ජපාන කාන්තාවන්ගේ තරුණ පෙනුම, ජවය, ලස්සන රැක ගන්න ඔවුන් ඇත්තටම මොකද කරන්නේ?

April 26, 2017
40,895
Food habits that help Japanese women stay slim
කවුරු කොහොම මොනවා කිවුවත් ලෝකය පුරාම ලස්සනම කාන්තාවෝ ජපාන කාන්තාවෝ කියල පිළිගැනීමක් තියෙනවා. ඔවුන් අවුරුදු 25දී පෙනුම 18වගේ. අවුරුදු 40දී පෙනුම 25වගේ. කොහොමද මේ විදිහට පෙනුම රැකගෙන හරිම ලස්ස්නට ජිවත් වෙන්නේ?

අනිත් එක ඔබ කල්පනා කරලා බලන්න, ජපන් කාන්තාවෝ කිසිම කෙනෙක් මහත් නෑ. හරිම කෙට්ටු ශරීර වලටයි ඔවුන් හිමිකම් කියන්නේ.

අපි නොදන්න විශේෂ ඩයට් ප්ලෑන් එකක් තියෙනවද? ගොඩාක් දෙනා හිතනවා ඔවුන් ආහාරයට ගන්නේ සුශිස් විතරමයි කියලා. මේ ගැන හොයලා බැලුවහම ආරංචි වුනේ එහෙම විශේෂයක් නෑ කියලයි.

ජපාන කාන්තාවන්ගේ තරුණ පෙනුම, ජවය, ලස්සන රැක ගන්න ඔවුන් ඇත්තටම මොකද කරන්නේ?

ගන්න ආහාර තමයි ඒකට ප්‍රධානම හේතුව. ගන්න ආහාර, ආහාර පිළියෙළ කර ගැනීම, ඒවා ආහාරයට ගන්න ක්‍රමය සහ වැලකි ඉන්න ආහාර වලින් ඔවුන්ගේ ඒ ලස්සනට ලොකු බලපෑමක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියල. අපිත් ආසනේ ලස්සනට හැඩට ඉන්න.

1. සම්බල ආහාර වේලක් ගැනීම

ජපන් කාන්තාවෝ සුශිස් විතරමයි ආහාරයට ගන්නේ කියලා කතාවක් තිබුනට එක වැරදියි. ඒ අය හැම වෙලේම සමබල ආහාර වේලක් ලබා ගන්නවා. එළවලු, පලතුරු, මුහුදු පැළෑටි, මාළු, සෝයා, බත්, green tea ඔවුන්ගේ ආහාර වෙල් වල දක්නට ලැබෙනවා. හැමවෙලේම සමබල ආහාර ගන්න උත්සාහ කරන ඔවුන් අධික කැලරි සහ ක්ෂණික ආහාර වලින් සම්පුර්ණයෙන්ම වැලකිලයි ඉන්නේ.

හැම වෙලේම ආහාර වල නැවුම් ගතිය රැකගෙන තමයි ඔවුන් ආහාර පිළියෙළ කරන්නේ. ආහාර ලබා ගන්නේ. කාලගුණයට ඔබින විදිහට අහාර පිළියෙළ කරගන්න එක තවත් ප්‍රධාන කරුණක්. ජපානයේ සීත කාලයට මස්,මාළු, උණු බිම වර්ග, සුප් වර්ග භාවිතා කරනවා. රස්නේ කාලයට මුහුදු ආහාර, සිතල බිම, සුප් වර්ග, සැලඩ් වර්ග භාවිතා කරනවා.

2. ආහාර පිළියෙළ කිරීමේ ක්‍රම

ජපන් කාන්තාවෝ ඔවුන්ටම ආවේනික විශේෂ ක්‍රම වලට තමයි ආහාර පිළියෙළ කර ගන්නේ. බාගෙට තැම්බීම, වාෂ්පයෙන් තැම්බීම, ග්‍රිල් කිරීම සහ තෙල් පොඩ්ඩක් යොදා බැදීම තමයි ඔවුන් භාවිත කරන ක්‍රම. මේ වෙනුවෙන්ම සැකසු විශේෂ උඳුන් ඔවුන් සතුයි. වැඩිය සැර, මිරිස්, තුනපහ එකතු කරන්නේ නෑ වගේම එළවලු තම්බා ගත් වතුර තමයි අනික් ආහාර පිළියෙළ කරන්න ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. මේ විදිහට ඔවුන් ආහාරයේ රසය, ගුණය, නැවුම් බව වගේම පෙනුම ආරක්ෂා කර ගන්නවා.

3. ආහාර ගැනීමේ රටාව

රටාවකට ආහාර ගන්න එකත් ජපාන වැසියන් දිනපතා අනුගමනය කරන සිරිතක්. ඔවුන් කිසිම කලබලයක් නැතුව, වාඩි වෙලා, හරිම හිමින්, පුංචි ආහාර කොටස් තමයි ආහාරයට ගන්නේ. ඔවුන්ගේ කෑම පිඟන් ප්‍රමාණයෙන් කුඩායි.එක එක ආහාර වර්ගයට පුංචි පුංචි පිඟන් පාවිච්චි කරනවා. ආහාර බෙදා ගනිද්දී පිඟානේ කට ළඟටම උතුරන්න කෑම බේදා ගන්නේ නෑ. එක එක සෝස් ජාති භාවිතය හරිම අඩුයි. මොකද ආහාරයේ ස්වභාවික පෙනුමට ඉන් බලපෑමක් ඇති වෙන නිසා. මේ විදිහට කනකොට කොහොමත් උවමනාවට වඩා, බඩ පැලෙන්න කන්න විදිහක් ඇත්තෙම නෑ තමයි.

4.සීනි ඇත්තෙම නැති තරම්

අපි වගේ ප්‍රධාන ආහාරයට පස්සේ සීනි,සහිත පැණි රස ආහාර පස්සේ මේ අය දුවන්නේ නෑ. කේක් අයිසින් මේ අය ආහාරයට ගන්නෙම නැති තරම්. ජපානයේ අයිස්ක්‍රීම් හදල තියෙන්නෙත් හාල් භාවිතා කරලා. ඉතින් හිතාගන්නකෝ තරම. හරිම කලාතුරකින් තමයි අතුරුපසකට ඔවුන් යොමු වෙන්නේ. එහෙම කෑවත් සීනි, තෙල් ඉතාමත්ම අඩුවෙන් යොදපු අතුරුපසක පුංචිම පුංචි කොටසක් තමයි ඔවුන් ආහාරයට ගන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 240 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:57:25 AM
Script:/article/240/food-habits-that-help-japanese-women-stay-slim.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:57:25 AM
Script:/article/240/food-habits-that-help-japanese-women-stay-slim.html