගන්න එක වැදගත්.

මේදය හෝ සිරෝසිස් නිසා ඔබේ අක්මාව වෙහෙසට පත් විය හැකියි. අධික බර ඇති අතර සමහර අවස්ථාවලදී ඔබේ සම සහ ඇස් කහ පැහැයට හැරෙන්නේත් අක්මාව සම්බන්ධ ගැටලු නිසයි. රෝගී අක්මාවකට පුලුවන් ඔබව සෙමින් හා අප්‍රසන්න ලෙස මරා දමන්නටත්... ඒ නිසා අක්මාව සම්බන්ධයෙන් අවධානයක් දෙන්න. ඒ වෙනුවට ඔබේ අක්මාව සතුටින් තබා ගැනීම සඳහා සරල බීම වර්ග කිහිපයක් මෙන්න.

1. කැරට් යුෂ

කැරට් ටිකක් නිවිති හා වතුර ටිකක් සමග යුෂ කරන්න. වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා පානය කරන්න. කැරට් වල විටමින් A ඉහළ මට්ටමක පවතින අතර එය අක්මා රෝග වැළැක්වීම සඳහා සුදුසුයි. ප්‍රති ඔක්සිකාරක වන ෆ්ලේවනොයිඩ්ස් සහ බීටා කැරොටින් වලින් ද ඒවා පිරී ඇත. කැරට් ඔබේ ශරීරයේ සෑම කොටසකටම හොඳයි, ඒ නිසා සෑම දිනකම ඔබ කැරට් යුෂ රසවිඳින්න.

2. හරිත කොළ එළවළු

කැරට් වගේම කොළ පැහැති එළවළු ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්නයි! ඒවා යුෂ කර පානය කිරීමෙන් ඔබේ ශරීරයට පළමුවෙන්ම ජීර්ණය නොවී පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම පහසු කරයි. ඔබ කොළ පැහැති හරිත වර්ග යුෂ කර පානය කිරීමෙන් එය ඔබේ අක්මාව මෘදු ලෙස පිරිසිදු කිරීමට උපකාරී වේ.

3. ග්‍රින් ටී

ඔබ සුපිරි පානයක් සොයනවා නම් හරිත තේ නැත්නම් ග්‍රීන් ටී වලට වඩා වැඩි යමක් බලන්න එපා. හරිත තේ ප්‍රති ඔක්සිකාරක වලින් පිරී තිබෙනවා. මෙම හරිත තේ පිළිකා සටන්කරුවෙක් විදිහටත් ඔබේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හරිත තේ ඔබේ ශරීරයේ මේදය දහනය කිරීමට උපකාරී වන අතර ඔබේ අක්මාව මත ඇති බර ද අඩු කරයි. දිනකට හරිත තේ කෝප්පයක් පානය කිරීමෙන් ලැබෙන අතිරේක සජලනය ඔබේ අක්මාවටද උපකාරී වෙනවා. රසකාරක එකතු නොකිරීමට උත්සාහ කරන්න.

4. කහ තේ

කහ කියන්නේ ඉන්දියානු ආහාරවල බහුලව දක්නට ලැබෙන කුළුබඩු වර්ගයක්. එය ඔබේ අක්මාවට සහාය වන වඩාත් ප්‍රබල කුළුබඩු වර්ගයක්. කුඩු කරගත් කහ වලින් ඔබට කහ තේ සෑදිය හැකි‍යි. උතුරන වතුරට කහ තේ හැන්දක් එක් කරන්න, මිනිත්තු 10 ක් පමණ පැසෙන්න හරින්න. ලෙමන් යුෂ ස්වල්පයක් සහ කළු ගම්මිරිස් ඇටයක් එක් කරන්න. කහ තේ ඔබේ අක්මාව හානිවලින් ආරක්ෂා කරන අතර ඔබේ අක්මාවේ නව සෛල පුනර්ජනනය කිරීමට පවා උපකාරී වෙනවා.

5. ඇඹුල් පළතුරු

ඇඹුල් පලතුරු වල ඇති විටමින් සී සහ ප්‍රති ඔක්සිකාරක ඔබේ අක්මාව පිරිසිදු කිරීම සඳහා විශිෂ්ට ලෙස ගැළපෙනවා. ලෙමන්, මිදි, දොඩම් සහ දෙහි වැනි ඇඹුල් පලතුරු වල ඇදහිය නොහැකි විටමින් සී සහ ප්‍රති ඔක්සිකාරක මට්ටම් අඩංගුයි. ඔබට නැවුම් පළතුරු තෝරාගෙන මිරිකා යුෂ පානය කළ හැකියි. ජලය සමග නැවුම් ලෙමන් ගෙඩියක් මිරිකා පානය කිරීම අක්මාව පිරිසිදු කිරීමක්. එය සරලයි වගේම ඵලදායී යි.

ඒ වගේම තන්තු බහුල ආහාර වලින් ඔබේ බඩවැල්වල චලනය වැඩි කිරීමෙන් ඔබේ අක්මාවට තුලට ඇතුල්වෙන විෂ ඉවත් කිරීමට උපකාරී වෙනවා. අප සඳහන් කළ බොහෝ බීම වල තන්තු අධිකයි. ඇපල් යුෂ හා වට්ටක්කා පවා අක්මාව පිරිසිදු කිරීමේ සරල ක්‍රමයක්. ප්‍රබල තන්තුමය පානයන් සඳහා ඔබට කෙසෙල්, අලිගැට පේර, ඕට්ස් හෝ කස කසා බීජ එක් කර ගත හැකියි. විශේෂයෙන්ම ඔබේ අක්මාව සතුටින් තබා ගැනීම සඳහා අමතර ජලය පානය කිරීමට මතක තබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,452
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,838
   34

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,846
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed