ඔබ ඔහුට වඩා විශේෂ වෙන්නේ මෙන්න මේ නිසයි

March 14, 2017
5,821
What makes a woman special
ඇත්තටම කාන්තාවක් උනත් පිරිමියෙක් උනත් මේ හැම කෙනෙක්ම බොහොම සුවිශේෂයි. නමුත් කොච්චර කාලයක් අදට ගතවෙලා තිබුනත් තවමත් අපේ සමාජයේ මුල් බැස ගත්ත දෙයක් තමයි පිරිමි කාන්තාවන්ට වඩා වැදගත් කියන එක. මේ නිසාම අදටත් අපිට සමහර වෙලාවල් වලට කාන්තාවන් ගැන අහන්න දකින්න ලැබෙන්නේ බොහොම සෝචනීය පුවත්. සමාජයේ මතය මොකක් උනත් කවදාවත් එක වෙනස් නොවුනත් ඇත්තටම කාන්තාව කියන්නේ බොහොම සුවිශේෂී කෙනෙක්. මොකද පිරිමියෙක්ට කල නොහැකි බොහෝ දේවල් ඇයට කරන්න පුළුවන්. ඇත්තටම කාන්තාවකට අවශ්‍ය වෙන්නේ නැහැ ඇය පිරිමින්ට වඩා විශේෂයි කියලා ලෝකයට පෙන්වන්න. ඇයට අවශ්‍ය වෙන්නේ නිදහසේ සතුටින් ගරුත්වයේ යුතුව ජිවත් වීමට අවශ්‍ය පරිසරයක් පමණයි. කොහොම උනත් මේ තමයි කාන්තාවක් පිරිමින්ට වඩා සුවිශේෂී වෙන්න බලපාන හේතු.

1. දරුවන් ලැබීමේ හැකියාව

මේ කාර්යට පිරිමියාගෙන් දායකත්වයක් ලැබුනත් මාස 9ක් පුරාවට දරුවෙක්ව තමන්ගේ කුස තුල තියාගෙන ඇතිදැඩි කිරීමේ හැකියාව තිබෙන්නේ කාන්තාවකට පමණයි. මෙය තමයි පිරිමින්ට හිමි නොවන කාන්තාවට හිමිවන සුවිශේෂීම හැකියාව.

2. වේදනාවන් ඉවසාගෙන සිටීමේ හැකියාව

දරු ප්‍රසූතියකදී කාන්තාවන්ට දැනෙන්නේ ශරීරයේ අස්ථි සියල්ල එකවර බිදී යන ආකාරයේ වේදනාවක්. නමුත් ඔවුන් ඒ වේදනාව දරාගෙන තමන්ගේ දරුවාව මෙළොවට බිහිකරනවා. ඒ වගේමයි කාන්තාවන් එදිනෙදා ජිවිතයේ වැඩ කටයුතු කරන විටත් කෙතරම් වේදනාවන් දැනුනත් ඔවුන්ගේ අතින් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්භාරය නොපිරිහෙලා ඉටු කරනවා.

3. කාර්යන් කිහිපයක් එකවර සිදු කල හැකියි

මෙයත් කාන්තාවන් සතු විශේෂ හැකියාවක් ඇයට පුළුවන් වැඩ කිහිපයක් උනත් එකවර ඉටු කරන්න. ඇයට නිවසේ උයන පිහන ගමන් දරුවන් බලාගන්න වගේම රැකියාවට අදාල වෙනත් වැඩක් උවත් ඉටුකළ හැකියි.

4. කාන්තාවන්ට ඕනෑම කෙනෙක් සමග හොදින් සන්නිවේදනයේ යෙදිය හැකියි

අවස්ථානුකුලව ඇයට පුළුවන් ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් සමග හොදින් අදහස් හුවමාරු කරගන්න. මේ නිසාම තමයි කාන්තාවන් විශේෂ හැකියාවක් දක්වන්නේ භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතා අඩු මුදලකට ඒවා ලබාගන්න.

5. කාන්තාවන් වැඩි ආයු කාලයක් භුක්ති විදිනවා

ඇත්තටම බහුතරයක් කාන්තාවන් පිරිමින්ට වඩා වැඩිකාලයක් ජිවත් වෙනවා. මේකට හේතු වෙන්නේ ඔවුන් වැඩිපුර තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන එක. කොහොම උනත් ඇත්තටම කාන්තාව ලෙඩක් දුකක් හැදුනම පිරිමින්ට වඩා වැඩි අවධානයක් ඒ පිළිබදව දක්වන නිසා තමයි ඔවුන් මේ විදිහට වැඩි කාලයක් ජිවත් වීමේ භාග්‍ය හිමිකර ගන්නේ.

6. ඇයට ඕනෑම දෙයක් හොදින් හදුනාගත හැකියි

පිරිමියෙක්ට වඩා ඉක්මනින් ඇයට ඕනෙම අවස්ථාවක් හදුනාගෙන එයට සාර්ථකව මුහුණ දිය හැකියි. ඒ වගේම පවුලේ කෙනෙක් ප්‍රශ්නෙක කරදරයක ඉන්න අවස්ථාවල ඇයට බොහොම හොදින් ඔවුන්ගේ තත්වය හදුනාගත හැකියි. මේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ පිරිමින්ට වඩා කාන්තාව පවුලේ උදවිය සමග ලගින් ඇසුරු කිරීම නිසයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 122 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:15 AM
Script:/article/122/what-makes-a-woman-special.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:16 AM
Script:/article/122/what-makes-a-woman-special.html