මානසිකව ශක්තිමත් දරුවෙකුගේ දෙමාපියන් කෙබඳුද?

March 22, 2019
7,762
Mentally strong kids’ parents are like this
මානසිකව ශක්තිමත් දරුවෙක් කියන්නෙ හැම දෙමවුපියෙකුගෙම සිහිනයක්. ඒ ඇයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒකට හේතුව වෙන්නෙ මානසිකව ශක්තිමත් දරුවෙකුව ලේසියෙන් වට්ටවන්නට අපහසු වීම සහ ඒ දරුවා අනිවාර්යෙන්ම සාර්ථක සහ හොඳ පුරවැසියෙකු වීම අනිවාර්ය කරුණක් වීම.

දරුවෙකු මානසිකව ශක්තිමත් කරන්නට දෙමවුපියන් සතු අනිවාර්ය ලක්ෂණයක් වන්නේ ඕනෑම පසුබෑමක් නැවත නැගී සිටින්නට අවස්ථාවක් ලෙසින් දැකීමයි. එය දරුවාගේ සිත තුළ අලුත් බළාපොරොත්තු ඇති කරවන කාරණයක් වෙනවා. හිතේ වරදකාරී හෝ පසුගාමී බවක් සහිතව නොහැසිරෙමින් දෙමාපිය කාර්යයන් ඉටු කිරීමත් අතිශය වැදගත්. ඔවු, ඔබත් ඔබේ දරුවාත් අතර කාරණයන් වලදී මෙන්ම දරුවා ඉදිරිපට අඹුසැමියන්ගේ හැසිරීමේදී දරුවා නිසා හෝ බිරිඳ නිසා හෝ සැමියා නිසා කිසිඳු වරදක් සාධාරණීකරණය නොකළ යුතුයි. එය දරුවාට අනිසි ලෙසින් මානසිකව බළපානවා. උදාහරණයකට දරුවාට යමෙකු පසු කාලයකදී ඔයා මට ආදරෙයි නං මේ දේ කරන්න කියල කිවුවොත්, දරුවාගේ හිත ඒ වෙනුවෙන් නැවෙන්නට මෙවැනි හැඟීම් කුඩා කාලයේදීම හිතේ පැළ පදියම් වීම හේතුවක් වෙනවා.

ලෝකයෙන් දරුවාට ලැබෙන හෝ ගත හැකි දේ නොව නිතරම දරුවාට ලෝකයට දිය හැකි දේ පෙන්වන්න. ඔබ දරුවාට වතුර එක පවා ලඟට ගෙන ගොස් දෙනවානම් එය දරුවාට වැරදි පෙළඹවීමක් වෙනවා. දරුවා අවට ලෝකයෙනුත් එය බළාපොරොත්තු වේවි.
හැමදෙයින්ම දරුවාව ආරක්ෂා කිරීම දෙමාපිය සිහිනයක් වුවත්, එයින් දරුවා බිය හඳුනා නොගන්න තැනට වැටෙන්නට පුළුවන්. දරුවන්ට බිය විය යුතු දෑ පෙන්වන්න. එය බිඳගෙන යන අයුරු උගන්වන්න. එවිට දරුවා වඩා සාර්ථකව සමාජයට මුහුණ දේවි. දරුවන්ගේ අදහස් විමසන්න. රාත්‍රී ආහාරයට ලබාගන්නේ කුමක්ද කියා දරුවාගෙන් විමසන්න. නිවාඩු කාලයේ විනෝද ගමන යා යුත්තේ කොතැනටද යන්නට දරුවාගේ අදහස් ගන්න. ඔබ කැමති තැනට දරුවා ගෙන යනවාට වඩා දරුවාට තීරණ ගැනීම බලය සහ දරුවාගේ තීරණයේ වැදගත්කම පහදන්න. ගෙදර වැඩ වලින් කොටසක් දරුවාටත් දෙන්න. දරුවාගේ බිඳ වැටීම්වලදී දරුවා සමග ඉන්න. දරුවා සමගම නැගී සිටින්න. දරුවා සතුටු වෙද්දී සතුටු වෙනවාටත් සිත් තැවුලෙන් සිටියදී බැන වදිනවාටත් වඩා මානුෂීය සහ වැඩිහිටියෙකුගේ අයුරකින් දරුවා හා ගනුදෙනු කරන්න.

දරුවාට කරන දඬුවම වරදක් නොකරන්න කරන අනතුරු ඇඟවීමක් නොව වරදේ බරපතලකම හා බැඳෙන සිහිපත් කිරීමක් ලෙසින් සිදුකරන්න. දරුවන් තුළ විනය ඇති කරවන්න. කෙටි ක්‍රම දරුවාට හුරු නොකරවන්න වග බලාගන්න.

දරුවාට ලේසියෙන් දේවල් කරන ක්‍රමය කුඩා කාලයේදී උගන්වන්න එපා. කලක් දරුවා විසින් ඒ ඒ දේවල් සිදු කරගත්පසු දරුවාම කෙටි ක්‍රමය සොයාගන්නා තුරු ඉවසා බලා සිටින්න. ෂෝට් කට්ස්වල ට්‍රැෆික් වැඩි බව හිතට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1285 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:12:07 PM
Script:/article/1285/mentally-strong-kids-parents-are-like-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:12:08 PM
Script:/article/1285/mentally-strong-kids-parents-are-like-this.html