වසවිස දාන්නේ නැතිව කෙසෙල් කල් තබා ගැනීමට පහසු උපක්‍රම

March 11, 2021
6,057
How to keep bananas without spoiling for more days
ඔයාගේ නිවසට රැගෙන එන එළවළු සහ පලතුරු නිසි ලෙස ගබඩා නොකිරීම නිසා විශාල ප්‍රමාණයක් භාවිතයට ගන්න බැරි විදිහට නාස්ති වෙලා අපතේ යන අවස්ථා උදා වෙලා ඇති. ඒ වගේම ඔයා ජිවත් වෙලා ඉන්න ප්‍රදේශයේ දේශගුණය ද ඒ සඳහා බලපානවා. ඊට හේතුව අධික උණුසුම වගේම අධික සිතල ද සමහර එළවළු සහ පලතුරු නරක් කිරීමට බලපානවා. එහෙනම් අද හැඩකාරී අපි ඔයාට කෙසෙල් දිගු කාලයක් නැවුම්ව තියා ගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් කියලා දෙන්න හිතුවා.

1. කෙසෙල් එල්ලා තබන්න
කෙසෙල් ඇවරිය ගසෙන් කපා ගත් මොහොතේම ඉදෙන්න පටන් ගන්නවා. කෙසෙල් ඇවරිය ගසෙන් වෙන්කර ගත්තාම වහාම කඳේ එතිලීන් වායුව මුදා හැරීමට පටන් ගන්නවා. කොහොම වුණත් ඔබ කෙසෙල් එල්ලා තබනකොට ඒ ඉදෙන වේගය අඩු කෙරෙනවා. ඊට අමතරව කෙසෙල් තැලීම ද වැළැක්වෙනවා.




2. කොළ පැහැති කෙසෙල් මිලදී ගන්න
ඔබ සුපිරි වෙළඳසැලක ගියාම කොළ සහ කහ පැහැති කෙසෙල් අතරින් ගන්න හොඳම මොකක්ද කියලා තෝරා ගැනීමට සිත සිතා ඇති. අපි බොහෝ විට කහ පැහැති කෙසෙල් විකල්පය විදිහට තෝරා ගන්නවා. ඒවා හරිම රසවත්. කොහොම වුනත්, කොළ පැහැති කෙසෙල් තෝරා ගැනීම වඩා හොඳයි. දවසකට විතර පස්සේ ඉදුණු කෙසෙල් කෑමට ගන්න පුළුවන්.




3. ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් ෆොයිල් එකකින් ඔතන්න
ටික දවසකට පස්සේ කෙසෙල් ගෙඩියේ ඉහළ කොටසින් එතිලීන් වායුව පිටවෙන්න ගන්නවා. ඉදීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීම සදහා ඔබ ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් ෆොයිල් එකකින් කෙසෙල් ගෙඩියේ ඇවරියේ ඉහල කොටස ඔතන්න.




4. ඉදුණු සෑම කෙසෙල් ගෙඩියක්ම ශීතකරණයේ තබන්න
ශිතකරණයේ කෙසෙල් තැබීම ගැන මොකද හිතන්නේ? ඔබ මෙය මීට පෙර දැක නැති බවට විශ්වාසයි. ඉදුණු කහ කෙසෙල් ශීතකරණයේ තබා ගැනීමෙන් පලතුරු වල ආයු කාලය දීර්ඝ කර ගන්න පුලුවන්. කොහොම වුණත් කොළ පැහැති කෙසෙල් ශිතකරණයේ තැබීම හොඳ අදහසක් නෙමෙයි.




5. කෙසෙල් Freeze කරන්න
කෙසෙල් කල් තබා ගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි කෙසෙල් ඉදුණු විට Freeze කිරීම. කෙසෙල් ලෙල්ල ඉවත් කර කෑලි වලට කපා ගන්න. පසුකාලීනව ශීත කළ පළතුරු වට්ටෝරුවක් සදා ගැනීමට ඔබට අවශ්‍ය නම් මෙය වඩාත් පහසු වෙයි!




6. කෙසෙල් පෙට්ටියක් මිලදී ගන්න
ඔබ මේ කියන්න යන අත්දැකීමට ලබලා ඇති බවට සැකයක් නැ : ඔබ වැඩ කරන ස්ථානයට කෙසෙල් ගෙඩියක් රැගෙන යන්න ඕනේ වුණත්, නමුත් ඔබ ඔබේ සේවා ස්ථානයට පැමිණෙන විට කෙසෙල් ගෙඩිය දුඹුරු පැහැයක් අරන් ඇති. ඒ නිසා කෙසෙල් ගෙඩි ඔබේ බෑගයේ දැමිමෙන් වළකින්න. පෙට්ටියක දැමීමෙන් කෙසෙල් තැලීමද වළක්වා ගන්න පුළුවන්. කෙසෙල් දැමීමට ඔබට කෙසෙල් පෙට්ටියක් අවශ්‍ය වන්නේ ඒ නිසයි.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1949 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:19 PM
Script:/article/1949/how-to-keep-bananas-without-spoiling-for-more-days.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:20 PM
Script:/article/1949/how-to-keep-bananas-without-spoiling-for-more-days.html