ඔයත් බින්ජ්-වොච් (Binge-Watch) කරන කෙනෙක්ද?

January 4, 2022
5,790
Are you binge-watching too?
Binge-watch (බින්ජ්-වොච්) කියන වචනය 2013දී ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ වසරේ වචනය බවට පත් වෙනවා.. මෙයට හේතුව රූපවාහිනී වැඩසටහනක කථාංග නැත්නම් එපිසෝඩ් කිහිපයක් එක දිගට නැරඹීම බොහෝ දෙනාගේ ජනප්‍රිය ක්‍රියාකාරකමක් බවට පත්වෙමින් තියෙන නිසයි..

බින්ජ්-වොච් කියන එකේ තේරුම මොකක්ද? Binge-watch කියන්නේ සාමාන්‍යයෙන් 'DVD හෝ ඩිජිටල් ප්‍රවාහය මගින් (රූපවාහිනී වැඩසටහනක) කථාංග කිහිපයක් එකදිගට නැරඹීම' යන්නයි.
අද මිලියන ගණනක් දෙනා මේ ආකාරයෙන් අපගේ ප්‍රියතම කතා මාලාව නිතිපතා නරඹන්න පුරුදුවෙලා තියෙනවා. මෑත වසර කිහිපය තුළ අන්තර්ජාල සේවාවල ව්‍යාප්තිය මේක තවත් ලේසි කරන්න හේතු වෙලා තියෙනවා. පුදුමයට කරුණ නම්, පර්යේෂණවලින් පෙනී යන්නේ COVID ලොක්ඩවුන් අතරතුර, අපගෙන් බොහෝ දෙනෙක් වෙනදාට වඩා අධික ලෙස නැරඹීමට කාලය ගත කළ බවයි.

නමුත් අධික ලෙස නැරඹීම ගැටලුකාරී හෝ ඇබ්බැහි වීමක් විය හැකිද? මේකෙන් ඔබට මිදෙන්න අමාරුයි වගේ දැනෙනවද?

පර්යේෂකයන් පවසන ආකාරයට බින්ග්-වොච් ගැටළුකාරී බවකට පත් වෙලාද කියන එක කොච්චර එපිසෝඩ් ගානක් බලන්වද කියන එකෙන්වත්, එය බලන පැය ගානෙන්වත් මනින්න බැරි බවයි. අනෙකුත් ඇබ්බැහි හැසිරීම් මෙන්ම, වඩා වැදගත් වන්නේ අධික ලෙස නැරඹීම පුද්ගලයාගේ ජීවිතයේ අනෙකුත් පැතිවලට ඍණාත්මක බලපෑමක් ඇති කරන්නේද යන්නයි.



බින්ග්-වොච් ඇබ්බැහි හැසිරීමක මූලික අංග 6ක් ඇත

1. ජීවිතයේ වැදගත්ම දෙය බවට එකදිගට කථාංග නැරඹිම පත් වීම (වැදගත් ලෙස සිතීම)

2. තමන්ගේ මනෝභාවය නැත්නම් මූඩ් එක වෙනස් කරගන්න ලේසිම ඉක්මන්ම ක්‍රමය ලෙස බින්ග්-වොච් භාවිතා කිරීම (මනෝභාවය වෙනස් කිරීම)

3. තම ජීවිතයේ රැකියාව, අධ්‍යාපනය සහ සබඳතා තරමටම නැරඹීම සඳහාද ප්‍රමුඛත්වය ලබාදීම (ගැටුම)

4. නැරඹීමට ගත කරන පැය ගණන දිනෙන් දින සැලකිය යුතු ලෙස වැඩිවීම (දරාගැනීම)

5. යම් හෙයකින් කථාංගය නැරඹීමට නොහැකි වුවහොත් කායික සහ මානසික රෝගයන් මතුවීම (පසුබැස්ම)

6. අධික ලෙස නැරඹීම තාවකාලිකව නැවැත්වීමට සමත් වුවත්, නැවත නැරඹීම පටන්ගතහොත් පෙර චක්‍රයටම නැවත පැමිණීම (නැවත පැමිණීම)

ඉහත අංග හය සම්පූර්ණ කරන ඕනෑම පුද්ගලයෙක් අධික ලෙස කථාමාලා නැරඹීම කෙරෙහි ඇබ්බැහි වී ඇති බවට පැවසිය හැකි අතර ඉහත කරුණු කිහිපයක් පමණක් ඇති පුද්ගලයන් ඇබ්බැහි වෙමින් පවතින ලෙසට සැලකිය හැකියි. නමුත් ලිංගික ඇබ්බැහි වීම, වැඩට ඇබ්බැහි වීම සහ ව්‍යායාම වලට ඇබ්බැහි වීම වැනි වෙනත් බොහෝ චර්යාත්මක ඇබ්බැහිවීම් මෙන් අධික ලෙස කථාමාලා නැරඹීමට ඇබ්බැහි වීම කිසිදු මනෝචිකිත්සක අත්පොතක මෙතෙක් නිල වශයෙන් හඳුනාගෙන නොමැති අතර එය තවදුරටත් පර්‍යේශණ මට්ටමේ තමයි තියෙන්නේ.

කථාමාලා නරඹන එක ප්‍රශ්නයක් වන මට්ටමට අවිත් ද කියල බලන්න මේ ප්‍රශ්න ටික ඔබ ඔබෙන්ම අහල බලන්න..

1. ඔබ ඔබේ රාජකාරි / දෛනික වැඩ කටයුතු අතපසු කරමින් මේවා නරඹනවද?
2. ඔබ එය නරඹන්න නොහැකිවුනොත් ඔබට දුකක් කනස්සල්ලක් දැනෙවද?
3. සතියකට කොපමණ වතාවක් ඔබ ඒවා නරඹන්න නිදිමරණවද?

එකේ (කවදාවත් නෑ) සිට හය දක්වා (සෑම විටම) ලකුණු පරාසයක මේ ප්‍රශ්ණ තුනට ලකුණු දෙන්න. බලන්න ඔබ මොන මට්ටමේද ඉන්නේ කියා.. ඔබට ඔබ ගැනම ඇගයීම කල හැකියි..

පර්යේෂකයන් පවසන අන්දමට කථාමාලා අධික ලෙස නැරඹීම ප්‍රශ්නයක් වූ අයගේ මෙන්න ඒ වගේ ලක්ෂන දකින්න තිබුනලු.

1. ආවේග පාලනය කරගැනීමේ නොහැකි බව
2. කිසියම් හෝ වැඩක් පෙර සැලසුම් නොකරන ගතිය
3. ප්‍රශ්නයකින් මිදීමට/ පැනයාමට එකදිගට කථාමාලා නැරඹීම
4. කාංසාව, තනිකම මගහරවා ගන්න මේවා එකදිගට නැරඹීම

අනික ඔවුන් දැනගත් තවත් දෙයක් තමයි, ඒ ඇබ්බැහි වූ බොහෝ දෙනා, පෙර හෝ ඒ වනවිටත් මානසික ආතතිය, කාංසාව යන තත්ත්වයන්ට ගොදුරුවූ අය බව..



අධික ලෙස රූපවාහිනි / පරිඝනක නැරඹීම මගහැර ගන්නේ කෙසේද..?

ඔබ අධික ලෙස නැරඹීම සඳහා ඇබ්බැහි වී ඇතිනම් එය එකවර අඩුකර ගැනීම තරමක් අසීරු විය හැකියි. නමුත් ඔබට පහත පියවරයන් උත්සාහ කළ හැකියි.

1. ඔබ නැරඹුම් කාලය අඩු කරගන්න උත්සාහ කරනවා නම් හොඳම ක්‍රමය තමයි, එපිසෝඩ් එක මැදදී බලන එක නතර කරන එක. එපිසෝඩ් එක අවසන් වෙනකම් බැලුවොත් ඔබට අනිත් එපිසෝඩ් එකත් බලන්න හිතෙනවා. ඒ නිසා එපිසෝඩ් එක මැදදී බලන එක නතර කරන්න.

2. ඔබ නරඹන පැය ගනන පැය 2 1/2කට සීමා කරගන්න. ඔබ දවසේ වැඩකටයුතු ටික නියම ආකාරයෙන් අවසන් කළා නම් එයට තෑග්ගක් හැටියට ඔබට තව පැයක් වැඩිපුර නරඹන්න පුලුවන්. ඒ වගේ ස්වයං නීති ඔබ ඔබටම පන්වා ගන්න.


වඩා වැදගත් වන්නේ ඔබ පාලනය කරගත නොහැකි ලෙස රූපවාහිනිය හෝ පරිඝනක නැරඹීමට යොමුවී ඇතැයි ඔබට සිතෙනවා නම් හෝ එය ඔබට පාලනය කරගැනිමට නොහැකි නම් හෝ එමගින් ඔබගේ ජීවිතය කෙරෙහි ඍණාත්මක බලපෑම් සිදුකරන බවට හැගෙනවා නම් ඔබ ඉක්මණින් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවී සායනික මනෝ වෛද්‍යවරයකු කරා යොමුවීම ඉතාමත් වැදගත් වනවා.. මන්ද ඇබ්බැහි වීම් බොහෝ විට ඊට යටපත් වී ඇති වෙනත් ගැටළුකාරි තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   53,179
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Weralu benefits
   22,747
   22

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…
Food to regulate your menstrual circle
   46,453
   20

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   14,168
   20

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා

Latest Articles

Most Viwed