සඳුදා භයානකද? එහෙනම් නව සතියකට සූදානම් වීමට ක්‍රම 9 ක් මෙන්න

March 14, 2021
1,996
Is Monday dangerous?
සති අන්තයන් අප සිතනවාට වඩා ඉක්මනින් පියාසර කරනවා. ඒ අතරතුර අපිව නැවත සඳුදා වෙත පැමිණෙන්නේ අලුත් සතියක් නැවත ආරම්භ කරමින්! විවේකය නොමැතිකම, වැඩිපුර වැඩ කිරීම හෝ රැකියා ස්ථානයේ සිටින පුද්ගලයින් වගේ සාධක ගණනාවක් නිසා සඳුදා කියන්නේ ගොඩක් අයට භයානක සහ කලකිරුණු හැඟීමක් ගෙනත් දෙන දවසක්.

එදාට අවදි වෙලා වැඩ කිරීමේ සිතුවිල්ල ඔබව අපහසුතාවයට පත් කරනවාද? එය ඔබේ මානසික ආතතිය හා කාංසාව වගේ හැඟීම් ඇතිකරනවාද? එසේත් නැත්නම් ඔබට බොහෝ විට මන්දගාමී බවක් සහ පෙළඹවීමක් නොමැති බවක් දැනෙනවාද? මෙම ප්‍රශ්න බොහොමයකට ඔබ ඔව් යැයි කීවා නම්, ඔබ අනිවාර්යයෙන්ම සඳුදා දිනය සම්බන්ධ ගැටලු වලින් පීඩා විඳිනවා. ඒ කාරණය ඇත්ත නම්, වඩා හොඳ ආකාරයකින් ඔබට ඒ බාධක ජය ගන්න පුලුවන් කරුණු නවයක් මෙන්න.

1. හොඳ දේවල් ලැයිස්තුවක් සාදන්න
සතිය ආරම්භ කිරීමට පෙර, ඉදිරි සතිය සඳහා ඔබව උනන්දු කරවන කරුණු අවම වශයෙන් තුනක් හෝ හතරක් ලැයිස්තුගත කරන්න. මෙය ඔබව වඩාත් ධනාත්මක මනෝභාවයකට අරගෙන යයි.

2. සති අන්තයේ වැඩ නොකරන්න
ඔබ රැකියාවෙ වැඩ ඉවර කරනකොට, ඔබ එය සම්පූර්ණයෙන්ම අවසන් කරන බවට වග බලා ගන්න. සති අන්තයේ ඊමේල් හෝ වැඩ හා සම්බන්ධ ඕනෑම දෙයක් පරීක්ෂා කිරීම නවත්වන්න. වැඩ සහ ජීවිතය අතර සීමාවන් ඇඳීමට උත්සාහ කරන්න.

3. විවේකීව නිදාගන්න
ඔබ හොඳ විවේකයක් අරගන්න. ඒ සඳහා සති අන්තයේ ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නා බවට සහතික කර ගන්න. හොඳින් විවේකයෙන් සිටිනකොට උදේට අවදි වුණාට පස්සේ ඔබේ මනෝභාවයන් නිවැරදිව සකසා ගන්නත් පුලුවන්.

4. වැඩ කිරීමෙන් පසු යම් සැලසුමක් තබා ගන්න
ඔබේ මුළු ජීවිත කාලයම වැඩ බවට පත් කරගන්න එපා. වැඩ කිරීමෙන් පස්සේ විවේකයක් ගත කරන්න යම් සැලසුමක් තබා ගන්න. එය පොතක් කියවීම හෝ චිත්‍රපටයක් නැරඹීම තරම් සරල එකක් වෙන්නත් පුලුවන්. එයින් ඔබට පෙලඹවීමක් ඇති කරවන අතර අපේක්ෂා කරන මනසේ සාමය ඔබට ලැබෙයි.

5. වෙනත් කෙනෙකුගේ දිනයක් බවට පත් කරන්න
ඔබට සියලුම සඳුදා දිනයන් එපා වීමක් දැනෙනවා නම්, එදාට වෙනත් කෙනෙකු වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන්න. කෙනෙක් වෙනුවෙන් කරුණාවන්ත උදව්වක් කරලා දෙන්න. එතකොට ඔවුන්ගේ සිනහව ඔබට ධනාත්මකව සිටීමට සහ මුළු දවසම හොඳ පෙළඹවීමක් දැනීමට ප්‍රමාණවත් වෙයි.

6. ඔබම සන්සුන් වන්න
වැඩ පීඩනය සැබෑවක් වුණත්, ඔබට ඒවායින් ලැබෙන පීඩනය නිසා ඔබටම හානි කර ගන්න එපා. ඔබ සහ ඔබේ පවුලේ අය වෙනුවෙන් නිසි ගුණාත්මක කාලයක් ගත කරන්න. එය ඔබ වෙනුවෙන් වෙන් කරන රූපලාවණ්‍ය කටයුත්තක් හෝ මිතුරෙකු සමඟ යොදා ගන්න හමුවීමක් වුණත් එහිදී ඔබ ඔබටම තෘප්තිමත් විදිහට ගත කරන්න මතක තබා ගන්න. සඳුදා දිනය ද සැමරුමක් ලෙස සලකන්න. එදාට දවස හරහා යාත්‍රා කිරීම එතකොට ඔබට පහසු වෙයි.

7. ඔබේ කරදර ලියන්න
හොඳ දේවල් ලැයිස්තුවක් සෑදීම හරහා ඔබව ධනාත්මක මනෝභාවයකට පත් කරන්නේ කොහොමද යන්න මෙන්ම, කනස්සල්ලට පත්වන දේවල් ලිවීමෙන් ඔබට මානසික ආතතිය දුරු කර ගැනීමටත්, සන්සුන්ව හා ඵලදායී වීමටත් උපකාරී වෙනවා.

8. ඔබගේ ව්‍යායාම පුරුද්ද අතපසු නොකරන්න
ඔබට කම්මැලි සහ මන්දගාමී බවක් දැනුනත්, ඔබගේ ව්‍යායාම මඟ හරින්න එපා. හොඳ ව්‍යායාම සැසියකින් මුළු දවසටම ශක්තියක් ලබා ගන්න පුලුවන්. ව්‍යායාම අතරතුර නිකුත් කරන හෝමෝන ඔබේ ශරීරයට සැබවින්ම ධනාත්මක බලපෑමක් ඇති කරනවා. ඔබේ මනස සහ සමස්ත මනෝභාවයට පවා ඒකෙන් යහපත් බලපැමක් එල්ල වෙනවා!

9. ඔබ කළ යුතු දේවල් ලැයිස්තුව සැහැල්ලුවෙන් තබා ගන්න
එය සතියේ පළමු දිනය නිසා එපා වෙන බවක් ඔබට වැටහෙනවා නම් ඉතා ඵලදායී සටහනකින් දවස ආරම්භ කරන්න. නමුත් ඔබ වැඩ අධික ලෙස ඔබ මතට පටවා ගැනීමෙන් යහපතට වඩා වෙන්නේ හානියක්. ඒ නිසා මන්දගාමීව වැඩ ටික ආරම්භ කරන්න. සඳුදා කළ යුතු දේවල් සැහැල්ලුවෙන් කරන්න. ඔබේ සීමාවන් අනවශ්‍ය ලෙස තල්ලු කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,452
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,837
   33

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,845
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed