මමයි මගේ දිරියයි එය මටයි මගේ රටටයි

March 28, 2019
6,007
My strength for my country
" කුසුමා අක්කේ ආරංචි නැද්ද අලුත්ම සිද්දිය " 

" මොකක්ද බන් නංගියේ ? "

" ඇයි දන්නේ නැද්ද ලීලාවතිගේ පොඩි කෙළිත් ගාමන්ට් ගිහින්ලු."

" ඇත්තට මං මේ උබ කියනකල් දන්නේ නෑ නංගියේ . එහෙනං ඉතින් ඒකිත් ඉවරයි." 

" අනේද කියන්නේ ගමට වෙලා කසාදයක් කරගෙන දරුවෙක් මල්ලෙක් හදාගෙන ඉන්නේ නැතුව එවුන් යනවා රට අල්ලන්න. "

" එවුන් නම් ඕනේ දෙයක් කරගත්තට කමක් නෑ බන් මට බය මේ අපේ එවුන්ටත් ඔය විකාර බෝ වෙයිද කියලා."

මේ සාමානයෙන් අපිට නිතරම නැතත් ඉඳ හිට හෝ අහන්න දකින්න ලැබෙන පුංචි කතාවක්. අපේ සමාජය හැඩගැහිලා තියෙන විදිහට මිනිස්සු ගොඩක් දේවල් ගැන තීරණය කරන්නේ ඒ දේවල් ගැන මතු පිටින් අහන්න දකින්න ලැබෙන දේවල් මත. හැබැයි අපි හැම වෙලාවකම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි ඕනෙම දෙයක ඇත්ත ස්වරුපය නැත්නම් යථාර්තය අපි ඒ ගැන හිතන දෙයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් කියන කාරණාව. 

නිකමට හිතලා බලන්නකෝ ඇඟලුම් ක්ෂේත්‍රය ගැන මතුපිටින් බලල කතාබහ කරන මේ අය  ජිවිතේ එක දවසක් හරි ඒ තැනකට ගිහින් ගත කරලද මේ කතාව කියන්නේ කියලා. මේ අය ගොඩක් වෙලාවට කතා කරන්නේ සමාජයේ එහෙන් මෙහෙන් ඇහෙන දේවල් ටිකක් එකතු කරගෙන ඒ දේවල් ඇත්ත කියලා හිතාගෙන. හැබැයි ඒ අය කිසිම දවසක දන්නේ නැහැ තමන් කතා බහ කරන දේවල් වල ඇත්තම ස්වරුපය මොකක්ද කියලා. ඒ නිසා අද අපි ඔබත් එක්ක කතාබහ කරන්න හිතුවේ අභිමානයේ දෑතින් දැයක් ලියකම් කරන ඇඟලුම් යුවතිය ගැන වගේම ඔවුන්ට  ජිවිතේ දකින සිහින සැබෑ කරගන්නට සෙවන දෙන ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳවයි. කියවලාම බලන්නකෝ  ඇඟලුම් ක්ෂේත්‍රය කොහොමද ඇඟලුම් යුවතියගේ ජීවිතය සාර්ථක කරගන්න සෙවන දෙන්නේ කියලා.

01. පවුලට ශක්තියක්

කාන්තාවන් විදිහට අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ අපේ පවුල ආරක්ෂා කරගෙන පවුලට ශක්තියක් වෙමින් ජිවත් වෙන්න. ඒ බලාපොරොත්තුව ඔබට ඉටු කරගන්න ඇඟලුම් ක්ෂේත්‍රය තුලදී ඔබට ලැබෙන්නේ ආර්ථික මට්ටමින්  ලැබෙන ශක්තියක්  විතරක් නෙවෙයි නොයෙකුත් සංවර්ධන වැඩසටහන් ඔස්සේ ඔවුන් ඔබව දැනුමින් හැකියාවන් අතින් ශක්තිමත් සහ පරිපුර්ණ කාන්තාවන් බවට පත් කරනවා. ඒ පන්නරය ඔබට ඔබේ පවුල, ආර්ථිකය කළමනාකරණය කරගෙන සමාජයේ උසස් මට්ටමකින් ජිවත් වෙන්න වගේම දරුවන් හොඳින් පෝෂණය කරමින් ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්නත් මඟ පෙන්වීම කරනවා. මේ නිසා ඇඟලුම් ක්ෂේත්‍රය තුලදී ඔබ වගේම ඔබේ පවුලත් සාර්ථකයි.

02. තෘප්තිමත් රැකියාවක්

රැකියාව කරන්න සහ එහි රැඳී සිටින්න බලපාන මුලිකම කාරණාවක් තමයි රැකියාවක තෘප්තිමත් භාවය කියන්නේ. අපි අපි කරන රැකියාව කරන්නේ සතුටින් නම් අපිට කිසිම අවස්ථාවක අවශ්‍ය වෙන්නේ නැහැ ඒ රැකියාව අත්හරින්න. ඇඟලුම් ක්ෂේත්‍රය කියනෙත් ඔබට උපරිම තෘප්තිමත් බාවයකින් රැකියාව කරන්න පුළුවන් තැනක්. මොකද වෙනත් රැකියාවන් වලදී ඔබට ලැබෙනවටත් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් සහ ඉහල වැටුපක් ඔබට ලබාගන්න පුළුවන්. ඒ  වගේම ඔබට සතුටින් මානසික නිදහසකින් වැඩ කරන්න පුළුවන් පරිසරයක් වගේම ඔබ උපයන වැටුප ඉතිරි කර ගනිමින් කටයුතු කරගන්න පුළුවන් විදිහට දිවා ආහාරය වගේම නොමිලයේ ප්‍රවාහන සේවා ඇතුළු සේවාවන් රැසකුත් ඔබට ලබාගන්න පුළුවන්. මේ නිසා ඇඟලුම් යුවතියක් ලෙස ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන ඔබට දැනෙන්නේ තමන්ගේ රැකියාව ගැන උපරිම තෘප්තිමත් බවක්.

03. සමාජයෙන් පිළිගැනීමක්

ඔබ ඔබේ දෑතේ මහන්සියෙන් උපයාගත් මුදලින් කාටවත් අත නොපා සාර්ථකව ජිවත් වෙන කාන්තාවක් නම් ඔබට සමාජයෙන් ලැබෙන්නේ ලොකු පිළිගැනීමක්. ඔබ හොඳ නිවසක් යාන වාහන සහ හොඳ වැටුපක් ලබාගෙන ජිවත් වෙන විට ඔබට ගම රටේ හැම දුකකටම පිහිටවෙමින් සතුට ගෙනෙනා මුල වෙන්න  පුළුවන්. මොකද ඔබ ගත කරන්නේ  තවත් කෙනෙක්ට උදවුවක් ආදර්ශයක් වෙන්න පුළුවන් ජීවිතයක්.  ඇඟලුම් යුවතියක් ලෙස ඔබේ ජීවිතය සාර්ථක කර ගනිමින් සමාජයේ පිළිගැනීමක් සහිතව  ජිවත් වෙන්න අවශ්‍ය කරන දැනුම වගේම ආර්ථික ශක්තියත්, නිවැරදි මඟ පෙන්වීමත් ඇඟලුම් ක්ෂේත්‍රය තුලදී ඔබට නොඅඩුවම ලැබෙනවා. මේ නිසා ඕනෑම තැනකදී ඔබට ලැබෙන්නේ සමාජයෙන් ලොකු පිළිගැනීමක්. 

04. ඔබට වටිනාකමක්

ඔබේ අධ්‍යාපන මට්ටම මොකක් උනත් ඔබේ උනන්දුව සහ කැපවීම මත ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළටම යන්න ඔබට පුළුවන්. ඒ  ගමන යන්න ඔබට මඟ පෙන්වන්න දේශීය වගේම විදේශීය පුහුණුවීම් වලටත් ඇඟලුම් ක්ෂේත්‍රය තුලදී ඔබව යොමු කරනවා. ඒ  විතරක් නෙවෙයි ඇඟලුම් ක්ෂේත්‍රය තුලදී ඔබට ලැබෙන්නේ ඉහලම වටිනාකමක්. මොකද අභිමානයේ දෑතින් ඔබයි දැයක් ලියකම් කරන්නේ, ඒ වගේම ලොවක් සරසන ඇඳුම ඔබේ දෑතිනුයි නිර්මාණය වෙන්නේ. ඔබ මසන මැස්මේ හයිය අරගෙන මුළු රටක්ම නැගී සිටිනවා මේ නිසා ඇඟලුම් ක්ෂේත්‍රය තුලදී ඔබට ලැබෙන්නේ අභිමානයෙන් යුතු වටිනාකමක්.

කාන්තාවක් කියන්නේ ජීවිතේ එළබෙන ඕනෙම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දීලා ජීවිතය දිනන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන කෙනෙක්. කාන්තාවක් විදිහට ඔබ කාටත් වඩා හොඳින් දන්නවා ඔබේ ශක්තිය ගැන. ඒ නිසා ඔබේ ජීවිතය වෙනුවෙන් සිහින දකින්න ඒ සිහින සැබෑ කරගන්න සම්පුර්ණ අයිතියක් කාන්තාවක් විදිහට ඔබට තියෙනවා. ඒ සිහින සැබෑ කරගෙන ජීවිතය දිනන්න යන ගමන සාර්ථක කර ගන්න ඔබ යන්න ඕනේ තැන තීරණය කිරීමේ සම්පුර්ණ අයිතියත් ඔබට තිබෙනවා. එහෙනම් ඔබව සිමා කරන දේවල් වලින් මිදිලා ජිවිතේ දිනන්න බලාපොරොත්තු වෙන ඔබට සෙවනක් බලාපොරොත්තුවෙන් ගොඩ වෙන්න පුළුවන් හොඳම තැන තමයි ඇඟලුම් ක්ෂේත්‍රය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1290 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:27:49 PM
Script:/article/1290/my-strength-for-my-country.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:27:50 PM
Script:/article/1290/my-strength-for-my-country.html