අලුත උපන් දරුවාගේ වර්ධනය හා පෝෂණය ගැන ඔබ දැනුවත්ද?

December 4, 2017
5,530
Are you aware of your new born child’s growth and nutrition
තමන්ගේ දරු පැටියා නිරෝගිමත්ව හැදෙන වැඩෙන එක තමයි හැම අම්ම කෙනෙකුගේම වගේම තාත්තා කෙනෙකුගේම ප්‍රාර්ථනාව. වර්ධනය වෙනවා කියන්නේ උස බර වැඩි වෙන එක විතරක් නෙවෙයි. විශේෂයෙන් කුඩා අවදියේදීම දරුවාගේ වර්ධනීය ලක්ෂණ මෙන්ම දුර්වලතා ගැනත් මවක් අනිවාර්යෙන් හොඳ අවදානෙකින් ඉන්න ඕනෑමයි. අලුත උපන් දරු පැටියාගේ මෙන්න මේ කියන දේවල් ගැන ඔයා වැඩි අවදානයක් දිය යුතුයි. වයස මාසයක් ගිය තැන දරුවා තුළ පහත ලක්ෂණ පෙන්නුම් කල යුතුයි.

1. හුරුපුරුදු හඬක් හෝ ශබ්දයක් ඇසෙන විට ඒ දෙසට හිස හැරවිය හැකි වීම 

2. කිරි උරා බීමේදී ඒ දෙසට දරුවාගේ අත ගෙන ඒමට සහ පියයුරු ස්පර්ශ කළ හැකි විය යුතුයි

3. දරුවාගේ නිකට හෝ මුහුණ හෝ අතගාන විට එදෙසට හිස හැරවිය හැකි විය යුතුයි

4. දරුවාට තම අත් දෙකම තම මුහුණ දෙසට ගෙන ඒමට හැකියාව තිබීම 

දරුවා තුල ඇති වන මේ තත්ත්යන් ගැන ඔබ වැඩි පුර සංවේදී විය යුතුයි 

1. කිරි උරා බීම ප්‍රතික්ෂේප කිරීම

2. අත් පා චලන සුළු වශයෙන් පමණක් සිදු කිරීම

3. අධික ශබ්ද වලට සහ දීප්තිමත් ආලෝකයට දක්වන ප්‍රතිචාරය අවම වීම හෝ ප්‍රතිචාර නොදැක්වීම 

4. අධික ලෙස  වමනය

5. පාචනය 

යන කාරණා පිළිබඳව දරුවාගේ ප්‍රතිචාර මොනවද කියන එක ගැන වැඩි අවදානයක් දිය යුතුයි. ඒ වගේම දරුවාගේ පෝෂණය ගැන මවක් අනිවාර්යෙන් සිතිය යුතුයි. ඔබේ අලුත උපන් බිළිඳාගේ පෝෂණය වෙනුවෙන් මේ දේවල් අනිවාර්යෙන් කල යුතුයි. ඒ වගේම අවශ්‍ය වූ අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ප්‍රමාද වෙන්න එපා.

පැය 4ට වරක්වත් දරුවාට මවු කිරි ලබා දෙන්න. 

පිටි කිරි ලබා දීමෙන් හැකි තරම් වලකින්න.

දරුවා උඩ අතට වඩා ගනිද්දී දරුවාගේ හිසට ආධාරකයක් සපයන්න.

දරුවා මෘදුව ස්පර්ශ කරන්න. සුරතල් කරන්න. දරුවාගේ පළමු භාෂාව වෙන්නේ ස්පර්ශයයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 560 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:08 PM
Script:/article/560/are-you-aware-of-your-new-born-child-s-growth-and-nutrition.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:08 PM
Script:/article/560/are-you-aware-of-your-new-born-child-s-growth-and-nutrition.html