පූර්ව ගර්භනී සමයේ නිතර ඇති වන ඔක්කාරයට හේතුව මෙන්න මේකයි

August 30, 2018
5,233
Reason for nausea in early pregnant period
ගර්භනී සමය කියන්නේ හැම කාන්තාවක්ම විවිධ ශාරීරික අපහසුතා රැසකට මුහුණ දෙන කාලයක්නේ. විශේෂයෙන් ගැබ් ගැනීමකින් පසුව ගත වන මුල් මාස කිහිපය තුළ ගොඩක් මව්වරුන්ට ඇති වෙන ශාරීරික අපහසුතාවයක් තමයි ඔක්කාරය කියන්නේ. මේ තත්ත්වය ඇති වෙන්න බලපාන්නේ මොන හේතුවද සහ ඒ අපහසුතාවයෙන් මිදෙන්න මොනවද කරන්න පුළුවන් කියල තමයි මේ කියන්නේ.

සාමාන්‍යයෙන් ඔක්කාරය ඇති වීම ගැබ් ගැනීමෙන් පළමු සති කිහිපය තුල ආරම්භ වෙනවා. ඒ කියන්නේ හතරවන සතියේ වගේ ඉඳන් සති 9ක් 11ක් වගේ කාල සීමාවක් දක්වා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.ඒ වගේම ගොඩක් දෙනෙක්ට මුල් මාස කිහිපයෙන් පසුව මේ ඔක්කාර තත්ත්වය සුව වෙනවා. තවත් ඉතා සුළු පිරිසකට මෙම තත්වය ගර්භනී කාලය පුරාවටම වරින් වර ඇති වෙන්න පුළුවන්. ගැබ් ගත් මුල් කාල සීමාව තුල ඇති වන ආහාර අරුචිය හේතුවෙන් ගොඩක් අයට ඔක්කාරය වගේම වමනය ඇති වෙන්න පුළුවන්. එකට හේතුව මේ කාලයේදී ගඳ සුවඳ දෙකට වෙනදට වඩා වැඩියෙන් සංවේදීතාවය ඇති වීමයි.

ඒ වගේම මවට හිසරදය වැනි රෝගී තත්ත්වයන් තිබේ නම් සහ ජානමය හේතුන් නිසාවෙනුත් ගර්භනී සමයේදී ඔක්කාරය ඇති වෙන්න පුළුවන්.ගර්භනී සමයේදී ඊස්ටජන් හෝමෝනය වර්ධනය වීම වැඩි වශයෙන් සිදු වීම මේ තත්ත්වය ඇති වෙන්න තවත් හේතුවක් වෙනවා.

කලිනුත් කිව්වා වගේ ගර්භනී සමයේදී ගඳ සුවඳ දැනීම කියන එක වෙනදට වඩා වැඩියෙන් සිදු වෙනවනේ. මේ විදියට ඇති වෙන සංවේදීත්වය වැඩි වීම නිසා ඇතැම් වෙලාවල් වලට ආහාර පාන හෝ වෙනත් දේවල් නිසා මවට ඔක්කාරය හෝ වමනය ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම සමහර මව්වරු මේ සම්බන්ධයෙන් අනිසි බියක් දක්වනවා. නමුත් මේ ඔක්කාර තත්ත්වය දරුවාටවත් මවටවත් හානි කිරීමට හේතු වෙන්නේ නෑ. ඒ නිසා ඒ ගැන අනවශ්‍ය විදියට බිය විය යුතු නැහැ. තවත් අය තමන්ට ඔක්කාරය ඇති නොවීම ගැන බිය වෙනවා. නමුත් ඒ තත්ත්වයත් බිය වීමට හේතුවක් නෙවෙයි. නමුත් ඔබට ඒ ගැන වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් හිතේ තියෙන සැක සංකා සියල්ල දුරු කර ගන්න පුළුවන්.

ඔක්කාර තත්ත්වය අඩු කර ගන්න කියලා හිතෙන හිතෙන අත් බෙහෙත් කරන්න යන්න එපා. ඇතැම් විට ඒ දේවල් ඔබටත් කලලයටත් හානිදායක වෙන්න පුළුවන්. ඒ නිසා ඔක්කාරය තත්ත්වය දිගටම පවතී නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   56,670
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   27,022
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   57,261
   17

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
Changes in your body if you consume cod-liver oil daily
   98,298
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Seeni Sambol Recipe
   10,673
   16

සීනි සම්බෝල - Recipe

කිරිබතක්, ඉඳිආප්ප ටිකක්, රෝස් පාන් කෑල්ලක් කනකොට සීනි සම්බොලයක් ගෙදරම හදා ගත්තොත් ඒ ආහාර වේල සතුටින් රසවිඳින්න පුලුවන් වෙයි

Latest Articles

Most Viwed